රට පුරා විවිධ ප්රදේශවල ඉදිකරන ලද ‘ගෝඨා ගෝ ගම’ ශාඛා ඉවත් කරන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
කොළඹ ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන් විසින් ඉදි කරන ලද ‘ගෝටා ගෝ ගම’ විරෝධතා භූමියට සමගාමීව මේවා ඉදි කර ඇත.
ආරක්ෂක අංශ විසින් කොලඹ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම දැනුම් දීම කර ඇත.