රට මුදාගත් නායකයා ජනපතිතුමායි
ජනපති තුමනි අපි ඔබට ආදරෙයි. ඔබයි මේ රට මුදාගත් මහා වීරත්වය ප්‍රකට කළ නායකයා යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ. මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගනිමින් ත්‍රස්තවාදය තුරන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනපතිතුමන්ට ජනතාව ප්‍රශංසා කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
සරත් ෆොන්සේකා මහතා ට නිදහස පතා ඊයේ (7) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවති අධිෂ්ඨාන පූජාව මෙහෙයවමින් සෝභිත හිමියෝ මේ බව කීහ. ත්‍රස්තවාදය නිම කළ පසු ආරක්ෂක ලේකම් තුමාටත් ජනතාව ප්‍රසංශා කළා.
සරත් ෆොන්සේකා මහතාත් එහිදී සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ මහතාට නිදහස ලබාදුන හොත් ඔබයි ජනපතිතුමනි මේ රටේ ශ්‍රේෂ්ඨතම නායකයා යැයි ද උන්වහන්සේ පැවසූහ.