රට මුදාගත් නායකයා ජනපතිතුමායි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රට මුදාගත් නායකයා ජනපතිතුමායි

Rev_Sobitha.jpg

ජනපති තුමනි අපි ඔබට ආදරෙයි. ඔබයි මේ රට මුදාගත් මහා වීරත්වය ප්‍රකට කළ නායකයා යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ. මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගනිමින් ත්‍රස්තවාදය තුරන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනපතිතුමන්ට ජනතාව ප්‍රශංසා කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සරත් ෆොන්සේකා මහතා ට නිදහස පතා ඊයේ (7) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවති අධිෂ්ඨාන පූජාව මෙහෙයවමින් සෝභිත හිමියෝ මේ බව කීහ. ත්‍රස්තවාදය නිම කළ පසු ආරක්‍ෂක ලේකම් තුමාටත් ජනතාව ප්‍රසංශා කළා.

සරත් ෆොන්සේකා මහතාත් එහිදී සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ මහතාට නිදහස ලබාදුන හොත් ඔබයි ජනපතිතුමනි මේ රටේ ශ්‍රේෂ්ඨතම නායකයා යැයි ද උන්වහන්සේ පැවසූහ.
 
  • Like
Reactions: chanaka chana
මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියලා ... දැන් ඒකෙ සදාකල් ඉන්න මාර්ගයක් හදා ගත්තා ... මහජනයගෙ දේපල මහ දවල් කොල්ලකන සුනාමි හොරා
 
  • Like
Reactions: manura-prince

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
භික්ෂූන් සුළු පිරිසක් ජනතාව නොමඟ යවනවා

භික්ෂූන් සුළු පිරිසක් ජනතාව නොමඟ යවනවා

කඹුරුගමුවේ වජිර හිමි
Vajira_thero.jpg

ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට දේශපාලන වශයෙන් සහාය දැක් වූ ස්වාමීන් වහන්සේ සුළු පිරිසක් යුද්ධාධිකරණ තීන්දුව යොදාගෙන ජනතාව නොමඟ යැවීමට උත්සහ කරන බව මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ ප්‍රකාශ කරති. එහෙත් සංඝරත්නයේ බහුතරයක් ෆොන්සේකා සම්බන්ධ සිද්ධිය පිළිබඳව නිවැරැදි අයුරකින් ක්‍රියාකරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

ෆොන්සේකා මහතාට ලබා දුන් දඬුවම දේශපාලන පළිගැනීමක් නොවේ. ඔහු නීති විරෝධී ලෙස සිරගත කර ඇති බවට ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නැත. සක්‍රිය සේවයේ සිටියදී දේශපාලනයේ නිරතවීම සහ මූල්‍ය වංචා චෝදනා හතරකට ඔහු වරදකරු වී තිබේ. ඒ අනුව ඒවා විභාග කිරීමට පත්කළ යුද්ධාධිකරණය නීත්‍යනුකූල බවද උන්වහන්සේ පවසති. ෆොන්සේකා මහතාද හමුදාපති ධුරය දරද්දී යුද්ධාධිකරණ පත්කොට හමුදා නිලධාරින් සිරගත කොට ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මේ තීන්දුවට දේශපාලනය ගාවන්න හදන්න එපා

මේ තීන්දුවට දේශපාලනය ගාවන්න හදන්න එපා
සරත් හෙට්ටිආරච්චි පියතුමා
father_Sarath.jpg

සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවට ප්‍රචාරය කිරීමට ජාත්‍යන්තර විරුද්ධවාදීන් උත්සහ දරන බව සරත් හෙට්ටිආරච්චි පියතුමා ප්‍රකාශ කරයි. ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති හෙට්ටිආරච්චි පියතුමා වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මාතෘ භූමිය පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන මොහොතක ජාත්‍යන්තර විරුද්ධ වාදීන් කුමක් හෝ පාදක කරගෙන ඊට බාධා එල්ල කරන බවයි.

තමා කළ වරද පිළිගෙන ජනාධිපතිගෙන් සමාව ඉල්ලීමට ෆොන්සේකා මහතාට තවමත් අවස්ථාව තිබෙන බව පියතුමා ප්‍රකාශ කරයි. රටේ ඉදිරි ගමනට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින හෙට්ටිආරච්චි පියතුමා විරුද්ධ මතවාදීන් හෝ ඒ සඳහා අනුබල දෙන්නන් හෝ කළ යුත්තේ සරත් ෆොන්සේකා මහතාව ලවා හෝ සියලු දෙනාම එක්ව සමාව අයැදීම බවද ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා සියලු රටවල අධිකරණ පද්ධතිය ශක්තිමත්ය. නීතිය ඉදිරියේ සියලු දෙනා එක සමානය. ෆොන්සේකාට එල්ල වූ චෝදනා සියල්ල ස්මරණය කර තීන්දුව ලබා දී තිබේ. හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මීට පෙර සිටම යුද්ධාධිකරණ තිබූ බවද පියතුමා පෙන්වා දෙයි.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අධිකරණ තීන්දුවකට අභියෝග කිරීම සුදුසු නෑ

අධිකරණ තීන්දුවකට අභියෝග කිරීම සුදුසු නෑ

කෝම්පිටිය සුසීල හිමි

රටේ පිළිගත් අධිකරණයක් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කිරීම සුදුසු නොවන බව කෝම්පිටියේ සුසීල හිමියෝ පවසති. එමෙන්ම ඒ සඳහා හැකියාවක්ද නැත. ෆොන්සේකා මහතාට එරෙහිව පැවති චෝදනා සම්බන්ධයෙන් රටේ නීති පද්ධතිය තුළ පිහිටුවූ යුද්ධාධිකරණය ලබා දුන්තීන්දුව පිළිගත යුතුය. රටේ මහා සංඝරත්නයෙන් බහුතරයක් ෆොන්සේකා මහතාට අදාළ සිද්ධිය පිළිබඳව මනා අවබෝධයකින් පසුවන බවද සුසීල හිමියෝ සඳහන් කරති.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මේක දේශපාලන පළිගැනීමක් නොවේ මාලිනි ෆොන්&#35

යුද්ධාධිකරණය මගින් දෙනු ලැබූ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සහ දරන බව ප්‍රවීණ නිළි පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලිනි ෆොන්සේකා මහත්මිය කියයි. නීතියේ සීමාව ඉක්මවා ක්‍රියාකිරීමට කිසිවකුටත් නොහැකිය. සරත් ෆොන්සේකා මහතාට දඬුවම් කර ඇත්තේ පවතින නීතිය අනුවය. සාමාන්‍ය ව්‍යවහාරය බැලුවත් හමුදාව වැනි තීරණාත්මක ස්ථානයක නීතියේ පාලනය හා විනය ආරක්ෂා විය යුතු බව ෆොන්සේකා මහත්මිය කියයි. රට අස්ථාවර කිරීමට විපක්ෂය ගෙන යන මේ දේශපාලන උප්පරවැට්ටියට සාමය අගයන සාමාන්‍ය ජනතාවගේ සහාය නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනිය අවධාරණය කර සිටී.
 
  • Like
Reactions: shanefarcry
Oct 5, 2010
52
3
0
මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියලා ... දැන් ඒකෙ සදාකල් ඉන්න මාර්ගයක් හදා ගත්තා ... මහජනයගෙ දේපල මහ දවල් කොල්ලකන සුනාමි හොරා

නිකන් මෝඩ කතා කියන්න එපා.....හරකෙක් උනාට උම්බෑ කියන්න එප බන්...

කොහෙද සදාකාලික වෙන්න හදා ගත්තේ ...අවුරුදු 6කින් මහජන චන්දයක් තියනවා....
උබයි මායි දන්න දේශපාලනේ.... ගිරව් වගේ අනුන් කියන එක කියවන්න එපා බන්....
 
Oct 5, 2010
52
3
0
windows karaya dinamina patta gahanawa .... thama terenne nadda owa anduwata kade yana wipakshate mada gahanna thiyena ewa kiyala ... kauru hari podi warnanawak mahindata kaloth eka 10-20 wadi karala thama danne ...hikzz

උබලා අනුමත කරන්නේ ලංකාඊනිවුස් , ලංකානිවුස්වෙබ්, ලංකාටෲත් නේ...:rofl::P
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
චාමචා;8415600 said:
නිකන් මෝඩ කතා කියන්න එපා.....හරකෙක් උනාට උම්බෑ කියන්න එප බන්...

කොහෙද සදාකාලික වෙන්න හදා ගත්තේ ...අවුරුදු 6කින් මහජන චන්දයක් තියනවා....
උබයි මායි දන්න දේශපාලනේ.... ගිරව් වගේ අනුන් කියන එක කියවන්න එපා බන්....

:yes:
 
rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ

    භික්ෂූන් සුළු පිරිසක් ජනතාව නොමඟ යවනවා

    කඹුරුගමුවේ වජිර හිමි
    Vajira_thero.jpg

    ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට දේශපාලන වශයෙන් සහාය දැක් වූ ස්වාමීන් වහන්සේ සුළු පිරිසක් යුද්ධාධිකරණ තීන්දුව යොදාගෙන ජනතාව නොමඟ යැවීමට උත්සහ කරන බව මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ ප්‍රකාශ කරති. එහෙත් සංඝරත්නයේ බහුතරයක් ෆොන්සේකා සම්බන්ධ සිද්ධිය පිළිබඳව නිවැරැදි අයුරකින් ක්‍රියාකරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

    ෆොන්සේකා මහතාට ලබා දුන් දඬුවම දේශපාලන පළිගැනීමක් නොවේ. ඔහු නීති විරෝධී ලෙස සිරගත කර ඇති බවට ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නැත. සක්‍රිය සේවයේ සිටියදී දේශපාලනයේ නිරතවීම සහ මූල්‍ය වංචා චෝදනා හතරකට ඔහු වරදකරු වී තිබේ. ඒ අනුව ඒවා විභාග කිරීමට පත්කළ යුද්ධාධිකරණය නීත්‍යනුකූල බවද උන්වහන්සේ පවසති. ෆොන්සේකා මහතාද හමුදාපති ධුරය දරද්දී යුද්ධාධිකරණ පත්කොට හමුදා නිලධාරින් සිරගත කොට ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

    කඹුරුගමුවේ වජිර හිමි.... මේ හාමුදුරු කෙනෙක් ද?? චීවර ධාරියෙක් ද??