රට වට යනකොට හිත යන කෑම කඩ

gepa

Well-known member
  • rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    උබල නුවර පෑත්තේ යනව නන් නුවර ඳළධා වීදියෙ තියෙයි White House Restaurant කියල එකක්.
    තෑන සුපිරි පිරිසිදුයි කෑම ජාතිත් තියෙයි ගානත් සාධාරණයි
    තරු පන්තියෙ එකක් නෙමෙ ඔන්න:rofl:

    Menu

    http://whitehouse.lk/menus

    Tripadvisor

    http://www.tripadvisor.com/Restaura..._House_Restaurant-Kandy_Central_Province.html
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    වාහනේ නුවර ඉඳලා කොළඹ යනවා නං අනිවාර්යෙන් කෑගල්ලේ අඹ සෙවනේ තමයි උදේට දවල්ට රෑට කන්නේ. කොළඹ ඉඳලා එනකොට බියගම පාරේ කැන්දිල එකේ උදේ කෑම කන්නේ. :D

    :love::love::love::love:
     

    gepa

    Well-known member
  • යාපනේ ඇවිත් බොහෝ දෙනෙක් අයිස් ක්‍රීම් කන්න යන ජනප්‍රියම තැන තමයි රියෝ අයිස් ක්‍රීම් අවන්හල.ඒත් යාපනේ වැසියන් අතර රියෝ අයිස්ක්‍රීම් අවන්හලටත් වඩා ජනප්‍රිය අයිස් ක්‍රීම් අවන්හලක් තියනවා.ඒ තමයි ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල.මෙය ටිකක් පරන අවන්හලක්.වෙනස් විදියේ රසවත් විවිදාකාරයේ අයිස් ක්‍රීම් කන්න එන්න හොඳම තැනක් තමයි Lingan Ice Cream

    lingan-950x616.jpg


    මෙහි මූලිකවම අයිස් ක්‍රීම් තමයි කන්න ගන්න තියෙන්නේ.එකෛනෙකට වෙනස් අයිස් ක්‍රීම් වර්ග 30කට වැඩි ප්‍රමානයක් කන්න ගන්න පුලුවන්.ඒ වගේම ඒ හැම අයිස් ක්‍රීම් එකකම රස එකිනෙකට වෙනස්.ඔවුන්ගේ සන්ඩෙ අයිස් ක්‍රීන් එකක් 200ක් වෙනවා.එහි රස ඉස්තරම. පැනි රස නම් ටිකක් වැඩියි වගේ.ඒ වගෙමයි මෙගා ස්පෙශල් නමින් තවත් අයිස් ක්‍රීම් වර්ගයක් ඔවුන් සතුයි.ඒක 150යි. චොකලට් නට් අයිස් ක්‍රීම් එක ඉහත අයිස් ක්‍රීම් වර්ග දෙකටම වඩා වෙනස් රසක්.මෙහි කජු නියම ප්‍රමානයට හොඳ රසයක් එක් කරනවා.ඒ වගෙමයි කිතුල් පැනි කලවම් උනු අයිස් ක්‍රීම් එක.ඒකක් 120ක් වෙනවා.මේ මිල ගනන් වලට ඉතාම සාදාරනයි.

    lingan1.jpg


    අයිස් ක්‍රීම් එක්ක පලතුරු සලාදයක් කන්න ගන්නවා නම් එය රුපියල් 80ක් පමනයි.ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් 120ක් වෙනවා. මේ මිල ගනන් ඔක්කොම ලොකු ප්‍රමානයේ අයිස් ක්‍රීම් ගනන්.ඔබට ඕනි නම් ටිකක් අඩුවෙන් අයිස් ක්‍රීම් ,මෙහි කුඩා ප්‍රමානත් මිලට ගන්න පුලුවන්.මෙහි රස එකිනෙකට එකක් වෙනස්.

    lingan3.jpg


    අයිස් ක්‍රීම් වලට අමතරම තවත් මෙහි ආවොත් බොන්න රසවත් බීම වර්ග තියෙනවා. ඒ අතරින් සුවිශේශීම බීම වර්ගය තමයි මිදි ය්ශ. 120ක් වගේ මිලකට ඉතා රසවත් මිදි යුශ වීදුරුවක් ඔබට බොන්න ගන්න පුලුවන්.යාපනේ හැදෙන මිදි වලින් තමයි මේ මිදි යුශ හැශෙන්නේ. ඒ නිසා රස වගේම ගුනයකිනුත් යුක්තයි.ඒ වගෙම නෙල්ලි බීම එකත් වෙනස් රස පාන්යක්.ඒකක් 50යි.දොඩම් යුශ වීදෘවක් 100ක් වෙනවා.ඒ වගෙම ඇපල් යුශ වීදුරුවක් 100යි. ඒ කත් ඉතාම රසවත් බීම වර්ගයක්.

    lingan4.jpg


    මේ අවන්හල තිබෙන්නේ නල්ලූර් කෝව්ලිල ඉදිරිපසින්.යාපනේ ඇවිත් කාගෙන් හරි නල්ලූර් කෝවිල අසලට යන හැටි අහගත්තා නම් මෙතන තිබෙන්නේ පාරෙන් අනික් පසට වන්නට කෝවිලට මුහුනලා.ඉතින් හොයා ගන්න එක අපහසු නෑ.ඒ වගෙම යාපනේ වැසියෙක්ගෙන් ඇහුවොත් ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල කොහිද කියා ඔවුන් හරියටම තැන කියාවි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යාපනේ ඇවිත් බොහෝ දෙනෙක් අයිස් ක්‍රීම් කන්න යන ජනප්‍රියම තැන තමයි රියෝ අයිස් ක්‍රීම් අවන්හල.ඒත් යාපනේ වැසියන් අතර රියෝ අයිස්ක්‍රීම් අවන්හලටත් වඩා ජනප්‍රිය අයිස් ක්‍රීම් අවන්හලක් තියනවා.ඒ තමයි ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල.මෙය ටිකක් පරන අවන්හලක්.වෙනස් විදියේ රසවත් විවිදාකාරයේ අයිස් ක්‍රීම් කන්න එන්න හොඳම තැනක් තමයි Lingan Ice Cream

    lingan-950x616.jpg


    බඩගිනියි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උබල නුවර පෑත්තේ යනව නන් නුවර ඳළධා වීදියෙ තියෙයි White House Restaurant කියල එකක්.
    තෑන සුපිරි පිරිසිදුයි කෑම ජාතිත් තියෙයි ගානත් සාධාරණයි
    තරු පන්තියෙ එකක් නෙමෙ ඔන්න:rofl:

    Menu

    http://whitehouse.lk/menus

    Tripadvisor

    http://www.tripadvisor.com/Restaura..._House_Restaurant-Kandy_Central_Province.html


    try lump rice on this place, very tasty .
     

    gepa

    Well-known member
  • lakefront5.jpg


    ලේක් ෆ්‍රන්ට් හෝටලය පිහිටන්නේ සුන්දර කන්තලේ වැව් ඉස්මත්තේ. ත්‍රීකුනාමලය පැත්තේ සංචාරයක් යනවානම් බඩගින්නක් හැදුනොත් නවතින්න හොඳ තැනක් තමයි මේ අවන්හල. රසවත් කෑම වෙලක් ගන්න වගේම සුන්දර කන්තලේ වැව් අසිරිය විඳගන්නත් ඔනට හැකියි මෙහි ආවොත්.මේ අවන්හල පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින්

    lake6.jpg

    සවස් යාමයට ඉර බසින මොහොත සුන්දර දසුන් වැව් ඉස්මත්තෙන් පෙන්නුම් කරනවා.අවට සුන්දරත්වය වගෙම ඇතුලත අවන්හලත් මනාව සකස් කර තිබෙනවා.මෙහි තට්‍ටු සහිත ගොඩනැගිල්ලේ වැව දෙසට වන්නට හිඳගෙන කෑම ගන්න පුලුවන්.ඇතුල ඉතා පිලිවෙලට පිරිසිදුව පවත්වාගෙන යනවා.කොහොම උනත් සවස් වරුවක වැවට කිට්‍ටු කරලා ආසන පනවාගන්නත් පුලුවන්.එහෙම කරනවා නම් තමයි හොඳම විදිය.

    lakefeature-950x510.jpg


    මෙහි චීන සහ දේශීය රසට කෑම වර්ග ගන්න පුලුවන්.රයිස් වර්ග විදියට ෆ්‍රයිඩ් රයිස් වර්ග නාසි සී ෆුඩ් බිරියානි වගේම චොප්සි රයිස් ඉස්සෝ පිලව් රයිස් වගේ ත් ගන්න පුලුවන්.මීට් ආමතරව නූඩ්ල්ස් සහ පැස්ටා වර්ග.විවිද වර්ගයේ සුප් අර්ග,වෙනව එලවලු වර්ග දීසි විදියට චොප්සි,දේශීය බිම්මල් ගාලික් කංකුං හොට් බටර්ඩ් මශෲම් වගේ ගන්නත් පුලුවන්,මීට මතරව සී ෆුඩ් වර්ග දීසි සහ රසවත් ඌරු මස් විවිද ආකරයට කන්න ගනත් මෙතන පහසුව සලසනවා.

    මෙතන කෑම වල මිල ගනන් ඉතා සධරනයෛ.ගෙවන මිලට ලොකු පෝශන් එකක් හම්බවෙනවා.සාමාන්‍යයෙන් එක රයිස් ලොකු පෝශන් එකක් දෙන්නෙක්ට උනත් ඇති.කැම වල රස ඉස්තරම්.මෙහි ගොඩක් ආහාර වල නියම රසක් තියනවා. කන්තලේ වැනි අගනුවරින් ගොඩාක් දුර තැනක මේ වගේ රසට ආහාර වේලක් ගන්න පුලුවන් වෙන එක ලොකු දෙයක්.මෙතනට ඇවිත් බඩ පිරෙන්න කන්න දෙන්නෙක්ට 1500ක් වගේ වෙනකොට පුලුවන්.

    lakefront3.jpg

    මෙතනට එනවා නම් කන්තලේ ත්‍රීකුනාමලය ප්‍රධාන පාරේ කන්තලේ වැව් තාවුල්ල දිගේ ඉදිරියට එන්න ඕනි.වැව මතින් තිබෙන පාර කොටස අවසන් වන හරියේම පාරෙන් වම් අත පැත්තේන් ඔබට මේ අවන්හල සහ හොටලය පහසුවෙන් දැක බලා ගන්න පුලුවන්.
    මෙතන දුරකථන අංකය වෙන්නේ 0263263461.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ela post ekak. rep +
    මේක හැබැයි කඩයක් නෙවේ. හැබැයි එකේ කෑම වලට මගේ හිත ගියා. රන්දෝලි කියන්නේ නුවර, හීරස්සගල තියෙන තරුපහේ (පහේ නෙවේ හතරේ) හෝටලයක්. ගාන වැඩි උනාට කෑම හොදටම හොදයි. නුවර තියෙන honeymoon හොටෙල් වලින් උඩින්ම තියෙන හොටෙල් එකෙක් මේ. කෑම සුපිරියට තියෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    :lol:

    මම ගාල්ලෙ ගිහින් ගියා සී ෆුඩ් කන්න කියල. මුන් 1 ඉස්සයි කෝට්ටක ගහල දුන්නෙ මාලු කෑල්ලක් එක්ක. පිස්සු ප#$#යලා. වටින ගානට සුපිරි සී ෆුඩ් කෑම තියන පොට් කියමු බලන්න :)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    pork thiyena kadayak nam machan baya nathuwa gihin kanna thiyenne.... :)


    නුවර පැත්තට යනකොට යක්කල තියන හොඳ අවන්හලක් තමයි ලෙටෝනා කැෆේ.තියෙන්නේ නුවර පාරේ යක්කල.ගම්පහ පැත්තේ වැඩිදෙනෙක් දන්න කියන තැනක් තමයි ලෙටෝනා කැෆේ කියන්නේ.
    letona1.png

    ලෙටෝනා එක ඉදිරිපස පාකිං සඳහත් යම් කුඩා ඉඩක් තිබෙනවා.වාහන හතර පහකට ඒ ඉඩ ප්‍රමානවත්.මෙතන ඇතුලත කුඩා ඉඩක තමයි අවන්හල පිහිටා තියෙන්නේ.මේ අවන්හල නැවුම් බවකින් පිරිලා. ඒ තිබෙන කුඩා ඉඩ අලංකාරව සකස් කල නිසා වෙන්න ඇති.අවන්හල ඇතුලත ඒසී කර තිබෙනවා.මෙස ඇතිරිලි සමග මල් පෝච්චියෙන් හැඩ මේස සීමිත ප්‍රමානයක් සමග නවීන ලීයෙන් කෙරූ පු‍ටු අවන්හලට අමුතු ගතියක් එක් කර තිබෙනවා.රාත්‍රියට කහ පැහැයෙන් වර්න ගැන්වූ බිත්ති මතට ආලෝකය වැටී අවන්හලට ගෙනෙන එලිය රස පිනා යන ආහාර දීසියකට වගේම හීනියට මදුවිතකට එක් වෙන්නටත් කදිමයි.කොහොම උනත් පවුලක් පිටින් ගිහින් ආහාර ගන්න යෝජනා කරන්නේ නෑ. මේ කුඩා ඉඩේ මදුවිත සහ ආහාර ගන්න තියෙන්නේ එකම තෑන.නිසයි එහෙම කියන්න වෙන්නේ.ඔවුන් උදේ ඉඳන් රාත්‍රී එකොලහ පමන වනතුරු විවුර්තයි.

    එහි ලාංකීය සහ චීන රසට කෑම ලබාගන්න පුලුවන්.මෙහි වරක් ආවොත් නැවත් මෙහි ඇවිත් කෑම ගන්න පෙලඹෙන තරමටම ආහාර රසවත්.කෑම විදියට කියනවා නම් ගොඩාක් රසවත් මික්ස් රයිස් එක. එය අපිට පෝක් සමග නැත්නම් බීෆ් සමග ගන්න පුලුවන්. ඉතාම රසයි. ඔවුන්ගේ නාමය තැබූ කෑම පීරිසිය මේසය මතට එන විට එහි පෙනුම සහ සුවඳ අපේ රස නහර අවදි කරනවා.. ඇත්තටම එය ඉතාම රසවත්.

    ඒ වගේමයි උනුවට දුම් දමමින් ඇති ඌරු මස් ඉස්‍ටු. එයත් ඉතාම රසවත්.කටට කෙල උනනවා..ඒ වගේමයි ඔවුන්ගේ සී ෆුඩ් රයිස් එක. රස අතින් ඉස්තරම්.ලුනු රස ගානට.සියල්ල නියමිත පදමට.අවුලක් කියන්න දෙයක් නැති තරම්.ඒ වගේම ඔවුන් ලෙනෝටා ස්පෙශල් රයිස් එකක් හදනවා.. එයත් ඉස්තරම්ලු. අපට එය නම් රස විඳින්න නොහැකි උනා.. ඔබටත් අප යෝජනා කරනවා ඉහත ආහාර රස බලන්න.. කොහොම උනත් සමස්තයක් විදියට බහුතරය කෑම රසවත්. ඒකයි මෙතන මෙතරම ප්‍රසිද්ධ.දෙදෙනෙක් එක්ක කන්න යනව නම් රුපියල් 1000ක් වගේ වියදම් කලොත් හොඳ හැටි බඩ පුරවන් එන්න පුලුවන්.හැම විටම කුඩා පෝශන් එකක් ගන්න. එය හොඳ හැටි ඇති තරම්.

    letonahome.png


    ඔවුන් ගේ සේවාව ගැන කියනවා නම් වේදනාකාරීව සෙමින් සිදුවන්නක්.මෙය කාර්‍ය බහුල වෙලාවකට වැඩි කාලයක් ඔබව මේසය මත හිඳුවා තබනු ඇති.හොඳ හැටි බඩගිනි වී ඇතුල් වෙන කෙනෙකුට සියුම් කේන්තියක් ගෙනදෙන්න තරම ඒ ප්‍රමාදය බලවත්. කොහොම උනත් ඔවුන්ගේ ආගන්තුක සත්කාරය හොඳයි. වේටර් වරු ඔබත් සමග සුහදශීලී වේවී.ඒත් අර ප්‍රමාදය?
    තව දෙයක් ඔබේ කාඩ් පත් මගින් උනත් බිල් ගෙවීමේ හැකියාව තියනවා මෙතනට ආවොත්.

    letona.png

    මෙතනට එනවා නම් කොලඹ ඉඳ නුවර පරේ මිරිස්වත්ත හංඳිය පහු කරලා කිලෝ මීටර් 1.5ක් වගේ එන්න ඕනි.පාරෙන් වම් අත පැත්තට වන්නට මෙය පිහිටා තියනවා
    මෙහි Take Away විදියට ආහාර ‍රැගෙන යාමේ පහසුව ඔවුන් සපයනවා.

    කොහොම උනත් අපි කලින් කිව්වා වගේ හීනියට මදුවිතකට උනත් මෙතන ඉස්තරම්.

    ඉස්සුවේ මගේ බඩජාරි ඩොට් කොම් සයිට් එකෙං