පට්ට රොටි කඩේ..
බඩගිණි හැදුනා බොල
elama thread ekak hari watinawa
දැන් ඉතින් රොටි කන්න මාතර යන්න හිතෙනවනේ
suppa mchan
thanks all
පට්ට රොටි කඩේ..
බඩගිණි හැදුනා බොල
elama thread ekak hari watinawa
දැන් ඉතින් රොටි කන්න මාතර යන්න හිතෙනවනේ
suppa mchan

වාහනේ නුවර ඉඳලා කොළඹ යනවා නං අනිවාර්යෙන් කෑගල්ලේ අඹ සෙවනේ තමයි උදේට දවල්ට රෑට කන්නේ. කොළඹ ඉඳලා එනකොට බියගම පාරේ කැන්දිල එකේ උදේ කෑම කන්නේ.![]()




යාපනේ ඇවිත් බොහෝ දෙනෙක් අයිස් ක්රීම් කන්න යන ජනප්රියම තැන තමයි රියෝ අයිස් ක්රීම් අවන්හල.ඒත් යාපනේ වැසියන් අතර රියෝ අයිස්ක්රීම් අවන්හලටත් වඩා ජනප්රිය අයිස් ක්රීම් අවන්හලක් තියනවා.ඒ තමයි ලින්ගන් අයිස් ක්රීම් අවන්හල.මෙය ටිකක් පරන අවන්හලක්.වෙනස් විදියේ රසවත් විවිදාකාරයේ අයිස් ක්රීම් කන්න එන්න හොඳම තැනක් තමයි Lingan Ice Cream
![]()
උබල නුවර පෑත්තේ යනව නන් නුවර ඳළධා වීදියෙ තියෙයි White House Restaurant කියල එකක්.
තෑන සුපිරි පිරිසිදුයි කෑම ජාතිත් තියෙයි ගානත් සාධාරණයි
තරු පන්තියෙ එකක් නෙමෙ ඔන්න
Menu
http://whitehouse.lk/menus
Tripadvisor
http://www.tripadvisor.com/Restaura..._House_Restaurant-Kandy_Central_Province.html



නුවර පැත්තට යනකොට යක්කල තියන හොඳ අවන්හලක් තමයි ලෙටෝනා කැෆේ.තියෙන්නේ නුවර පාරේ යක්කල.ගම්පහ පැත්තේ වැඩිදෙනෙක් දන්න කියන තැනක් තමයි ලෙටෝනා කැෆේ කියන්නේ.
![]()
ලෙටෝනා එක ඉදිරිපස පාකිං සඳහත් යම් කුඩා ඉඩක් තිබෙනවා.වාහන හතර පහකට ඒ ඉඩ ප්රමානවත්.මෙතන ඇතුලත කුඩා ඉඩක තමයි අවන්හල පිහිටා තියෙන්නේ.මේ අවන්හල නැවුම් බවකින් පිරිලා. ඒ තිබෙන කුඩා ඉඩ අලංකාරව සකස් කල නිසා වෙන්න ඇති.අවන්හල ඇතුලත ඒසී කර තිබෙනවා.මෙස ඇතිරිලි සමග මල් පෝච්චියෙන් හැඩ මේස සීමිත ප්රමානයක් සමග නවීන ලීයෙන් කෙරූ පුටු අවන්හලට අමුතු ගතියක් එක් කර තිබෙනවා.රාත්රියට කහ පැහැයෙන් වර්න ගැන්වූ බිත්ති මතට ආලෝකය වැටී අවන්හලට ගෙනෙන එලිය රස පිනා යන ආහාර දීසියකට වගේම හීනියට මදුවිතකට එක් වෙන්නටත් කදිමයි.කොහොම උනත් පවුලක් පිටින් ගිහින් ආහාර ගන්න යෝජනා කරන්නේ නෑ. මේ කුඩා ඉඩේ මදුවිත සහ ආහාර ගන්න තියෙන්නේ එකම තෑන.නිසයි එහෙම කියන්න වෙන්නේ.ඔවුන් උදේ ඉඳන් රාත්රී එකොලහ පමන වනතුරු විවුර්තයි.
එහි ලාංකීය සහ චීන රසට කෑම ලබාගන්න පුලුවන්.මෙහි වරක් ආවොත් නැවත් මෙහි ඇවිත් කෑම ගන්න පෙලඹෙන තරමටම ආහාර රසවත්.කෑම විදියට කියනවා නම් ගොඩාක් රසවත් මික්ස් රයිස් එක. එය අපිට පෝක් සමග නැත්නම් බීෆ් සමග ගන්න පුලුවන්. ඉතාම රසයි. ඔවුන්ගේ නාමය තැබූ කෑම පීරිසිය මේසය මතට එන විට එහි පෙනුම සහ සුවඳ අපේ රස නහර අවදි කරනවා.. ඇත්තටම එය ඉතාම රසවත්.
ඒ වගේමයි උනුවට දුම් දමමින් ඇති ඌරු මස් ඉස්ටු. එයත් ඉතාම රසවත්.කටට කෙල උනනවා..ඒ වගේමයි ඔවුන්ගේ සී ෆුඩ් රයිස් එක. රස අතින් ඉස්තරම්.ලුනු රස ගානට.සියල්ල නියමිත පදමට.අවුලක් කියන්න දෙයක් නැති තරම්.ඒ වගේම ඔවුන් ලෙනෝටා ස්පෙශල් රයිස් එකක් හදනවා.. එයත් ඉස්තරම්ලු. අපට එය නම් රස විඳින්න නොහැකි උනා.. ඔබටත් අප යෝජනා කරනවා ඉහත ආහාර රස බලන්න.. කොහොම උනත් සමස්තයක් විදියට බහුතරය කෑම රසවත්. ඒකයි මෙතන මෙතරම ප්රසිද්ධ.දෙදෙනෙක් එක්ක කන්න යනව නම් රුපියල් 1000ක් වගේ වියදම් කලොත් හොඳ හැටි බඩ පුරවන් එන්න පුලුවන්.හැම විටම කුඩා පෝශන් එකක් ගන්න. එය හොඳ හැටි ඇති තරම්.
![]()
ඔවුන් ගේ සේවාව ගැන කියනවා නම් වේදනාකාරීව සෙමින් සිදුවන්නක්.මෙය කාර්ය බහුල වෙලාවකට වැඩි කාලයක් ඔබව මේසය මත හිඳුවා තබනු ඇති.හොඳ හැටි බඩගිනි වී ඇතුල් වෙන කෙනෙකුට සියුම් කේන්තියක් ගෙනදෙන්න තරම ඒ ප්රමාදය බලවත්. කොහොම උනත් ඔවුන්ගේ ආගන්තුක සත්කාරය හොඳයි. වේටර් වරු ඔබත් සමග සුහදශීලී වේවී.ඒත් අර ප්රමාදය?
තව දෙයක් ඔබේ කාඩ් පත් මගින් උනත් බිල් ගෙවීමේ හැකියාව තියනවා මෙතනට ආවොත්.
![]()
මෙතනට එනවා නම් කොලඹ ඉඳ නුවර පරේ මිරිස්වත්ත හංඳිය පහු කරලා කිලෝ මීටර් 1.5ක් වගේ එන්න ඕනි.පාරෙන් වම් අත පැත්තට වන්නට මෙය පිහිටා තියනවා
මෙහි Take Away විදියට ආහාර රැගෙන යාමේ පහසුව ඔවුන් සපයනවා.
කොහොම උනත් අපි කලින් කිව්වා වගේ හීනියට මදුවිතකට උනත් මෙතන ඉස්තරම්.
ඉස්සුවේ මගේ බඩජාරි ඩොට් කොම් සයිට් එකෙං