රට_බෞද්ධ - වැඩ හින්දු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    රට_බෞද්ධ - වැඩ හින්දු

    රටම බෞද්ධ - වැඩ හින්දු


    "ෆුල් ටෑන්ක්" තෙල් ගහලා තාත්තාගෙන් අලුත් කාරෙකක් ලැබුණාට පුතාට ගමන යන්න වෙන්නෙ තනියම

    ජීප්සීස් නායක ගායන ශිල්පී සුනිල් පෙරේරා



    2016-05-30-ent-32.jpg


    ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා රටම දන්නා විවාදාත්මක චරිතයකි. ඔහුගේ නවතම ගීත පටිගත කිරීම් හා නිෂ්පාදනය වන වෙළෙඳ දැන්වීම් පටිගත කිරීම් මැද අවිවේකීව දිවිගෙවන ඔහු සමග කළ සංවාදයකි මේ.



    ඔබට නක්‍ෂත්‍ර‍වේදය පිළිබඳව විවේචනයක් තියෙනවා නේද?

    ඔව්. මෙතනට එන නක්‍ෂත්‍රකාරයො මං දන්න කාලෙක ඉඳල මගේ ඔෆිස් එකේ වාඩිවෙලා ඉන්න පැත්ත අසුබයි වැරදියි කියනවා. වෙන පැත්තකට මේ පුටුව හරවන්න කියනවා. හැබැයි මං ඒව වෙනස් කරන්නෙ නැහැ. මොකද මම නක්‍ෂත්‍රවේදය විශ්වාස නොකරන නිසා. ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, එංගලන්තයේ මිනිස්සු ඕවා විශ්වාස කරන්නෙ නැහැනේ. එහෙම නක්‍ෂත්‍ර‘වේදය පිළිබඳ විශ්වාසයෙන් හොඳක් වෙනවා නම් අපේ රට අර කියපු රටවල්වලට වඩා උඩින් ඉන්න ඕන නේද? අපේ රට ලෝකෙටම ණයයිනේ.



    කතෝලිකයෙකු ලෙස ඉපදුනු ඔබට බුදුන්වහන්සේගේ ධර්මය පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා නේද?

    ඔව්. බුදුන්වහන්සේ නක්‍ෂත්‍රය විශ්වාසකළේ නැහැ. යමක් කිරීමට සුදුසුම වේලාව එම කටයුත්ත කිරීමට අවශ්‍ය වේලාවයි කියලා බුදුන්වහන්සේ දේශනා කර තියෙනවා. මේ රටේ බහුතර ජනතාවක්අදහනවා කියන්නේ බුද්ධාගම. යමක් කරන්න වේලාවල් බලනවා කියන්නෙ බුදුහාමුදුරුවො දේශනා කළ ධර්මය විශ්වාස කරන්නෙ නැහැ කියන එකනේ. ඒ කියන්නෙ මේ අයට බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය %ෂුවර්^ නැහැ. හැබැයි කට්ටිය බෞද්ධ. බුදුන්වහන්සේව සැකකරන නිසා තමයි වෙලාවල් බලන්නේ. මේ වෙලාවල් බලන්නෙ හින්දු භක්තිකයෝ. බුදුවෙන්න පෙර සිදුහත් කුමාරයත් හින්දු භක්තිකයෙක්. හැබැයි ඔහු බුදුවෙලා තමන්ගේම දර්ශනයක් ලෝකෙට දේශනා කළේඅතනින් කඩාගෙන එළියට ඇවිල්ලා. බෞද්ධ කියලා බුදුන්ට වඳින අය නක්‍ෂත්‍රය පස්සෙ දුවනවා නම් ඒ අය බෞද්ධ නෙවේ හින්දු භක්තිකයො. ඒ අනුව ලංකාවෙ ඉන්න වැඩි පිරිසක් හින්දු භක්තිකයෝ.



    ඔය හින්දු භක්තිය අපේ කලාවෙත් තියෙනවා නේද?

    නැතුව. දැන් අපේ කට්ටිය චිත්‍රපටයක ෂූටින් පටන්ගන්න ඉස්සෙල්ලා හොඳ වෙලාවක් බලල මුහුරත් එකක් තියෙනවා නේද? ඒත් අපේ සිනමාව ඒවා කිරීමෙන් දියුණු වුණාද? නැහැනේ. හොලිවුඩ් සිනමාවේ ඕවා තියෙනවද? නැහැ. ඒ සිනමාව කොච්චර දියුණුයිද බලන්න. මුහුරත් තියෙන එක, නැකැත් බලන එක හින්දු වැඩක්. අපේ රටේ ලොකු ඉන්දීය විරෝධයක් තියෙනවා. සින්දු කියන්න ලංකාවට ඉන්දීය ගායකයෙක් ආවත් තරහයි. රඟපාන්න ඉන්දීය නළුවෙක්, නිළියෙක් ආවත් තරහයි. ඉන්දියන් ක්‍රිකට් ටීම් එකත් එක්ක තරහයි. හැබැයි මෙහේඅය කරන්නේ ඔක්කොම ඉන්දියන් වැඩ. %බොලිවුඩ්^ නිළියෝ වගේ ඇඳුම් අඳින්න, විලාසිතා කරන්න පුදුම %ට්‍රයි^ එකක් දෙනවා. මෙහේ මගුල් ගෙවල්වල කට්ටිය නටන්නෙ හින්දි චිත්‍රපට නළු නිළියො නටනව වගේ. හින්දි චිත්‍රපටවල නැටුම් හොඳට අනුකරණය කරල අපේ කට්ටිය නටනවා. හැබැයි ඉන්දියවට බනිනවා. මම ඔය ලංකාවට එන විදේශීය කලාකරුවන්ට බය නැහැ. හැබැයි මෙහේ යම් කලා කටයුත්තක් කරලා ඒ අයට මුදල් හම්බකරන්න ඕන නම් ඒකට යම් නිවැරදි ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි.



    අද රටේ කලාකරුවන්ගේ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස?

    අද අපේ රටේ ගායක ගායිකාවො අසරණයි. කෙනෙක් අසරණ වුණාම හරි නැති වැඩේ වුණත් කරන්න පෙළඹෙනවා. ලෝක කොහේවත් මෙහේ වගේ සංගීත සංදර්ශන උදේ හතර වෙනකං පෙන්වන්න දෙන්නෙ නැහැ. හැබැයි මෙහේ පුළුවන්. මොකද එහෙම වුණාම ගායක ගායිකායන්ට යන්න පුළුවන් සංදර්ශන ප්‍රමාණය වැඩිවන නිසා. එළිවෙනකං පෙන්වන මේ සංගීත සංදර්ශන පෙන්වන්නේ නොමිලේ. මෙහෙම ජනතාවට කලාව නොමිලේ දුන්නම ඒකෙ වටිනාකමක් නැතුව යනවා. බලල බලල එපාවෙලා දැන් නොමිලේ පෙන්නුවත් සංගීත සංදර්ශනවලට මිනිස්සු එන්නෙ නැති තත්ත්වයකට පත්වෙලා. ගායක ගායිකාවන්ට තියෙන නියම ඉල්ලුම බලාගන්න පුළුවන් මහජනතාවට සල්ලි ගෙවලා ඇවිත් සංදර්ශනය බලන්න කිව්වා නම්. අපේ රටේ අය දුප්පත්. රුපියල් 500ක ටිකටි එකක් ගන්න බැහැ කියලා සමහරු කියාවි. ඒ වුණාට ශාරුක් ඛාන් ෂෝ එක බලන්න රුපියල් 5000 ටිකට් එක අරන් ගිය අන්ත අසරණ දුප්පත් ළමයි ගැන මම දන්නවා.ඒකට එකම හේතුව විරල බව, දකින්න නැතිකම. කලාකරුවාගේ හැකියාව නොමිලේ පෙන්නුවහම අගේ නැති වෙනවා. වටිනාකම බහිනවා. රත්තරන් හොයාගන්න තියෙන අමාරුව නිසා තමයි ලොකු මුදලක් ගෙවල ගෑනු අයඒවා අතේ කරේ දාන්නේ. එහෙම වටිනාකමක් දුන්නොත් කළුගල් වුණත් ගෑනු අය බෙල්ලේ එල්ල ගනිවී.



    ඔබට දර්ශනයක් තියෙනවද?

    ඔව්. මිනිසුන්ගේ ජීවන තත්ත්වය උඩට ගෙන්න ඕන කියන එකයි මගේ දර්ශනය. හම්බන්තොට තියෙන ක්‍රිකට් ස්ටේඩියම් එකේ ගහන ක්‍රිකට් මැච් එකක් බලන්න හම්බන්තොට මිනිහෙකුට රුපියල් 500 ක ටිකට් එකක් අරගෙන යන්න පුළුවන්ද? බැහැනේ. දේශපාලකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් හැරුණු කොට අවශේෂ ජනතාව අද අසරණයි. එහෙම අසරණ ජනතාවක් රටට ඉන්න කොට දේශපාලකයන්ට ඔවුන් පාලනය කිරීම පහසු වෙනවා. බුරියානි පැකට් එකට, අරක්කු බෝතලේට රොක්වන ජනතාවක් ඇති වෙන්නේ එම අසරණභාවය නිසා. ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තේ දේශපාලනකයන්ටකෑම පැකට් දීල රැස්වීම්වලට සෙනඟ ගේන්න පුළුවන්ද? බැහැ. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස්. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් නොකර අපේ කලාවේ හෝ අපේ කලාකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න බැහැ. හොරකම්, ජඩකම්, මැරකම් වර්ධනය කරපු දේශපාලකයො ඉන්න රට පිරිහෙනවා. පාර්ලිමේන්තුවේ සහ රටේ වැජඹෙන්න දඟලන දේශපාලකයො ඉන්න සංස්කෘතියක් අද අපේ රටේ තියෙන්නේ. මොන රටේද තමන්ගේ දරුවා පාසලකට දාන්න හරි, උසස් අධ්‍යාපනය දෙන්න හරි දේශපාලකයා ඉදිරියේ දනින් වැටී අසරණ වෙන මිනිස්සු ඉන්නේ. අපේ රටේ එහෙමයි. මේවා පව්කාර රටවල්. හැබැයි මේ පව්කාර රටේ මට වැජඹෙන්න නම් පින වාසනාව තිබුණා.



    ඔබ නක්ෂත්‍රය විශ්වාස නොකළට පින, වාසනාව විශ්වාස කරනවා වගේ?

    මම අදහන්නේ බුදුන් වහන්සේගේ දර්ශනය.බුදුන් වහන්සේ%දිට්ඨ ධම්මවේදනීය කර්මය^ ගැන පැහැදිලිව දේශනා කරලා තියෙනවා. සමාජෙට වැරදි කරපු කෙනෙකුට මොන සෙල්ලම් දාල හරි අලුත්කඩේ උසාවියෙන් බේරෙන්න පුළුවන් වේවි, හැබැයි සොබාදහමෙන් එන දඬුවමෙන් බේරෙන්න බැහැ. හේතුඵලවාදය මම තදින් විශ්වාස කරනවා. තමන් යම්කිසි කරදරයකට පත්වන්නේ තමන්ගේ පින් මදිබව නිසා කියල මම විශ්වාස කරනවා. තමන් සාර්ථකත්වයට පත්වන කාලෙ මේ මගේ සහජ දක්ෂතාවෙන් ලැබුණ දේ කියල කරගෙන යනවා. හොඳ කාලෙදි පින් කරල තිබුණෙත් නැති කාලෙදී පින් ඵල දෙනවා. සමහරු සමාජයේ නරක වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ අය හොඳ වැඩ කරන්නෙත් නැහැ. ඒක වැරදියි. ගෙනාපු පින් ඉවර වෙනකොට තව තවත් පිං රැස් කරන්න ඕන. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙකරන දේ අනුව තමයි තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ කියලා.

    මගේ ජීවිතේ ගත්තත් එක කාලෙක මගේ භාර්යාවට මම දුන්න දුක මටම කරකැවිල ආවා. මං කරපු හැම වැරදි වැඩකටම සොබාධර්මය මට දඬුවම් දීලා තියෙනවා.



    එතකොට ඔබ කතෝලික දහමෙන් ඉවත් වෙලාද?

    ඔව්. අවුරුදු පහළොවක් තිස්සේ මම ඉවත් වෙලා ඉන්නෙ. කතෝලික පල්ලියට යන්නෙ මනාල යුවළක සාක්ෂියට අත්සන් කරන්න විතරයි. මොන ආගමකින් හරි වෙනත් ආගමක් අදහන කෙනා ගැන අප්‍රිය බවක් ඇති කරනවා නම් ඒක ආගමක් කියලා මම සලකන්නෙ නැහැ. ආගමකින් දෙන්න ඕන ආදරය. කතෝලික කෙනෙකුට බෞද්ධයෙක් එක්ක කසාද බඳින එක දෙපැත්තෙන් මොන පැත්තෙ අයට වුණත් අප්‍රිය බවක් ඇති කරනවානම් ඒක ආගමක් නෙවේ.



    ඔබගේ බාල පුතා ගයාන්ගේ ගායන දිවිය ගැනත් කියන්න?

    කලාව කරන්නෙ මගේ බාල පුතා ගයාන්. ඇමෙරිකාවේ සංගීතවේදීන්ගේ ආයතනයක සංගීතය හදාරනවා. හැබැයි මෙයාට සංගීතය හදාරන්න වුවමනාවක් තිබුණානම් එක කරන්න තිබුණෙ මීට කලින්. ගායකයෙකු ලෙස ජනප්‍රිය වෙමින් ඉන්නකොට රටින් යන්න හිතුණෙ මොකද කියලා මම දන්නෙ නැහැ. මම පුතාගේ අධ්‍යාපනයට උදව් කරනවා. හැබැයි ඒ උදව්ව මගෙන් ලැබුණා කියලා කලාකරුවෙකු ලෙස ජනප්‍රියවී ක්ෂේත්‍ර‘යේ රැඳීමේ පින හෝ වාසනාව එයාට තියෙනවද කියල මේ මොහොතෙදීත් කියන්න මට බැහැ. ඒක පුතාගේ කර්ම ශක්තිය අනුව සිදුවේවි. තාත්තා කෙනෙකුට තමන්ගේ පුතාට අලුත් කාරෙකක් අරන් දීලා ෆුල් ටෑන්ක් තෙල් ගහල දෙන්න පුළුවන්. හැබැයි ගමන යන්න වෙන්නෙ පුතාට තනියම.



    සටහන - පද්මකුමා පී. මෙත්තසේන
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න නියම කතාව. ලංකාවෙ බෞද්ධ කියල කියාගත්තු ගෝත්‍රිකයින්ට කන පැලෙන්න දීල තියනව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    මෙන්න නියම කතාව. ලංකාවෙ බෞද්ධ කියල කියාගත්තු ගෝත්‍රිකයින්ට කන පැලෙන්න දීල තියනව.

    බෞද්ධ කියන්නේ ගෝත්‍රිකයන්ගේ ආගමක් නෙමෙයි.මම දැකලා තියෙනවා උබ නිතරම බුද්ධාගමට ගරහනවා..උබ උබේ ආගම අදහගෙන හිටපන් අනික් ආගම් වලට අපහාස කරන්නේ නැතුව.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බෞද්ධ කියන්නේ ගෝත්‍රිකයන්ගේ ආගමක් නෙමෙයි.මම දැකලා තියෙනවා උබ නිතරම බුද්ධාගමට ගරහනවා..උබ උබේ ආගම අදහගෙන හිටපන් අනික් ආගම් වලට අපහාස කරන්නේ නැතුව.
    මම බුද්ධාගමට ගරහන්නෙ නෑ. මම ගරහන්නෙ බුද්ධාගම දන්නෙ නැති බෞද්ධයින්ගෙ මිථ්‍යාවලට. ඔය කේන්දර, භූතයො පෙරේතයො වැහෙන ඒව විශ්වාස කරන උන්ට මම ගරහන්නෙ. මම කිසිම ආගමක් අදහන්නෙත් නෑ. මම නිර් ආගමිකයෙක්. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් මම විශ්වාස කරන්නෙ නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බුද්ධාගමට ගරහන්නෙ නෑ. මම ගරහන්නෙ බුද්ධාගම දන්නෙ නැති බෞද්ධයින්ගෙ මිථ්‍යාවලට. ඔය කේන්දර, භූතයො පෙරේතයො වැහෙන ඒව විශ්වාස කරන උන්ට මම ගරහන්නෙ. මම කිසිම ආගමක් අදහන්නෙත් නෑ. මම නිර් ආගමිකයෙක්. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් මම විශ්වාස කරන්නෙ නෑ.

    adsense ගැන ඉගනගත්තද පොන්ස්...:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ ම්නිස්සු හරියට බුද්ධාගම පිළිපැදල හිටියොත් ඕන අන්‍යාගමික මනුස්සයෙක් බුද්ධාගම ගැන පැහැදෙන එකට හොඳම උදාහරනයක් මේ. ආය පෙළපාලි යන්න, පල්ලි කඩන්න, නීති දාන්න ඕන නෑ බුද්ධාගම බේරගන්න, හරියට තමන්ගේ ආගම අදහගෙන හිටියනං ඉවරයි.
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    oya wagema video ekaka dawasak kiwwa mathakai lankawa monatharam pin bimak kiwwath Europe walata wage visa free unoth mehe kollek hoyaganna be kiyala. :shocked:


    kiriyema kee denek nam try karanawada migrate :yes:

    --- lankawe weraddak nemei palakayange weredda nisa man hithanne.:sorry::sorry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාවේ ම්නිස්සු හරියට බුද්ධාගම පිළිපැදල හිටියොත් ඕන අන්‍යාගමික මනුස්සයෙක් බුද්ධාගම ගැන පැහැදෙන එකට හොඳම උදාහරනයක් මේ. ආය පෙළපාලි යන්න, පල්ලි කඩන්න, නීති දාන්න ඕන නෑ බුද්ධාගම බේරගන්න, හරියට තමන්ගේ ආගම අදහගෙන හිටියනං ඉවරයි.

    :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Mama me manussayata respect karanne onna oya nisa.
    Miniha kiyanne sampurna aththa.
    Oya manussaya wade deyak wiurthawa dakinne samajaye sulu pirisak.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Hena gahanawa wage eththa - those days rulers brought hindu wives from india with their culture and destroyed, now these indian teledramas do the same.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ලංකාවේ ම්නිස්සු හරියට බුද්ධාගම පිළිපැදල හිටියොත් ඕන අන්‍යාගමික මනුස්සයෙක් බුද්ධාගම ගැන පැහැදෙන එකට හොඳම උදාහරනයක් මේ. ආය පෙළපාලි යන්න, පල්ලි කඩන්න, නීති දාන්න ඕන නෑ බුද්ධාගම බේරගන්න, හරියට තමන්ගේ ආගම අදහගෙන හිටියනං ඉවරයි.

    එකෙක් පැහැදෙනකොට අන්‍යාගමිකයෝ 10ක් අපේ හාමුදුරුවරුන්ව මරනවනම්, 100ක් බුදු පිලිම පන්සල් කඩනව නම්, 1000ක් බෞද්ධයින්ට හිරිහැර කරනවා නම්, නවගුණ වැල පැත්තකින් තියලා කඩුව අතට ගන්න එක වැරදියි කියන්න බෑ. කඩුව අතට ගන්න එක බුදු දහමට අනුකූල නොවෙන්න පුළුවන් ඒත් අතීතයෙ එහෙම කඩුව ගත්තු නිසා තමයි මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන්නෙ.