රණසිංහ ප්‍රේම දාසගේ "පෙම්වතිය" 🥰🥰🥰

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    කලුවනේ! මම මගේ ජීවිතේටම නව කතා දෙකයි සම්පූර්ණයෙන් කියවලා තියෙන්නෙ. පලවෙනියටම කියෙව්වෙ "පෙම්වතිය" මේක මං කියෙව්වෙ ඉස්කෝලෙ යනකාලෙ මන් හිතන්නෙ මන් O/L වත් කරල නෑ එඝකොට. කොච්චර කතාව හිතට වැදුනද කියනවනම් තවම ටිකක් මතකයි. සහ පොතේ නම වගේම රචකයාගෙ නම R.ප්‍රේමදාස කියලත් මතකයෙ තිබ්බ.

    දැන් ටිකකට කලින් කෙල්ලෙක් එක්ක ඔය නවල් ගැන කියව කියව ඉද්දි මන් කිව්ව ඉතින් මන් නවල් එකක් කියල සම්පූර්ණයෙන් කියවලා තියෙන්නෙ ඕක කියල. ඊට පස්සෙ ඕක හොයන්න තමයි ඉන්ටනෙට් එකේ සර්ච් කලේ. එතකොට තමයි දැනගත්තෙ මේක ලියල තියෙන්නෙ රනසිංහ ප්‍රේමදාස් කියල. කොහොම උනත් ආටිකල් එකක මෙහෙමත් තිබුනා.

    "රණසිංහ ප්‍රේමදාස මහතා තරම් පොත් කියවපු සහ පොත් ලියපු පුද්ගලයෙක් අපේ ජනාධිපති පුටුවේ වාඩිවෙලත් නෑ. වාඩි වෙන එකකුත් නෑ. හැබැයි මේ කතාව බොහෝ දෙනෙක් පිළිගන්නේ නෑ. ඒ අය නම් කියන්නේ ප්‍රේමදාස මහත්තයා කළේ නම දාගන්න එක විතරයි අරිසෙන් අහුබුදු, ඩෝල්ටන් අල්විස් වගේ ලේඛකයෝ කීප දෙනෙක් තමයි මේ පොත්වල සැබෑ අයිතිකාරයෝ කියලා. මේ නිසා තාම අපේ රටේ ලේඛන කලාවේ වැඩිපුරම යෙදුණු අගමැතිවරයා විදිහට සලකන්නේ බණ්ඩාරනායක මහතාව. ප්‍රේමදාස මහතාගේ මුල්ම නවකතාව වෙන්නේ “රන්මිණිමුතු” ඊට පස්සේ “හිතවතිය, පෙම්වතිය, ජීවන කඳුළු, ගොළු මුහුද” වගේ පොත් එතුමා අතින් ලියවෙනවා"

    කොහොම හරි මේක රණසිංහ ප්‍රේමදාස හෝ කවුරු ලිව්වත් මට මේක ආයෙත් කියවන්න හිතක් ආවා.

    ඉතින් කලුවෝ මේක හොයාගන්න විදියක් නැද්ද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම කියවල තියනව ප්‍රේමදාස මහත්තය ලියපු අර කාවන්තිස්ස රජතුමා සේරුවාවිල චෛත්‍යය හදල ලොකු උත්සවයක් තියන්නෙ.. අන්න ඒ පොත
    ගොළු මුහුදද මතක නෑ නම
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පේමදාස මහත්තයා මම පියවි ඇසින් දකින්නේ 80 දශකයේ. සරත් කුමාර වගේ නමක් තියෙන ගායකයෙක් ගායනා කරන අනුනගේ බර දරා සිටින්නට මට අවසර දෙන්න වගේ ගීතයක් හරිම හිතට වදින ලස්සන ගීතයත් ඒතුමාගේ රචනයක්. ඒතුමාගේ පොත් බොහොමයක් මම කියවලා තියෙනවා. ඒතුමාගේ ගීත රචනා විශාල ප්‍රමාණයක් මම අහලා තියෙනවා. දවසක් පාන්දර 5 විතර මම පමුණුව පාරෙන් මහරගම නගරයට පයින් ඒද්දි ඒතුමා සුම්බරයකුත් බැදගෙන ඒ් පාන්දර මහරගම දුම්රිය මගේ ඉදිකිරීම් පරික්ෂා කරමින් හිටියා. ප්‍රායෝගික නායකයෙක්. අදටත් ඒ් ඇගලුම් කම්හල් සංකල්පය හරිම ප්‍රායෝගික නැද්ද? අපේ පැත්තේ තාම වාරික්මාන්ත සමගාමි සංවර්ධනයක් ඒ් කාලේ වගේ නම් නැහැ. ඒතුමාගේ රචනාවල කතෘත්වය ගැන ප්‍රසිද්ධ ජ්‍යෙතීර්වේදියෙක්ගේ නමකුත් ගෑවිලා තිබිච්ච හින්දා දවසක් මට ඒ් පුද්ගලයා මුණගැහුනා මොරටුව මහල් නිවාසයකදී, මම ඇහුවා මොකක්ද මේ කථාව කියලා. ඒ මනුස්සයා පිළිගත්තා ඒ්වා අමුලික අසත්‍ය කියලා. නාලනී රණසිංහ වගේ දක්ෂ ගායිකාවන් ඒතුමාගේ ගීත ගායනා කළ නිසා වාරණය උනා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    රණසිංහ ප්‍රේමදාස කියලා ශුවර්ද?
    ප්‍රේමදාස රණසිංහ කියලා සින්හල ටියුශන් ගුරුවරයෙකුත් ඉන්නවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    රණසිංහ ප්‍රේමදාස කියලා ශුවර්ද?
    ප්‍රේමදාස රණසිංහ කියලා සින්හල ටියුශන් ගුරුවරයෙකුත් ඉන්නවා
    ඔව් මාත් හෙව්වෙ ඊයේ ඔය මන් කොපි කරල තියෙන ආර්ටිකල් කෑල්ලෙ තියෙනවා පෙම්වතිය ලිව්වෙ රණසිංහ ප්‍රේමදාස කියල. කොහොමත් ඒකේ නම තිබ්බෙ ආර් ප්‍රේමදාස කියල.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    සමහර දේශපාලකොයෝ හොද, ප්‍රොයෝජනවත් වැඩ අතලොස්සක් විතර කරන්න ඇතියි. නමුත් මිනිස්සු එව්වා පිළිගන්න මැලිකමක් දක්කනවා සමස්ත දේශපාලකයෝගේම තියන ජඩ වැඩ හින්දා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    His gfs Rosie Senanayake ( make up artist to Hema ) , Chandrika Siriwardena,...

    Jalani was a Rosie's saloon staff , trapped to the Sajith
     
    • Haha
    Reactions: xengine

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ඩී ඇෆ් කාරියකරවනගේ පොතක කියවලා තියෙනවා ප්‍රේමේ ඒ කාලෙ කවි පොත් සඟරා කරපු බව. මේ දේශපාලනේට එන්නත් කලින්. කාරියකරවනට කියලා අඩුපාඩු බලා ගත්තු කතා හම්බෙවෙච්චි කතා එහෙම තිබ්බා. තව ඒ පැත්තෙ බාර් කාරයින්ගෙන් සල්ලි එහෙම එකතු කරලා අමධ්‍යප ව්‍යාපාරෙ එහෙම කරපු කතා. ඒ කාලෙ ගොඩක් එවුන් දේශපාලනේට පනින්න ට්‍රයි කරපු පාරවල් තමයි කම්කරු කම, අම්ධයප ව්‍යාපාරෙ. ප්‍රේමදාස පස්සෙ කියපු කරපුවා කොහොම වෙතත් පොඩි තැනක ඉඳන් ජනාධිපති දක්වා ආපු හැටි නම් වටින කතාවක්. මුලින්ම කොමියුනිස්ට් පක්ෂෙන්ද කොහෙද ඇවිත් තියෙන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මම ඩී ඇෆ් කාරියකරවනගේ පොතක කියවලා තියෙනවා ප්‍රේමේ ඒ කාලෙ කවි පොත් සඟරා කරපු බව. මේ දේශපාලනේට එන්නත් කලින්. කාරියකරවනට කියලා අඩුපාඩු බලා ගත්තු කතා හම්බෙවෙච්චි කතා එහෙම තිබ්බා. තව ඒ පැත්තෙ බාර් කාරයින්ගෙන් සල්ලි එහෙම එකතු කරලා අමධ්‍යප ව්‍යාපාරෙ එහෙම කරපු කතා. ඒ කාලෙ ගොඩක් එවුන් දේශපාලනේට පනින්න ට්‍රයි කරපු පාරවල් තමයි කම්කරු කම, අම්ධයප ව්‍යාපාරෙ. ප්‍රේමදාස පස්සෙ කියපු කරපුවා කොහොම වෙතත් පොඩි තැනක ඉඳන් ජනාධිපති දක්වා ආපු හැටි නම් වටින කතාවක්. මුලින්ම කොමියුනිස්ට් පක්ෂෙන්ද කොහෙද ඇවිත් තියෙන්නෙ.

    සමහර දේශපාලකොයෝ හොද, ප්‍රොයෝජනවත් වැඩ අතලොස්සක් විතර කරන්න ඇතියි. නමුත් මිනිස්සු එව්වා පිළිගන්න මැලිකමක් දක්කනවා සමස්ත දේශපාලකයෝගේම තියන ජඩ වැඩ හින්දා.
    ප්‍රේමදාස මහත්තයගේ ඔය වගේ සිද්දි ගොඩක් තියෙනවා. ඇත්තටම අපි දන්නෙ ටිකයි. තාමත් Unp එකට තියෙන පොඩි මිනිස්සුන්ගෙ චන්ද, සජිත්ගෙ චන්ද එතුමා නිසා කියල මට හිතෙන්නෙ.
    අපි දවසක් අහම්බෙන් ගියා අනුරාදපුරේ සමාදිගම කියන එතුමගේ උදාගම් ව්‍යාපෘතියක ගමක්. ගම් 400ක ප්‍රොජෙක්ට් එක්කින් පලව්ව්නි ගමලු ඒක. ගෙවල් හදල දීල තියෙනවා. ඒ ගමේ පලවෙනි ගෙදර තාමත් ඒ විදියට තියෙනවා. අනිත් ඒව නම් මොඩිෆයි වෙලා. ඒ ගෙදර මේ සජියා හදන ගිනිපෙට්ටි ගෙවල් වගේ නෙමෙ පට්ට. අනිත් එක ඒ ගම ඔපන් කරද්දි හැම ගෙදරකටම පොල් ගස් 5ක් ද කොහේ දීල තියෙනවා. ඒ ගමේ ඒ පොල් ගස් වලින් තවම පොල් කනවා. පන්සලක් තියෙනවා ශ්‍රීමහා බෝදියේ අනුශාකවක් වගේ කතාවක් මතකයි. ඒකත් ඉන්දලා තියෙන්නෙ ප්‍රේමදාස මහත්තයාගෙ අතින්.

    ඉතින් ඒ මිනිසෞ තාම කියනවා unp එකෙන් පිටට චන්ද පාවිච්චි කරන්නෙ නෑ කියල. එතකිට සජිත් කැඩිල හිටියෙ නෑ දැන් ආජියට දෙනව අති චන්ද්.

    තව එකක්. ඒ කාලෙ ගෙවල් හද්ද්දී ප්‍රේම්දාස මහත්තය සමහර තැන් වල වෙස් වලාගෙන ගෝල වැඩේ කරාලු හරියට කොලිටියට හදනවද බලන්න. 😮😮😮😮
     
    • Like
    Reactions: NRTG and AKI-SL

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඒ කාලෙ ගෙවල් හද්ද්දී ප්‍රේම්දාස මහත්තය සමහර තැන් වල වෙස් වලාගෙන ගෝල වැඩේ කරාලු හරියට කොලිටියට හදනවද බලන්න
    මං අහල තියනවා පොර කොළඹනම් රෑට වෙස් වලාගෙන කාර් එක ඩ්‍රයිව් කරන් ගිහින් මිනිස්සු කියන දේවල් අහන් හිටිය කියල
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama ahala thiyana premadasa. muslim ekek mata kiwwe. mans ge age eka den 58 wage

    u e kale idala thiyanawalu grandpass pette. class karala thiyanawa kiyala thama kiyapu eka kiwwe.
    premadasa dannawalu mu Sri Lanka karaya kiyala. mokak hari weda karaganna giyamma hodata katha karala karala dennam kiyanawalu. but karala denne nelu. uta hoda meter ekak thiyanawalu UNP karayo kawda kiyala.

    e hera godak dewal ahala thiyanawa marana morris minor ekakin yanawa kiyala adunaganna beri wenna. ewa nam eka eka aya kiyana katha
     
    • Like
    Reactions: NRTG

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    පේමදාස මහත්තයා මම පියවි ඇසින් දකින්නේ 80 දශකයේ. සරත් කුමාර වගේ නමක් තියෙන ගායකයෙක් ගායනා කරන අනුනගේ බර දරා සිටින්නට මට අවසර දෙන්න වගේ ගීතයක් හරිම හිතට වදින ලස්සන ගීතයත් ඒතුමාගේ රචනයක්. ඒතුමාගේ පොත් බොහොමයක් මම කියවලා තියෙනවා. ඒතුමාගේ ගීත රචනා විශාල ප්‍රමාණයක් මම අහලා තියෙනවා. දවසක් පාන්දර 5 විතර මම පමුණුව පාරෙන් මහරගම නගරයට පයින් ඒද්දි ඒතුමා සුම්බරයකුත් බැදගෙන ඒ් පාන්දර මහරගම දුම්රිය මගේ ඉදිකිරීම් පරික්ෂා කරමින් හිටියා. ප්‍රායෝගික නායකයෙක්. අදටත් ඒ් ඇගලුම් කම්හල් සංකල්පය හරිම ප්‍රායෝගික නැද්ද? අපේ පැත්තේ තාම වාරික්මාන්ත සමගාමි සංවර්ධනයක් ඒ් කාලේ වගේ නම් නැහැ. ඒතුමාගේ රචනාවල කතෘත්වය ගැන ප්‍රසිද්ධ ජ්‍යෙතීර්වේදියෙක්ගේ නමකුත් ගෑවිලා තිබිච්ච හින්දා දවසක් මට ඒ් පුද්ගලයා මුණගැහුනා මොරටුව මහල් නිවාසයකදී, මම ඇහුවා මොකක්ද මේ කථාව කියලා. ඒ මනුස්සයා පිළිගත්තා ඒ්වා අමුලික අසත්‍ය කියලා. නාලනී රණසිංහ වගේ දක්ෂ ගායිකාවන් ඒතුමාගේ ගීත ගායනා කළ නිසා වාරණය උනා.
    RATHUWITHANA KIYANNE MAGE SEEYAGE MITHRAYEK.
    ISSARA MATHUGAMA YANAKOTA APE GEDARA ENAWA SEEYAWA MUNA GAHENNA.
    EYA LIYAPU POTH KIHIPAYAK PREMADASA NAMIN PALA UNA
    EKA EYAGE KATINMA KIWWA E KALE
    AGAMATHI KALE