කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් දමයි.. නොමිලේ කියූ ගිලන් රථ සේවයට කෝටි 11ක් ඉල්ලයි..
රුපියල් කෝටි 4161කට වැඩි මුදලක් අනුමත කරන ලෙස ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මුදල්, විදේශ, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, මහා මාර්ග, අදධ්‍යාපන, ක්‍රීඩා, නිවාස, අපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු ඇතුළු අමාත්‍යංශ රැසක වැටුප් සහ විවිධ වියදම් පියවීමට මෙසේ මුදල් ඉල්ලා ඇත.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති රුපියල් ලක්ෂ 1121ක පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඉන්දියාව විසින් ඇරඹු ගිලන් රථ සේවාව සඳහා ප්‍රතිපාදන සැලසීම අවශ්‍ය බවයි.