රත්ගම සභාපති ඝාතනය කරයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්ගම සභාපති ඝාතනය කරයි

    හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

    සභාපතිට වෙඩි තැබුවේ ළඟ ඉදන්?

    රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කරන්නට ඇත්තේ පිස්තෝලයකින් බවත් සමීපයේ සිට වෙඩි තබන්නට ඇති බවත් පොලිසිය කියයි. සිය මිතුරන් පිරිසක් සමග සභාපති හික්කඩුවේ හෝටලයක සිටිය දී සිවුදෙනකු එහි පැමිණ ඇති බව ද ඔවුන්ගෙන් කෙනෙකු වෙඩි තබන්නට ඇති බව ද පොලිසිය සැකකරයි. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
    iyor3o.jpg

    මූත් පට්ට පාතාලය කියල අහල තියනව.රත්ගම පැත්තෙ ගාල්ලෙ උන් දන්නව ඇති මොකද්ද සීන් එක කියල.

    UPDATE

    හික්කඩුවේ ලයන්ස් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ නැටුම්හළේ දී වෙඩි වැදී මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභා සභාපති එම ඩිස්කෝහළේ පාලක බව හෝටල ආරංචි කියයි
    ඝාතකයන් ද ඔහු සමඟ එකම මේසයේ සිටි බවත්, වෙඩි වැදීමෙන් පසු සිව් දෙනකු පැණ ගිය බවත් පොලිසිය පවසයි.
    මනෝජ් මෙන්ඩිස් මැරීවැටී සිටි ස්ථානයේ හිස් පතුරොම්කොපු හයක් තිබූ බව ද පොලිය කියයි.
    ගාල්ල මහේස්ත්‍රාත්වරයා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීඹට නියමිතය.

    රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කැරුණු හික්කඩුව හෝටලයේ තිබූ හිස්වැස්මක ඉව ඔස්සේ ගාල්ල පොලිසියේ සුනඛ රොනී තාප්පයක් උඩින් යාබද හෝටලයකට පැන හෝටලය මැදින් ගාලු පාරට ගොස් නතර විය.
    එම හෝටලයේ ද ලේ පැල්ලමක් සොයාගත් බව පොලිසිය කියයි.
    රොනී ඉව කළ තොප්පිය ඝාතකයකුගේ විය හැකි බවත්, වෙඩි වැදුණු සිදුරක් එහි තිබූ බවත් පොලිසිය පවසයි. රොනී එම හිස්වැසුම ඉව කර හෝටලයේ දොරටුවකින් එළියට ගොස් තාප්පයෙන් පැන්නේය. අසළ හෝටලයකට ගියේය. හෝටලය මැදින් ගාලු පාරට ආවේය. ගාලු පාරෙන් එහාට රොනීට ඉවක් නොතිබිණි. පොලිසිය සිතනුයේ වෙඩි තැබූ පුද්ගලයා වාහනයකින් පළායන්නට ඇති බවයි

    රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස්ට ඝාතනයේ දී වෙඩි වැදුණු බව කියන ඔහුගේ සගයකු වන රන්මුළුගේ සංගු ද, කොළඹට රැගෙන එමින් සිටිය දී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
    වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවී තිබූ බව දැනගන්නට ඇත.
    ඔහුට ද, සභාපතිට ද වෙඩි තැබූ බව කියන පුද්ගලයා හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

    සෝර්ස් - ලන්කාදීප
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කමක් නැහැ මචන් යපලනය නේ




    මෝඩ වෙන්න එපා බන්.යහපාලන ලබ්බක් මේකට අදාල නෑ.මූයි තව එකෙකුයි අවුරුදු ගානක ඉදන් පාතාල සීන් එකක් තිබුන.මට අනිත් එකාගෙ නම මතක නෑ.ඒ සීන් එකක් වෙන්න ඕන.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    අනිත් එකා සුසන්ත...ඒ උනාට මනෝජ් අය්ය කොල්ලොන්ට සැලකුව..එක එක කෙස් තිබ්බා..!!!ගහපු එකා හොයාගන තියන්නේ..!!!සුසන්ත කට උත්තර දීල ..!!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ වෙන්න එපා බන්.යහපාලන ලබ්බක් මේකට අදාල නෑ.මූයි තව එකෙකුයි අවුරුදු ගානක ඉදන් පාතාල සීන් එකක් තිබුන.මට අනිත් එකාගෙ නම මතක නෑ.ඒ සීන් එකක් වෙන්න ඕන.

    මෝඩ බයියෝ බන් මුන්. හැමැ ඉල්ලවකටම යහපාලනය ගාවගන්නවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම ඒ පැත්තෙ කොල්ලොන්ගෙන් ආරන්චි කරල බැලුව.මේ මනෝජ් මෙන්ඩිස් ට කොල්ලො ගොඩක් කැමති.මූ පාතාලය උනාට කොල්ලොන්ට උදවු කරල තියනවලු ගොඩක්.මරාගෙ පවස් තියන කාලෙ මූ රජකරගෙනලු හිටියෙ.
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මම ඒ පැත්තෙ කොල්ලොන්ගෙන් ආරන්චි කරල බැලුව.මේ මනෝජ් මෙන්ඩිස් ට කොල්ලො ගොඩක් කැමති.මූ පාතාලය උනාට කොල්ලොන්ට උදවු කරල තියනවලු ගොඩක්.මරාගෙ පවස් තියන කාලෙ මූ රජකරගෙනලු හිටියෙ.

    Mr ge puthek wage bn mu hitiye...
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පාතාලෙ කේස් වලින් උන් උන් ම මරඩාලා..ප්‍රීති ප්‍රීති