රත්තරං හොරු කවුද?
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද පැමිණියා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය.
"මගේ සැමියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස ආ පසු හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් ආවා රජයේ භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ පන්දහසක් පමණ වටිනා රත්තරන් කිලෝ සියයක් වංචනික ලෙස අලෙවි කරන බවට. සැමියා ඒ ගැන විමර්ශනය කළා. මහින්ද රාජපක්ෂගේ බිරිය ගැනත් කියැවුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කිව්ව ඒ පරීක්ෂන නවත්තන්න කියල. ගුවන් විදුලි සංස්ථාවේ එවකට සභාපති හඩ්සන් සමරසිංහ ඇවිත් කිව්වා මගේ මහත්තයට මේකට ශිරන්ති සම්බන්ධ නෑ කියා ප්‍රකාශයක් කරන ලෙස. ඉන් ටික දිනකට පෙර මගේ මහත්තයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මගේ පුතාත් අත්අඩංගුවට ගත්තා. මටත් පවුලේ අනිත් අයටත් දිගින් දිගටම තර්ජන ආවා මේ ගැන කිසිදු හෙලිදරව්වක් කරන්න එපා කියා. හෙළි කළොත් ආයේ මගේ මහත්තයට කවදාවත් එළියට එන්න දෙන්නේ නෑ කිව්වා. මට මහත්තයා කිව්වා දැන් ඇවිත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස. ඉදිරියේ දී එයා දන්න සියලු තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා නීතිය හා සාමය අමාත්‍යවරයාගෙන් මේ ගැන විමර්ශනයක් කර වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස."

Last edited: