ඇයි රත්තරං ඔච්චර ගණන් කියලා අහන්න කලින් රත්තරන් ගැන මේ ටික කියවලා ඉන්න
කවුරු හරි අපිට “රත්තරං” කියලා කතා කරනකොට හරිම ආදරණීය බවක් දැනුනට ඇත්තටම අපිට රත්තරන් කියලා කතා කරන්නේ අපි රත්තරන් නිසා නෙවෙයි කියලා අපි කොහොමත් දන්නවා නේ? ඒ වුනාට මුහුදු කොල්ලකාරයින්ගේ සිට ටෙක්නොලොජි කොම්පැනි වල මයික්‍රෝ සර්කිට් වලට වෙනකල් රත්තරන් පාවිච්චි වෙනවා කියන එක නම් මුසාවක් නෙවෙයි.
1. රත්තරන් ඉතිහාසේ
මිනිසුන් තමන්ගේ සිරුරේ අලංකාරය වැඩි කරගන්න රත්තරන් ආභරණ විදිහට පළඳින්න අරගෙන තියෙන්නේ කිතු උපත සිදුවූ කාලයටත් වසර 4000කට විතර කලින්. උතුරු යුරෝපයේ සිට පාරාවෝ වරුන්ගේ සොහොන් සැරසිලි දක්වාම රත්තරන් භාවිතා වෙලා තිබෙන බව ඔබට වුනත් පරිගණකයේ යතුරු කිහිපයක් එහා මෙහා කල සැණින් හොයාගන්න පුළුවන්.
රත්තරන් වලට අතීත මිනිස්සුත් කොතරම් ප්‍රේම කලාද කියන දේට නිදසුනක් අවශ්‍ය නම් ක්‍රිස්තුපූර්ව 128 දී මියගිය හන් රාජවංශයට අයත් ලියු ෆෙයි නමැති චීන රජකෙනෙකුගේ සොහොනක් මීට වසර කීපයකට උඩදී සොයාගනු ලැබුවා. ඔහුව වල දමා තිබෙන්නේ රත්තරන් ඇතුළු තවත් බොහෝ වටිනා දේ සමගින්. මෙයට අමතරව ඊජිප්තු පාරාවෝ වරුන් තම මරණයෙන් පසුව පරලොවට රැගෙන යන්නට තැන්පත් කල බොහෝ රන් ආභරණ සහ උපකරණ පිරමීඩ තුලින් හමුවී තිබෙනවා.
2. කීකරුයි රත්තරං!
රත්තරන් කියන්නේ අනෙකුත් ලෝහ වලට වඩා බොහොම පහසුවෙන් මිටියම් කරන්නට හැකි වගේම බොහොම ඔප මට්ටම් කරන්නට හැකි ලෝහයක්. ඒ වගේ ම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කරන්නට හැකි ලෝහයක්. අන්න ඒ නිසා තමයි රත්තරන් වල ශක්තිය වැඩි කිරීමට රිදී සහ තඹ හෝ වෙනත් ලෝහ වර්ග එකතු කරන්නේ.
3. අපි නොදන්නා රත්තරං
බොහෝ රන් ආභරණ නිර්මාණය වී තිබෙන්නේ පිරිසිදු රත්රන් වලින් නෙවෙයි. මේ නිසා ඔබ සතුව ඇත්තේ කර මාලයක් නම් එහි රන් ඝනත්වය තීරණය කරන්නේ කැරට් (Karat) නමැති මිම්ම භාවිතා කරලයි. සුපිරිසිදුම රත්රන් හඳුන්වන්නේ කැරට් 24 කියලයි. නමුත් මේවා සවිශක්තියෙන් බොහොම දුර්වලයි. අපි කැරට් 24 රත්රන් භාවිතා කරලා ආභරණයක් තැනුවොත් රන් වල වටිනාකම තිබුනට එහි සවිශක්තිය මදි නිසා ඔබට පාඩු සිදුවෙන්නට තිබෙන ඉඩ බොහොම ඉහලයි.
මේ හේතුව නිසා ආභරණ නිෂ්පාදනයේදී රන් වල වටිනාකම අඩු නොවන ආකාරයට මිශ්‍ර ලෝහ එක්කෙරෙනවා. නිදසුනක් විදියට අප සතුව කැරට් 12 රන් තිබෙනවා කියන්නේ සම්පුර්ණ රන් බරින් 50% ක් මිශ්‍ර ලෝහ එකතු කර ඇති බවයි.
මේ අනුව 9K, 10K, 12K, 14K, 18K, 22K, 24K ආදී වශයෙන් රත්රන් වර්ග කෙරෙනවා. මෙහිදී කැරට් අගය වැඩි වන්න, වැඩි වන්න සුපිරිසිදු රන් වන අතර කැරට් අගය අඩුවන්නේ වෙනත් ලෝහ ප්‍රතිශතමය වශයෙන් මිශ්‍ර කිරීමක් කෙරෙන නිසා බව ඔබ අනිවා දැනගත යුතුයි.
5. මේ කැරට් හේනේ කැරට් නෙවෙයි රත්තරන්
රන් මාත්තුව ගැන කියන්නට කැරට් කියලා නම භාවිතා කරාට කැරට් කියන නම් භාවිතාවට එන්නේ කැරොබ් නමැති ගසේ ඇට ඇසුරින් කියලා ඔබ සමහර විට දැනන් ඉන්නට නැතිව ඇති.
අතීතයේදී කැරොබ් ගසේ ඇට තමයි රන් වල බර කිරීමේ මිනුම විදියට භාවිතා කරලා තියෙන්නේ. එය තමයි පසුව කැරට් බවට පත්වෙලා තිබෙන්නේ.
6. විවිධ පාට රත්තරන්
රත්රන් වල ඝනත්වය එකිනෙකට වෙනස් වෙනවා වගේම නවීන තාක්ෂණයත් එක්ක විවිධ වර්ණ වල රත්රන් වෙළඳපොලට පැමිණුනා. ඔබ රන් ගැන යම් දැනුමක් සහිත නම් රන් වල විශේෂිත වර්ණය දුටු සැනින් ඔබට එයට මුසු කර ඇති ලෝහය ගැන අවබෝධයක් ගන්නට හැකියාව තිබෙනවා. ඒ පහත පරිද්දෙන්,
7. ගන්න කලින් රත්තරන්
දැන් කියන්න යන්නේ රත්තරන් හෝ රන් ආභරණයක් ගන්න කලින් මෙන්න මේ කාරණා ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි කියලයි.

- ලොව දැනට අලෙවි වී ඇති රත්රන් වලින් 11%ක ප්‍රතිශතයක් තිබෙන්නේ ඉන්දියාවේ කාන්තාවන් සතුවයි. මෙය ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල් සියල්ලේම පවතින රන් සංචිත වලටත් වඩා ඉහල අගයක් ගන්නවා.
- ආවර්තිතා වගුවේ 79 වන තැන හිමිකරගෙන සිටින රත්තරන් වලට තිබෙන රසායනික සංකේත නාමය වෙන්නේ Au එහෙමත් නැති නම් Aurum.
- අභ්‍යවකාශ තරණ වලට ගගනගාමීන් භාවිතා කරන හෙල්මටයේ වයිසරයට සිහින් රන් ලේයරයක් ආලේප කර තිබෙනවා. ඒ රන් වලින් පාරජම්බුල කිරණ කපා හැර ඔවුන්ගේ දෙනෙත් ආරක්ෂා කරන්නටයි.
- ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම තනි රන් ස්ඵටිකය (Biggest Single Gold Crystal) ගැන ආරංචි වෙන්නේ වෙනිසියුලාවෙන්. අවුන්ස 7.7ක් හෙවත් ග්රෑම් 217.78ක් බර මේ රන් ස්ඵටිකය වටිනාකමින් ඩොලර් මිලියන 1.5ක් පමණ වෙනවා.
- ලොව විශාලතම රන් කුට්ටිය හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති රන් ආකාරයකින්. 1869 පෙබරවාරි 05 වන දිනයි. එය බරින් කිලෝ 72.02 වෙනවා.
- කිසිවෙක් නොසිතුවාට රන් කියන්නේ ආහාරයට ගත හැකි ඛනිජයක්. විදේශ සුඛෝපභෝගී ආහාර කඩවල රන්පතින් එතූ පේස්ට්‍රීස්, වොඩ්කා වල සිට ඔලිව් තෙල් දක්වා මිලට ගන්නට හැකියාව තිබෙනවා. Edible Gold කියන්නේ එහෙම රන් ඇතිරූ ආහාර මිලදී ගන්නට පුළුවන් බ්‍රිතාන්‍ය පාදක කරගත් සමාගමක්. ඔවුන්ගේ සියලුම ආහාරමය නිෂ්පාදන පාහේ නිර්මාණය වී තිබෙන්නේ ආහාරයට ගත හැකි රත්රන් වලින්.
බොහෝ රන් ආභරණ නිර්මාණය වී තිබෙන්නේ පිරිසිදු රත්රන් වලින් නෙවෙයි. මේ නිසා ඔබ සතුව ඇත්තේ කර මාලයක් නම් එහි රන් ඝනත්වය තීරණය කරන්නේ කැරට් (Karat) නමැති මිම්ම භාවිතා කරලයි. සුපිරිසිදුම රත්රන් හඳුන්වන්නේ කැරට් 24 කියලයි. නමුත් මේවා සවිශක්තියෙන් බොහොම දුර්වලයි. අපි කැරට් 24 රත්රන් භාවිතා කරලා ආභරණයක් තැනුවොත් රන් වල වටිනාකම තිබුනට එහි සවිශක්තිය මදි නිසා ඔබට පාඩු සිදුවෙන්නට තිබෙන ඉඩ බොහොම ඉහලයි.
මේ හේතුව නිසා ආභරණ නිෂ්පාදනයේදී රන් වල වටිනාකම අඩු නොවන ආකාරයට මිශ්‍ර ලෝහ එක්කෙරෙනවා. නිදසුනක් විදියට අප සතුව කැරට් 12 රන් තිබෙනවා කියන්නේ සම්පුර්ණ රන් බරින් 50% ක් මිශ්‍ර ලෝහ එකතු කර ඇති බවයි.
මේ අනුව 9K, 10K, 12K, 14K, 18K, 22K, 24K ආදී වශයෙන් රත්රන් වර්ග කෙරෙනවා. මෙහිදී කැරට් අගය වැඩි වන්න, වැඩි වන්න සුපිරිසිදු රන් වන අතර කැරට් අගය අඩුවන්නේ වෙනත් ලෝහ ප්‍රතිශතමය වශයෙන් මිශ්‍ර කිරීමක් කෙරෙන නිසා බව ඔබ අනිවා දැනගත යුතුයි.
5. මේ කැරට් හේනේ කැරට් නෙවෙයි රත්තරන්
රන් මාත්තුව ගැන කියන්නට කැරට් කියලා නම භාවිතා කරාට කැරට් කියන නම් භාවිතාවට එන්නේ කැරොබ් නමැති ගසේ ඇට ඇසුරින් කියලා ඔබ සමහර විට දැනන් ඉන්නට නැතිව ඇති.
අතීතයේදී කැරොබ් ගසේ ඇට තමයි රන් වල බර කිරීමේ මිනුම විදියට භාවිතා කරලා තියෙන්නේ. එය තමයි පසුව කැරට් බවට පත්වෙලා තිබෙන්නේ.
6. විවිධ පාට රත්තරන්
රත්රන් වල ඝනත්වය එකිනෙකට වෙනස් වෙනවා වගේම නවීන තාක්ෂණයත් එක්ක විවිධ වර්ණ වල රත්රන් වෙළඳපොලට පැමිණුනා. ඔබ රන් ගැන යම් දැනුමක් සහිත නම් රන් වල විශේෂිත වර්ණය දුටු සැනින් ඔබට එයට මුසු කර ඇති ලෝහය ගැන අවබෝධයක් ගන්නට හැකියාව තිබෙනවා. ඒ පහත පරිද්දෙන්,
- සුදු රත්රන් | White Gold
ඔබ මිලදී ගන්න රත්රන් වල වර්ණය සුදු නම් එහි තේරුම වන්නේ එයට නිකල්, මැන්ගනීස් හෝ පැලඩියම් යන වර්ග තුනෙන් එකක් යොදා ඇති බවයි. සාමාන්‍ය සුදු රත්රන් කැරට් 14 යන අගයෙන් යුතු වෙන අතර එහි තේරුම රත්රන් වල මුළු බරින් 58.5% ක් පමණක් පිරිසිදු රන් බවයි. එයට අමතරව තඹ 21% සින්ක් 7.8%, නිකල් 12% එයට යොදා තිබෙනවා. මෙයට අමතරව සුදු රන් ආභරණ වලට රෝඩියම් ආලේප කරනවා ඒ සුදු වර්ණය සහ දීප්තිය ඉස්මතුවී පෙනීමට.
- රෝස රත්රන් | Pink Gold
රෝස පැහැති රන් වලින් ඔබේ ආභරණය තනා තිබෙනවා නම් එහි තේරුම ඔබේ රන් වලට තඹ වැඩි ප්‍රතිශතයක් එකතු කර ඇති බවයි. තඹ වැඩියෙන් එකතු කරන විට රන් පැහැය අඳුරු රතු පැහැයක් ගන්නා අතර එහි මුලු බරින් පිරිසිදු රන් පවතින්නේ 75%ක් පමණයි. ඒ කියන්නේ එහි රන් ඝනත්වය කැරට් 18 අගයෙන් යුතු බවයි. ඉතිරි 25% මිශ්‍ර කර තිබෙන්නේ තඹ ලෝහයයි.
- කොල රත්රන් | Green Gold , Electrum
රත්රන් වලට රිදී එකතු කර හරිත වර්ණ රත්රන් නිපදවනු ලබනවා. එවිට මුළු රන් සංයුතියෙන් 73%ක් පිරිසිදු රන් සහ 27%ක් රිදී එකතු කර මෙම හරිත වර්ණ රන් නිපදවනු ලබන්නේ.
7. ගන්න කලින් රත්තරන්
දැන් කියන්න යන්නේ රත්තරන් හෝ රන් ආභරණයක් ගන්න කලින් මෙන්න මේ කාරණා ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි කියලයි.
- ඉහත කියූ පරිදි රන් වල කැරට් අගය සහ ඒ සම්බන්ධයෙන් වෙළඳපොලේ වටිනාකම් ගැන රන් මිලදී ගන්න කලින් දැනුවත් වෙන්න.
- රන් වල මිල ඔබ මිලදීගන්නා ආභරණයේ මිලෙන් අඩු කල විට ඉතිරි වන්නේ වැඩ කුලියයි. වැඩ කුලිය අසාධාරණ ලෙසට අය කරනවා නම් එයත් පහසුවෙන්ම ඔබට දැනගන්නට හැකියාව තිබෙනවා. මීට අමතරව ආභරණයේ තිබෙන පිරිසිදු රන් ප්‍රමාණය ගැන දැනගෙන එය ආභරණයට ඔවුන් කියනා මිලට සමපාත කර බැලු විටත් ඔබට පහසුවෙන්ම මිල සාධාරණද නැද්ද යන්න පැහැදිලි කරගත හැකියි.
- මෙයට අමතරව ඔබ රන් මිලදී ගැනීමට අමුත්තෙක් නම්, ඔබ ඒ ගැන දන්නා කෙනෙකු සමඟ යන එක නුවණට හුරු වෙනවා. මෙයට හේතුව වෙන්නේ, සමහර ආභරණ වල ඇතුලත හිස්ව නිපදවා වෙනත් ලෝහ පුරවනු ලබනවා. එවිට වටේ පමණයි රන් තිබෙන්නේ ඇතුලත එක්කෝ හිස් එහෙමත් නැතිනම් වෙනත් ලෝහයක්.
- බොහෝ රටවල් වල ඔවුන් නිකුත් කරන රත්රන් සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කරනවා. ඒ මගින් ඔවුන් අදාළ රත්රන් ප්‍රමාණය සඳහා අන්තර්ජාතිකවත් වග වන බව සහ ඒ රත්රන් වල තත්ත්වය සම්බන්ධයෙන් අදාළ ආයතනය වග කියනා බව දන්වා සිටිනවා.
- ඔබට ඔබ මිලදී ගත් රන් ආභරණයක තත්ත්වය පිළිබඳව සැකයක් පවතී නම් හෝ ඒ පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කර එය සහතික කරවා ගත හැකියි.
- ආයෝජනයක් විදියට හෝ කෙනෙකුට වටිනාකමක් ලෙස තෑගි දීමට ඔබ රත්තරං මිලදී ගන්නවා නම් ගල් හෝ මුතු ඇල්ලූ ආභරණ වෙනුවට රත්තරං බිස්කට් ලෙස හෝ කාසි ලෙස මිලදී ගැනීම වඩාත් සුදුසුයි. රන් බරට ආභරණ විකිණීමේදී මැණික් ගල් බර ඉවත් කර බැලෙන නිසා වඩාත් වාසි තනි රත්තරං ලෙස ලබාගැනීමයි.
- ගන්න ආභරණය මැෂින් කට් එකක්ද මිනිස් ශ්‍රමයෙන් නිපදවූවක්ද කියන එකත් රන් භාණ්ඩ වල මිල තීරණය කරන කොට බලපානව. මැෂින් කට්ස් සාමාන්‍යයෙන් අතින් නිමවන ඒවාට වඩා මිලෙන් අඩුයි.
Last edited: