ආදරේ....
හරි පුදුම දෙයක් නේද???? වෙලාවකට අපිව ජීවත් කරන්න හදනවා... අපිට ජීවත් වෙන්න කියලා දෙනවා.. අපිට ජීවත් වෙන්න ආශා කරවනවා..
හැබැයි තවත් වෙලාවකට අපිව මර මර උපද්දනවා...
අපිට මැරෙන තරමටම ජීවිතෙ එපා කරවනවා... ජීවිතේ කදුලු ගන්ගාවක් කරනවා....


අපිට ආදරේ ගැන විවිධාකාර වූ අදහස්, අත්දැකීම් තියෙනවා.....
සමහරු ආදරේට පැලෙන්න ආදරේ කරනවා,,, සමහරු ආදරේ හින්දා දුක් විදිනවා....
හිත කෑලි කෑලි වලට කඩා ගෙන මැරි මැරි ජීවත් වෙනවා...
සමහරු ආදරේට වයිර කරනවා... තවත් සමහරු ආදරේ ගැන හිතලවත් නෑ... ආදරේ විකාරයක් කියලා හිතනවා.. සමහරු ආදරේ පිලිකුල් කරනවා....
මොන මොන අදහස් තිබ්බත් ඒ ඔක්කොම ආදරේ.....



මේකෙ ඉන්න හැමෝටම ආදරේ ගැන මොනවම හරි අදහසක් ඇති....
තමන්ගේ අහිමි වෙච්ච ආදරේ ආපහු තමන් ගාවට එනකම් බලාගෙන ඉන්න කොල්ලො කෙල්ලො මේකෙ ඇති...
නැත්තම් මේ දවස් වල ආදරයේ උපරිම මිහිරියාව... සන්තොශය විදින කොල්ලො කෙල්ලො මෙකේ ඇති...
එවගෙම ඉස්සෙල්ල කිව වගේ ආදරේ එපා වෙච්ච ආදරේ පිලිකුල් කරන අතලොස්සක පිරිසක් මේකේ ඇති...
තවත් ගොඩක් අය ඇති මේකෙ, හිතෙන් විතරක් පැලෙන්න ආදරේ කරන, හැබැයි තවමත් කියා ගන්න බැරිව ඉන්න අය.....
විශේශයෙන් ඒක පාර්ශවීය ආදරය අත් ව්දින අය....


ඒ හැමෝටම මොනවහරි අදහසක් ඇති මේ ආදරය ගැන..... ඉතින් මේ කරන ගවුරවනීය ආරාධනය පිලිගන්න... වෙලාවකට අපිව ජීවත් කරන ,
තවත් වෙලාවකට අපිව මරවන ඒ ආදරේ ගැන ඔයාගේ හිතේ කැකෑරෙන ඒ පුන්චි අදහස අපිත් එක්ක බෙදා ගන්න...
එන්න ඔබේ ආදරනීය සිතුවිලි මෙතන සිත්තම් කරන්න...




ආදරනීය ගීතයක් සමගින් ඔබට කරන ආදරනීය ඇරයුමයි මේ....
සිහිනයට තරම් තටු නෑ මට නම්..
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරේ තරම් සියුමැලි මනරම්....
සිහිනයක් තියේවිද ලෝකේ....
Last edited:



