දැනට සති දෙකකට පමණ පෙර මගේ මෝටර් රථය වෙනත් මහත්මයෙක් විසින් පැදවූ මෝටර් රථයක ගැටුනා.මගේ මෝටර් රථය පැදවුයේ මගෙ බිරිඳ . දැනට වසර විසි දෙකක් රිය පදවන ඇගේ වරදින් කිසිදු අනතුරක් සිදුවෙලා නෑ.
මෙවරත් පෙර පැවසූ මහත්මයා තම වාහනය බිෂොප් විද්‍යාලය ඉදිරිපස සිට මහපාරට රිවර්ස් කිරීමේදි මගේ වාහනයේ පිටුපස බෆරයේ ගැටී තිබුණා. බිරිඳට ඒ අනතුර වලක්වාගත හැකි කිසිදු ක්‍රමයක් නැහැ. එතකොට මෝටර් රථ ආඥාපනතෙ 149 වගන්තිය අනුව "අනතුරක් වලක්වා නොගැනීම" කියන එකට වැටෙන්නෙ නෑ. පොලිසිය ඒ චෝදනාව නැඟුවත් 61 NLR 152 , Doray vs Inspector of Police Dehiwala නඩුව අනුව ඒ අනතුර වලක්වා ගැනීමට ගතහැකිව තිබූ ප්‍රායෝගික පියවර කවරේද යන්න පොලිසියට අධිකරණයට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා.
මා අනතුර සිදුවූ ස්ථානයට ගිය විට අනතුර සිදු කල මහත්මයා මගේ වාහනය ඔහු කොස්වත්තේ දන්නා ස්ථානයකට දමා අලුත් වැඩියා කර දෙන්නට යෝජනා කලා. නමුත් මම කොල්ලුපිටියෙ නිසාත්, නොදන්නා ස්ථාන වලින් එම අලුත්වැඩියාව කර ගැනීමට එකඟවුනේ නැහැ. මම සාමාන්‍යයෙන් මගේ සියලුම සේවා සහ අලුත් වැඩියා කරගන්නේ වාහනයට අදාළ ආයතනයෙන්ම පමණයි.
නමුත් එයට එම මහත්මයා එකඟ වුනේ නැහැ. මගේ රක්ෂණාවරණයෙන් එය ආවරණට කර ගත්තත් රක්ෂණයෙන් මට ලැබෙන්නේ යම් ප්‍රතිශතයක් නිසා සහ මෙතෙක් මගේ එකතුවුන හිමිකම් නොපෑමේ දීමනාව අහිමිවන නිසා එය ආවරණය වන පරිදි යම් මුදලක් ලබා දීමටවත් එතුමා එකඟ වුනේ නැහැ.
එම නිසා විකල්පය ලෙස පොලිසියට පැමිණිලි කර නඩුවක් මඟින් එතුමාගේ තුන්වෙනි පාර්ශව ආවරණයෙන් සහ මගේ අනෙකුත් අලාභයන් ආවරණය කිරීමට ඔහුට විරුද්ධව සිවිල් නඩුකරයක් පැවරීම පමණයි ඉතුරු වූයේ.
එතුමාද ඊට එකඟ වූවත් , පොලිසියට පැමිණෙන ලෙස මම පැවසූ විට ඔහු ඔහුගේ මිතුරෙක් හට අමතා , මිතුරාගේ අදහස අනුව එසේ ඔහු පැමිණෙන්නට අවශ්‍ය නැති බව මා හට පැවසුවා. මගේ දැනුම අනුව ඔහු පැමිණිය යුතු බවත් , එසේ නොවන්නේ නම් එය අනතුරක් සිදු කර පලායෑමක් ගණයට වැටෙන බවත් එතුමන්ට තේරුම් කර දුන්නත් ඔහු දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරා. එම නිසා මම ඔහු නැතිවම පොලිසියට ගොස් එම පැමිණිල්ල කලා.
මා පැවසූ පරිදිම පොලිසිය එවෙලේම ඔහුව ගෙන්වූයේ නැතහොත් එය පෙර කියූ පරිදි අනතුරක් සිදු කර පලායෑමක් ගණයට වැටෙන බවත් පවසමින්.
පොලිසියේ අපගේ පැමිණිල්ල සටහන් කිරීමට පැයක පමණ කාලයකුත්, අනතුරුව ස්ථානීය පරීක්ෂණය සඳහා තවත් පැයක පමණ කාලයකුත් ගතවුනා.
අනතුරුව සති දෙකකට පසු අලුත්කඩේ අංක 7 උසාවියේ (මෙය පිහිටා තිබෙන්නේ අලුත් කඩේ උසාවි සංකීර්ණයෙ නොව කොටුවෙ සිට ටෙක්න්කල් හන්දිය පසු කරගෙන ඉදිරිය මීටර් 250 ක් පමණ එනවිට වම් අත පැත්තේ) නඩු අංක 53516 යටතේ සිකුරාදා උදේ නමයට උසාවියට පැමිණෙන ලෙස අපට දැනුම් දුන්නා.
මගේ පන්ති මිතුරෙකු වන නීතීඥ මහත්මයෙක් ගේ කණිෂ්ඨ නීතීඥයෙක් ඔහු මා වෙනුවන් පෙනී සිටින්නට නොමිලේ ලබා දුන්නා. ඔහුත් සමඟ අප අදාල උසාවි සංකීර්ණයට උදෑසන 10.30 පමණ වන විට ගියා. ඒ වන විටත් නඩු කටයුතු ආරම්භවී තිබුනේ නැහැ. නීතීඥයෙක් අවශ්‍ය නම් එහි දී නීතීඥයෙක් ගේ සහය ලබා ගන්නත් පුලුවන්, රුපියල් දාහත් දෙදාහත් අතර මුදලකට. සරළ විනීත ඇඳුමකින් ඔබට මේ අධිකරණයට යන්නට පුලුවන්.
පැය බාගයකට පසුව අපේ නඩු අංකය කැඳවුන අතර අපට රුපියල් දස දහසක වන්දියක් (Gracia Payment) ගෙවන්නට කැමති බව අනෙත් පාර්ශවය අපේ නීතීඥයාට දැනුම් දුන්නා. අපේ නීතීඥයා එයට එකඟ නොවී වැඩි මුදලක් ඉල්ලා සිටියා.
Gracia Payment දීමනාව ලබා දෙන ලෙස විනිසුරුතුමන්ට වරදකාරී පාර්ශවයට බලකරන්නට බැහැ. නමුත් එවන් දීමනාවක් ලබා දුන් විට විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී ලිහිල් දඬුවමක් ලබා දීමට එය සලකා බැලෙනවා.
එකඟතාවක් නොමැති කම නිසා නඩුව නැවත කැඳවන බව පැවසුවා. අනතුරුව දෙකකට පමණ පසු නැවත නඩුව කැඳවූ අවස්ථාවේ මගේ නීතීඥයා ඉල්ලා සිටි රුපියල් විසිදාහක මුදල ලබා දීමට අනිත් පාර්ශවය එකඟ නොවූ නිසා විනිසුරුතුමන් එක්වරම
අපරක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම, මහ පාරට පසුපසට ධාවනය කිරීම ආදී වැරදි වලට අනතුර සිදුකල මහත්මයා වැරදිකරු කොට
රුපියල් විසිපන්දාහක දඩ මුදලකුත්
මාස දෙකකට රියදුරු බලපත්‍රය අත හිටුවීමටත් නියම කලා.
මගේ ඊළඟ පියවර මේ නඩු තීන්දුව භාවිතා කර සිවිල් නඩු කරයක් මඟින් මගේ වාහනයේ හානිපූරණයට පෙරකී මහත්මයාගේ රක්ෂණාවරණයට එරෙහිවත්
මගේ කාලය , වාහනය නොමැතිව සිදුවන අපහසුතාවල අලාභයත්, වාහනයේ පිටුපස සිටි මගෙ දරුවන්ට මානසික ආතතිය හා තැතිගැන්ම නිසා වුන හානි පියවා ගැනීමට ඒ මහත්මයාට එරෙහිවත් දිස්ත්‍රික් අධිකරණයක පැවරීමටයි. ඒ වන්දිය එතුමා ලබා දිය යුත්තේ ඔහුගේ පෞද්ගලික මුදලින්. එය රක්ෂණයෙන් ආවරණය වන්නේ නෑ.
ඒ වගේ රියැදුරෙක් පදවන වාහනයක් නම් ඔබට ඒ රියැදුරාගේ හාම්පුතා හෝ ඔහු අයත් ආයතනයට ද එරෙහිව නඩු පවරා වෙන වෙනම තුන්වන පාර්ශව රක්ෂණය, රියැදුරා සහ සේව්‍යයයා යන පාර්ශව තුනෙන්ම වන්දි ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඇත්තටම මට මේ සඳහා පැය කිහිපයක් වියදම් වූවත් සහ මේ මහත්මයා සිතාමතා මේ අනතුර සිදු නොකරත් , මහපාරෙ විනයක් රහිතව රිය පදවන සමහර ප්‍රසිද්ධ වාහන වර්ග වලින් එකක් මගේ රථයක් හා ගැටුනොත් ඒ අවිනීත වාහන රියදුරන් අධිකරණයට ගෙන යාමටත් මාස කිහිපයකට හෝ එම වෘෂභ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගුකරවා මහපාරෙන් ඉවත් කර තැබීමටත් මම නම් කිසිසේත්ම පසුබට වන්නෙ නෑ.
කැමති නම් තමන්ගෙ comfort zone එකෙන් එළියට ඇවිත් පොඩි කට්ටක් කාලා ඒවගේ අවිනීත , තුප්පහි එක් රියදුරෙක්ව වත් නීතිය ඉදිරියට අරන් යන්න. ඒක මහ පාරෙ ලොකු වෙනසක් කරයි.
මගෙ මේ අත්දැකීම බෙදාගන්නෙ මේ ක්‍රමවේදය වෙන හැටි ගැන අවබෝධයක් ලබා ගන්න කැමති අය වෙනුවෙන්
අනිත් අයගෙ ටිපර් වලට කොළ පාට පත්තුවෙලා තියෙන්නෙ, කෙලින්ම ධාවනය කරගෙනම යන්න....
Source : https://www.facebook.com/groups/138969306878021?multi_permalinks=989617768479833
Moda widihata elawata happunama insurance eken hadagannawa neda ehenam kiyala yana unta denna one me wage punishment ekak.
Thun denak mehema athal deela man rasthiyadu wela hadagaththa. Un happala athal eke yanawa.
