රථවාහන නඩුවක අත් දැකිම

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    දැනට සති දෙකකට පමණ පෙර මගේ මෝටර් රථය වෙනත් මහත්මයෙක් විසින් පැදවූ මෝටර් රථයක ගැටුනා.මගේ මෝටර් රථය පැදවුයේ මගෙ බිරිඳ . දැනට වසර විසි දෙකක් රිය පදවන ඇගේ වරදින් කිසිදු අනතුරක් සිදුවෙලා නෑ.
    මෙවරත් පෙර පැවසූ මහත්මයා තම වාහනය බිෂොප් විද්‍යාලය ඉදිරිපස සිට මහපාරට රිවර්ස් කිරීමේදි මගේ වාහනයේ පිටුපස බෆරයේ ගැටී තිබුණා. බිරිඳට ඒ අනතුර වලක්වාගත හැකි කිසිදු ක්‍රමයක් නැහැ. එතකොට මෝටර් රථ ආඥාපනතෙ 149 වගන්තිය අනුව "අනතුරක් වලක්වා නොගැනීම" කියන එකට වැටෙන්නෙ නෑ. පොලිසිය ඒ චෝදනාව නැඟුවත් 61 NLR 152 , Doray vs Inspector of Police Dehiwala නඩුව අනුව ඒ අනතුර වලක්වා ගැනීමට ගතහැකිව තිබූ ප්‍රායෝගික පියවර කවරේද යන්න පොලිසියට අධිකරණයට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා.
    මා අනතුර සිදුවූ ස්ථානයට ගිය විට අනතුර සිදු කල මහත්මයා මගේ වාහනය ඔහු කොස්වත්තේ දන්නා ස්ථානයකට දමා අලුත් වැඩියා කර දෙන්නට යෝජනා කලා. නමුත් මම කොල්ලුපිටියෙ නිසාත්, නොදන්නා ස්ථාන වලින් එම අලුත්වැඩියාව කර ගැනීමට එකඟවුනේ නැහැ. මම සාමාන්‍යයෙන් මගේ සියලුම සේවා සහ අලුත් වැඩියා කරගන්නේ වාහනයට අදාළ ආයතනයෙන්ම පමණයි.
    නමුත් එයට එම මහත්මයා එකඟ වුනේ නැහැ. මගේ රක්ෂණාවරණයෙන් එය ආවරණට කර ගත්තත් රක්ෂණයෙන් මට ලැබෙන්නේ යම් ප්‍රතිශතයක් නිසා සහ මෙතෙක් මගේ එකතුවුන හිමිකම් නොපෑමේ දීමනාව අහිමිවන නිසා එය ආවරණය වන පරිදි යම් මුදලක් ලබා දීමටවත් එතුමා එකඟ වුනේ නැහැ.
    එම නිසා විකල්පය ලෙස පොලිසියට පැමිණිලි කර නඩුවක් මඟින් එතුමාගේ තුන්වෙනි පාර්ශව ආවරණයෙන් සහ මගේ අනෙකුත් අලාභයන් ආවරණය කිරීමට ඔහුට විරුද්ධව සිවිල් නඩුකරයක් පැවරීම පමණයි ඉතුරු වූයේ.
    එතුමාද ඊට එකඟ වූවත් , පොලිසියට පැමිණෙන ලෙස මම පැවසූ විට ඔහු ඔහුගේ මිතුරෙක් හට අමතා , මිතුරාගේ අදහස අනුව එසේ ඔහු පැමිණෙන්නට අවශ්‍ය නැති බව මා හට පැවසුවා. මගේ දැනුම අනුව ඔහු පැමිණිය යුතු බවත් , එසේ නොවන්නේ නම් එය අනතුරක් සිදු කර පලායෑමක් ගණයට වැටෙන බවත් එතුමන්ට තේරුම් කර දුන්නත් ඔහු දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරා. එම නිසා මම ඔහු නැතිවම පොලිසියට ගොස් එම පැමිණිල්ල කලා.
    මා පැවසූ පරිදිම පොලිසිය එවෙලේම ඔහුව ගෙන්වූයේ නැතහොත් එය පෙර කියූ පරිදි අනතුරක් සිදු කර පලායෑමක් ගණයට වැටෙන බවත් පවසමින්.
    පොලිසියේ අපගේ පැමිණිල්ල සටහන් කිරීමට පැයක පමණ කාලයකුත්, අනතුරුව ස්ථානීය පරීක්ෂණය සඳහා තවත් පැයක පමණ කාලයකුත් ගතවුනා.
    අනතුරුව සති දෙකකට පසු අලුත්කඩේ අංක 7 උසාවියේ (මෙය පිහිටා තිබෙන්නේ අලුත් කඩේ උසාවි සංකීර්ණයෙ නොව කොටුවෙ සිට ටෙක්න්කල් හන්දිය පසු කරගෙන ඉදිරිය මීටර් 250 ක් පමණ එනවිට වම් අත පැත්තේ) නඩු අංක 53516 යටතේ සිකුරාදා උදේ නමයට උසාවියට පැමිණෙන ලෙස අපට දැනුම් දුන්නා.
    මගේ පන්ති මිතුරෙකු වන නීතීඥ මහත්මයෙක් ගේ කණිෂ්ඨ නීතීඥයෙක් ඔහු මා වෙනුවන් පෙනී සිටින්නට නොමිලේ ලබා දුන්නා. ඔහුත් සමඟ අප අදාල උසාවි සංකීර්ණයට උදෑසන 10.30 පමණ වන විට ගියා. ඒ වන විටත් නඩු කටයුතු ආරම්භවී තිබුනේ නැහැ. නීතීඥයෙක් අවශ්‍ය නම් එහි දී නීතීඥයෙක් ගේ සහය ලබා ගන්නත් පුලුවන්, රුපියල් දාහත් දෙදාහත් අතර මුදලකට. සරළ විනීත ඇඳුමකින් ඔබට මේ අධිකරණයට යන්නට පුලුවන්.
    පැය බාගයකට පසුව අපේ නඩු අංකය කැඳවුන අතර අපට රුපියල් දස දහසක වන්දියක් (Gracia Payment) ගෙවන්නට කැමති බව අනෙත් පාර්ශවය අපේ නීතීඥයාට දැනුම් දුන්නා. අපේ නීතීඥයා එයට එකඟ නොවී වැඩි මුදලක් ඉල්ලා සිටියා.
    Gracia Payment දීමනාව ලබා දෙන ලෙස විනිසුරුතුමන්ට වරදකාරී පාර්ශවයට බලකරන්නට බැහැ. නමුත් එවන් දීමනාවක් ලබා දුන් විට විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී ලිහිල් දඬුවමක් ලබා දීමට එය සලකා බැලෙනවා.
    එකඟතාවක් නොමැති කම නිසා නඩුව නැවත කැඳවන බව පැවසුවා. අනතුරුව දෙකකට පමණ පසු නැවත නඩුව කැඳවූ අවස්ථාවේ මගේ නීතීඥයා ඉල්ලා සිටි රුපියල් විසිදාහක මුදල ලබා දීමට අනිත් පාර්ශවය එකඟ නොවූ නිසා විනිසුරුතුමන් එක්වරම
    අපරක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම, මහ පාරට පසුපසට ධාවනය කිරීම ආදී වැරදි වලට අනතුර සිදුකල මහත්මයා වැරදිකරු කොට
    රුපියල් විසිපන්දාහක දඩ මුදලකුත්
    මාස දෙකකට රියදුරු බලපත්‍රය අත හිටුවීමටත් නියම කලා.
    මගේ ඊළඟ පියවර මේ නඩු තීන්දුව භාවිතා කර සිවිල් නඩු කරයක් මඟින් මගේ වාහනයේ හානිපූරණයට පෙරකී මහත්මයාගේ රක්ෂණාවරණයට එරෙහිවත්
    මගේ කාලය , වාහනය නොමැතිව සිදුවන අපහසුතාවල අලාභයත්, වාහනයේ පිටුපස සිටි මගෙ දරුවන්ට මානසික ආතතිය හා තැතිගැන්ම නිසා වුන හානි පියවා ගැනීමට ඒ මහත්මයාට එරෙහිවත් දිස්ත්‍රික් අධිකරණයක පැවරීමටයි. ඒ වන්දිය එතුමා ලබා දිය යුත්තේ ඔහුගේ පෞද්ගලික මුදලින්. එය රක්ෂණයෙන් ආවරණය වන්නේ නෑ.
    ඒ වගේ රියැදුරෙක් පදවන වාහනයක් නම් ඔබට ඒ රියැදුරාගේ හාම්පුතා හෝ ඔහු අයත් ආයතනයට ද එරෙහිව නඩු පවරා වෙන වෙනම තුන්වන පාර්ශව රක්ෂණය, රියැදුරා සහ සේව්‍යයයා යන පාර්ශව තුනෙන්ම වන්දි ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
    ඇත්තටම මට මේ සඳහා පැය කිහිපයක් වියදම් වූවත් සහ මේ මහත්මයා සිතාමතා මේ අනතුර සිදු නොකරත් , මහපාරෙ විනයක් රහිතව රිය පදවන සමහර ප්‍රසිද්ධ වාහන වර්ග වලින් එකක් මගේ රථයක් හා ගැටුනොත් ඒ අවිනීත වාහන රියදුරන් අධිකරණයට ගෙන යාමටත් මාස කිහිපයකට හෝ එම වෘෂභ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අවලංගුකරවා මහපාරෙන් ඉවත් කර තැබීමටත් මම නම් කිසිසේත්ම පසුබට වන්නෙ නෑ.
    කැමති නම් තමන්ගෙ comfort zone එකෙන් එළියට ඇවිත් පොඩි කට්ටක් කාලා ඒවගේ අවිනීත , තුප්පහි එක් රියදුරෙක්ව වත් නීතිය ඉදිරියට අරන් යන්න. ඒක මහ පාරෙ ලොකු වෙනසක් කරයි.
    මගෙ මේ අත්දැකීම බෙදාගන්නෙ මේ ක්‍රමවේදය වෙන හැටි ගැන අවබෝධයක් ලබා ගන්න කැමති අය වෙනුවෙන්
    අනිත් අයගෙ ටිපර් වලට කොළ පාට පත්තුවෙලා තියෙන්නෙ, කෙලින්ම ධාවනය කරගෙනම යන්න....

    Source : https://www.facebook.com/groups/138969306878021?multi_permalinks=989617768479833


    Moda widihata elawata happunama insurance eken hadagannawa neda ehenam kiyala yana unta denna one me wage punishment ekak.

    Thun denak mehema athal deela man rasthiyadu wela hadagaththa. Un happala athal eke yanawa.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Moda widihata elawata happunama insurance eken hadagannawa neda ehenam kiyala yana unta denna one me wage punishment ekak.

    Thun denak mehema athal deela man rasthiyadu wela hadagaththa. Un happala athal eke yanawa.

    මටත් ඔහොම වෙලා තියෙනවා බන්. එකෙක් ඇවිල්ල කාර් එකට පුකෙම ඇරියා, වාහනෙම වැඩක් නෑ බන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Moda widihata elawata happunama insurance eken hadagannawa neda ehenam kiyala yana unta denna one me wage punishment ekak.

    Thun denak mehema athal deela man rasthiyadu wela hadagaththa. Un happala athal eke yanawa.
    සහතික ඇත්ත.... ගෙවන්න අකමැති නිසා අන්තිමට පාඩුව නිවැරදි කාරයා දරාගන්න වෙනවා.
    කාලේ, මුදල් මහන්සිය අපතේ....
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ රක්ෂණාවරණයෙන් එය ආවරණට කර ගත්තත් රක්ෂණයෙන් මට ලැබෙන්නේ යම් ප්‍රතිශතයක් නිසා සහ මෙතෙක් මගේ එකතුවුන හිමිකම් නොපෑමේ දීමනාව අහිමිවන නිසා එය ආවරණය වන පරිදි යම් මුදලක් ලබා දීමටවත් එතුමා එකඟ වුනේ නැහැ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    හපෝ මූ වගේ "අනුන්ට පාඩම් උගන්නන එක ජීවිත අරමුණ කරගත්ත" ගෑනියෙක්ගේ වාහනේ හැප්පුනොත් ඉවරයි ඉතින්. නඩු කිය කිය ඉන්න පුළුවන්.
    එක අතකට ඌ හරි. හැමෝම කාලේ නාස්තිය ගැන හිතන නිසා තමා ඔය ඔක්කොම.
    බොහොමයක් ඇන්නා පැන්න වෙලා තියෙන්නේ. අල්ලාගත්තත් ගෙවන්න බෑ සල්ලි නෑ කියලා මාරු වෙන්නේ මේ නිසා...
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අප්පා... මොන රස්තියාදුවක්ද මේ.. මෙහෙම ආතල් එකේ කරන්න තිබුනා අක්කර දෙතුන් සීයක් පොල්, තේ වවලා මාසෙ අන්තිමට ඇට දෙක කහ කහා ඉන්දැද්දි ලක්ස ගානක් හම්බෙනවනං.. නැතුව රස්සාවක්, බිස්නස් එකක් පාඩු කරගෙන මෙහෙම පුක දීලා සමාජෙ හදන්න යනවනං උට උපන් ගෙයි මොංගල්.. එච්චරයි.

    මිනිස්සු ජීවත් වෙන්න ඕන තමන් ජීවත් වෙන වටපිටාව අඳුරගෙන. එංගලන්තෙ කරන්න හරියන දේවල් මෙහෙ කරන්න යනවා කියන්නෙ පුස් බූරුවෙක් ඌ, ආයෙ කතා දෙකක් නෑ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හෑම එකාම හප්පලා එන්නේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න කියාගෙන.. පොලිසිය වුනත් කියන්නේ එහෙම. මේ විදිහට හරියට වෑඩේ වෙනවා නම් පිස්සො වගේ එලවලා අනතුරු කර ගන්න එක අඩු වෙනවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ මනුස්සයට වරදක් කියන්න බෑ මිනිහගේ චේතනාව හොඳයි.

    මගෙත් දැන් මාස කීපෙකට කලින් බයික් එකක ඩබලක් කෙලගෙන ඇවිල්ලා බෆර් එක කඩාගෙන ගියා. නැවැත්තුවේ නෑ. පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් බයික් එකේ නොම්බරේ ලියාගෙන මට දුන්නා. මම ඉතින් ස්තුතියි කියලා ගත්තා.

    ඒත් මම පොලීසි ගියේ නෑ. මට ඒක හදාගන්න එක ලාභයි ඔය රස්තියාදුවට වඩා.

    ඒත් හැමෝම එහෙම අත ඇරලා දාන්න ගියොත් සමාජය හැදෙන්නෙ නෑ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මටත් ඔහොම වෙලා තියෙනවා බන්. එකෙක් ඇවිල්ල කාර් එකට පුකෙම ඇරියා, වාහනෙම වැඩක් නෑ බන්.
    Math pare yanakota eka 3wheel pakek reverse kara maha parata. Rear door ekata passen ebuna wahane athulata. U kiyanawa reverse karaddi man hitiye nalu. Athule podi ekek hitapu nisa mukuth kiwwe na.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    anemanda bn lankawe neethiya rasthiyadu wena nisa thamai godal aya insurance eken claim karagena nikan inne. minissunwa apita hadanna bh neethiyatai minissunwa hariyata hadanna puluwan. eth ewa ikman nh.
     
    • Like
    Reactions: tha123 and eksudda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක අතකට ඌ හරි. හැමෝම කාලේ නාස්තිය ගැන හිතන නිසා තමා ඔය ඔක්කොම.
    බොහොමයක් ඇන්නා පැන්න වෙලා තියෙන්නේ. අල්ලාගත්තත් ගෙවන්න බෑ සල්ලි නෑ කියලා මාරු වෙන්නේ මේ නිසා...
    සමාජයේ මේ වගේ සුළු අත්වැරදි කරන එවුන්ට පාඩම් උගන්නන එක කරන්න කරන්න හිතුනට අපි කරන්න යන්නේ නෑනෙ.

    එතකොට එහෙම කරන්න යන්නෙ ටිකක් විතර මානසික ආතතියකින් ඉන්න සුළු පිරිසක්.
     
    • Dislike
    Reactions: Hyaenidae

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමාජයේ මේ වගේ සුළු අත්වැරදි කරන එවුන්ට පාඩම් උගන්නන එක කරන්න කරන්න හිතුනට අපි කරන්න යන්නේ නෑනෙ.
    එතකොට එහෙම කරන්න යන්නෙ ටිකක් විතර මානසික ආතතියකින් ඉන්න සුළු පිරිසක්.

    සමහර උන් ඉන්නවා උන් වැරැද්ද කරන්නේ. කතාව ලොකු ලෙවල් එකෙන්. පාඩුව අපේ අතින් හදාගන්න කියලා. හරියට අපි හැප්පුවා කියලා.
    අපි උසාවි යන්න කාලේ කන්න අකමැති නිසා පාඩුව විද දරාගෙන ඌව යවනවා නිකං. ඇත්ත අපේ ජීවිතේ බිසී නිසා අපි ශේප් වෙනවා.... එත් ඔය විදිහට කාර් එක කුඩු වෙන්නම හප්පුවොත් උබ නිකන් ඉන්නවා ද ? නෑ නේ...

    තමන් ගේ අතින් හැප්පුනා නම් සාදාරන ගානක්, අරුට බිස්නස් එකෙන් profit එන්න නෙමේ, නමුත් වෙච්ච පාඩුව වත් දෙන්න එපැයි.
    ඌ ව නිකන් යැව්වම ඌ ඊලග පාරත් හප්පලා ඔය ක්‍රමේම කරලා නිකන් ඉන්නවා... වැඩේ තියෙන්නේ ඒක කරන්න හැමෝටම බෑ. එත් හැමෝම එපා කිව්වොත් හප්පපු එකා වැරදි නෑ නිවැරදි එකා තමා වැරදි වෙන්නේ ඉස්සරහට.

    දැන් නො ක්ලෙම් බෝනස් එක පාඩුව විතරක් නෙමේ රෙපයාර් වලට 35% අතින් දරාගන්න වෙනවා බොහොමයක් ඒවා ට....
    සුළු වැරද්දක් කියන්නේ srach එකක් වගේ නේ. එත් හිතන්න නැනෝ කෝට් එකක් ගහපු එකක් නම් ඒවා ඔක්කොම සල්ලි තමා. නැත්තන් එක ඒ මනුස්සයට ලොකු වෙන්න පුළුන.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකව වගේ හොර ගුහවල් වල ඌ වාහන පදින්නේ නෑ කියල සහතික වෙන්නේ කොහොමද ? ඌ සමහර විට නඩුව ඉවරවෙලා යන්න ඇත්තෙත් උගේ වාහනේ වෙන්න ඇති
     
    • Sad
    Reactions: wqe123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අප්පා... මොන රස්තියාදුවක්ද මේ.. මෙහෙම ආතල් එකේ කරන්න තිබුනා අක්කර දෙතුන් සීයක් පොල්, තේ වවලා මාසෙ අන්තිමට ඇට දෙක කහ කහා ඉන්දැද්දි ලක්ස ගානක් හම්බෙනවනං.. නැතුව රස්සාවක්, බිස්නස් එකක් පාඩු කරගෙන මෙහෙම පුක දීලා සමාජෙ හදන්න යනවනං උට උපන් ගෙයි මොංගල්.. එච්චරයි.

    මිනිස්සු ජීවත් වෙන්න ඕන තමන් ජීවත් වෙන වටපිටාව අඳුරගෙන. එංගලන්තෙ කරන්න හරියන දේවල් මෙහෙ කරන්න යනවා කියන්නෙ පුස් බූරුවෙක් ඌ, ආයෙ කතා දෙකක් නෑ..

    hamoma ohoma hithana nisa tamai ratata kela wela tiyenne
    api hamoma ohoma job, business karagena life eka goda gahanna haduwath ratak widiyata pirihelanam rate indala wedak nane

    thamanta karanna bari nam nokara inna, habai karana minissunwa appreciate karanna encourage karanna
    oka trending unama ara wage weradi karana minissu adu wenawa
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    hamoma ohoma hithana nisa tamai ratata kela wela tiyenne
    api hamoma ohoma job, business karagena life eka goda gahanna haduwath ratak widiyata pirihelanam rate indala wedak nane

    thamanta karanna bari nam nokara inna, habai karana minissunwa appreciate karanna encourage karanna
    oka trending unama ara wage weradi karana minissu adu wenawa
    :love: