අද මම වාහනේ යද්දි පොලිසියෙන් නැවැත්තුව. පස්සෙ මගේ ළඟට ඇවිල්ල කිව්ව වාහන ඩ්‍රයිව් කරන අතරෙ කිසිම මොබයිල් ඩිවයිස් එකක් යූස් කරන්න බෑ කියල. මම එවෙලෙ Airpods කනේ ගහගෙන හිටියෙ. මම කිව්ව ෆෝන් එක යූස් කරේ නෑ මම මේක දාගෙන හිටිය විතරයි ඒකෙත් කිසිම කෝල් එකකවත් හිටියෙ නෑ කියල. මූ කියනව ෆෝන් වලට කනෙක්ට් කරල තියෙන ඔය වගේ ඩිවයිස් මුකුත් පාවිච්චි කරන්න බැරිලු වාහන වල යද්දි. මම ඇහුව එහෙම තියෙන්නෙ කොහෙද කියල, රථ වාහන පණතෙලු. මම ඒකෙ මොන වගන්තියේද තියෙන්නෙ ඇහුවම ඒක කිව්වෙත් නෑ. මම ඌට කිව්ව මෙහෙම දෙයක් මම අදමයි ඇහුවෙ කියල. මූ කියනව ඔබතුමා මේක ගැන නොදන්න නිසා නීතිය දැනුවත් කලේ ආයිත් මේ විදියට අහු උනොත් දඩයක් ලියන්න වෙනව කියල.
මම දැන් ගෙදර ඇවිල්ල ඒ පණතත් බැලුව. ඒකෙ සිංහල & ඉංග්‍රීසි දෙකම මෙතැන දාන්නම්,
මේක සිංහල,
https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6132.pdf
මේක ඉංග්‍රීසි,
https://www.parliament.lk/uploads/acts/gbills/english/6132.pdf
මේ පණත සංශෝධනය කරල තියෙන්නෙ 2019.
මට දැනගන්න ඕන මේක අන්තිම සංශෝධනයද? මෙයිට පස්සෙ මුකුත් කරල තියෙනවද?
ඊට පස්සෙ මෙන්න මොබයිල් ඩිවයිස් පිළිබඳව ඒකෙ තියෙන තැන
ඒකෙම ඉංග්‍රීසි එක,
මේකෙ පැහැදිලිවම තියෙනව චංචල සන්නිවේදන උපකරණ කියල. මට තේරෙන විදියට ෆෝන් එකක්, වෙන මොනවහරි එකක් යූස් කරන එකක් ගැන මේ කියල තියෙන්නෙ. Airpods, Handsfree යූස් කරනව කියන්නෙ ඒක Wearable(පළඳින උපකරණ) විදියට නේද වැටෙන්නෙ?
මේ ගැන හරියට දන්න කෙනෙක් හෝ ලෝයර් කෙනෙක් මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.