රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති

nalakas987

Active member
  • Oct 13, 2007
    762
    31
    28
    [/SIZE]රාජපක්ෂ කොම්පැණිය කරපු ගොඩක් දේවල් සාර්ථක උනේ ඒ කොම්පැණියේ කට්ටියට විතරයි. ජනතාවට සොරිම තමා.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    colombo loku karapu ekanam watinawa :D

    hambanthota hadanne nathuwa colombo thawa loku karanam kiyala wadak na :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අසාර්ථක ව්‍යාපෘති නම් කොච්චර තියෙනවද. ඔය හැම එකක්ම අසාර්ථක උනේ අවශ්‍ය දේවල් අවශ්‍ය කාලයට කරන්නේ නැති කම හින්දා. අවුරුදු 10 ක් ඉස්සරහට කරන්න තියෙන දේවල් දැන්ම කරනවා. දැන් කරන්න තියෙන දේවල් කල් දානවා. සමහර ව්‍යාපෘති කරන්න කලින් ඒ ප්‍රදේශය දියුණු කරන්න ඕන. එහෙම නැතුව අර තමන්ගේ Ego ඒක සනසවා ගන්න දේවල් කලාම අන්තිමට ණය බර දැනෙන්නේ රටට.


     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අසාර්ථක ව්‍යාපෘති නම් කොච්චර තියෙනවද. ඔය හැම එකක්ම අසාර්ථක උනේ අවශ්‍ය දේවල් අවශ්‍ය කාලයට කරන්නේ නැති කම හින්දා. අවුරුදු 10 ක් ඉස්සරහට කරන්න තියෙන දේවල් දැන්ම කරනවා. දැන් කරන්න තියෙන දේවල් කල් දානවා. සමහර ව්‍යාපෘති කරන්න කලින් ඒ ප්‍රදේශය දියුණු කරන්න ඕන. එහෙම නැතුව අර තමන්ගේ Ego ඒක සනසවා ගන්න දේවල් කලාම අන්තිමට ණය බර දැනෙන්නේ රටට.



    :yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අර සිංදු වගයක් මතක් උනා...

    "ඔලුව තදින් නරක් වෙච්ච.. මිනිසුන් පිරිසක් හැදිච්ච..
    අරුම පුදුම රටක් තියෙනව ඕයි!"

    "මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක...
    මටත් හොරෙන් මම විකිණෙන අමුතු රටක් මේක"

    දැන් ඇතැම් අය හිතනව ඇති "මේ වගේ ලිං මැඩියො, රටේ දියුණුව නොදකින පටු මිනිස්සු" කියල. අපි ආසයි රටට හොදක් වෙනවට. ඒ නිසා තමයි අසාර්ථක ව්‍යාපෘති දැක්කම ඒ ගැන කතා කරන්නෙ.
    යුද්දෙ දිනුව. මාරම වටිනවා. ලොක්ක හරි, ෆොන්සේක හරි, අපේ කොල්ලො හරි, මොක්කු හරි ඕක කොලානෙ අපිට අද බයක් නැතුව පාරෙ යන්න. හැබැයි ලොක්ක ඊට පස්සෙ දෙන ගේම් නම් කුජීතයි. දැන් ලංකාවම එක පවුලක්! (ඒ කතාවෙ ලොකු තේරුමක් තියෙනවා, ඒ කියන්නෙ ලංකාව යනු රාජපක්ෂ පවුලයි, ඉස්සර රජකාලෙ වගේ තමයි දැන් වෙන්නෙ. තත්වය භයානකයි)
    පාරවල් හදනවා. කොච්චර හොදද. මග නැගුම, දිවි නැගුම, පක නැගු.. (ආ වැරදුනා!.. තාම ගණිකා සීන් එක පටන් ගත්තෙ නෑනෙ) :rolleyes:
    නෑ ඇත්තටම මග නැගුම, දිවි නැගුම හොද දේවල්. ලොක්ක පොඩි මිනිහ ගැනත් හිතනවා. :yes: හැබැයි ධම්මික පෙරේරා ගැන ඊට වඩා චුට්ට්ට්ට්ට්ට්ට්.....ක් වැඩියෙන් හිතනවා. :confused: ඒ චුට්ට ඇති ධම්මික බොසාගෙ ෆැක්ටරියට බොරේ දාපු ඡන්ද දායකයො දෙන්නෙක් තුන්දෙනෙක් ගෙ ඔලු කට්ට හිල් කරන්න :angry:
    ලොක්ක මුල්ම දවස්වල කිව්වෙ "පලමුව මගේ රට, දෙවනුව මගේ රට, තෙවනුවත් මගේ රට" කියල. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා. (පොඩ්ඩයි ඈ, මෙන්න මේ වගේ)

    පලමුව මම සහ මගේ බිරිද හා ලමයි
    දෙවනුව මගේ ළගම නෑයෝ සහ නෝනගේ ලගම නෑයෝ
    තෙවනුව මගේ දුර නෑයෝ සහ නෝනගේ දුර නෑයෝ
    සිව්වනුව මගේ උපදේශක හැත්ත බුරුත්ත සහ ධම්මික පෙරේ‍රා
    පස්වැනුව මගේ ඇමති බබාලා
    සයවැනුව මංත්‍රී මල්ලිලා
    සත්වැනුව අප්‍රිකාවෙ ගෝත්‍රික බඩු කාපර් රජගොල්ල (ලොක්ක මුන්ට හරි ආදරෙයි) :yes:
    අටවැනුව මත්තල එයාපෝට්
    නවවැනුව හම්බා වරාය
    දසවැනුව වීරවිල ඉස්කෝලෙ
    එකොලොස්වැනුව නෙලුම් පොකුණ
    දොලොස්වැනුව රන්මිහිතැන්න
    දහතුන්වැනුව රට
    දාහතරවැනුව ජනතාව
    (මැතිවරණ සමයේදි අංක 14 අංක එක ස්ථානයට විධායක බලතල ඔස්සේ පැමිණෙන බව කරුණාවෙන් සලකන්න) :rolleyes:

    රටට අපි හැමෝම ආදරෙයි. ඒ වගේම බිලියන ගනන් ණය වෙලා ලොක්ක නටන ගොං පාට් මිනිස්සු නොදන්නව නෙවෙයි. මට එක ගැටලුවක් තියෙනවා. මේ ගැන හඩක් නැත්තෙ ඇයි? බයද? නිවට කමද?