Port City එක ගැන කතා දෙකක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    ජෙප්පෙක් කියල හංවඩු ගැහිච්ච එකෙක් ලියපු කතාවකුයි හිටපු රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක ලියපු කතාවකුයි මෙතන තියෙනවා. මොන කතාවද මෙතන ඇත්ත? 🤔

    සරලව ෆෝට් සිටි කියන්නෙ වෙනම රටක්. ඒකෙ 83,000ක් job vacancy තියනව. ලංකාවෙ උන්ටත් ඒකෙ වැඩට යන්න පුලුවන්.අනිත් රටවල උනුත් එයි. හරියට උබල ඉතාලියෙ වැඩට ගියා වගේ. ලංකාවෙ කම්කරු නීති එහෙ නෑ. පඩි ගෙවන්නෙ ඒ රටේ සල්ලි වලින්. පඩි අරන් ලංකාවට ආපු දවසට රුපියල් වලට මාරු කරගන්න පුලුවන්.
    උබලට කැමතිනම් එහෙටම වෙලා ඉන්නත් පුලුවන්. එහෙ තියන ගොඩක් බඩු duty free ඒව. ඒක නිසා ජීවන වියදම ටිකක් අඩුයි. එහෙම කියල ලංකාවෙ උන්ට උදේ හවස එහෙන් බඩු ගේන්න යන්න බෑ. එහෙන් ලංකාවට බඩු ගේනව නම් බදු ගහනව (අජිත් නිවාඩ් කබ්‍රාල්ට අනුව එහෙම කරන්නෙ ලංකාවෙයි, එහෙයි price වල වෙනස තුලනය කරන්න).
    එහෙ උබලට ඡන්ද නෑ. හැබැයි ඡන්දෙ දවසට "ෆෝට් සිටියෙ සිට ආමි, රණවිරු ගායෙන් පෙලෙමි, නාමල් දිනවනු රිසියෙන් ආමි" කියල ලොකු බෝඩ් එකක් ගහන් ඇවිත් ඡන්දෙ දාල යන්න පුලුවන්.
    ඒ රට හදන්න ගල්, පස්, වැලි ගත්තෙ ලංකාවෙන්. ඒ රට හැදුවෙ ලංකාවට අයිති බිම් තීරයක. ඒ වෙනුවෙන් ඒ රටේ සමස්ත ලාබයෙන් 1% ක් ලංකාවට ගෙවනව. ලාබෙ කීයද කියල බලන්නෙත් ඒ රටේ උන්ම තමා. ඕනෙ නම් අවුරුද්ද ඉවර උනාම පාඩුයි කියල කීයක්වත් නොදී ඉන්නත් පුලුවන්. ඔය ඕනෙ තරම් උබල වැඩ කරන කොම්පැනි වලින් බෝනස් ඉල්ලපුවහම කියන්නෙ. "මේ අවුරුද්ද පාඩුයි. ලබන පාර බලමු. තව උවමනාවෙන් වැඩ කරන්න". තමන් වැඩ කරන කොම්පැනියෙ ලාබෙ දන්නෙත් නැති අපි, වෙන රටක ලාබෙ කොහොම හොයන්නද, දෙයියනේ....!
    ඔහොම අවුරුදු 99ක් යනව. ඊට පස්සෙ ඒ රටෙන් අක්කර 50 ක් චීනෙට අයිති වෙනව (දේශප්‍රේමී නායකය අත්සන් කරපු ඒ ගිවිසුම පඹය වෙනස් කරාට පස්සෙ ඒ 50 ලංකාවට අයිති වෙනව කියල කතාවකුත් තියනව). ඉතුරු ටික ලංකාවට අයිති වෙනව. ඒ 2125 දී. උබගෙ පුතාලත් මැරිල. එතකොට ලංකාව කියල රටක් නෑ. ඒ රටත් චීනෙන්ම අරගෙන. සරලව කිව්වොත් 2125 වෙනකොට, ඒ රටයි මේ රටයි දෙකම චීනෙට අයිති වෙනව.
    ඒත් ලංකාවෙ ඇමතිලට අනුව, අලුත් රට පටන් ගන්න එක ලංකාව සිංගප්පූරුවක් කරන එකේ හැරවුම් ලක්ෂය ලු. ලංකාවම ගොඩ යන පාරලු. අඩේ එච්චර පොඩි භූමියකින් ලංකාවම ගොඩදාන්න පුලුවන්නම්, 65,000 km^2 ලොකු රටක් තියාගෙන තොපි අවුරුදු 73ක් පොල් ගෑවද කියල තමා අහන්න වෙන්නෙ. කමක් නෑ ඉතින් දැන් හරි පාර හොයාගත්ත සර්ට ගොඩාක් ආදරෙයි...
    ❤
    ❤
    ❤
    👏


    [ඌ පෝට් සිටි එකට කියන්නේ ෆෝට් සිටි කියල, හැබැයි ලස්සන කතාව.. 🙄]

    හැබෑටම පෝර්ටි සිටිය චීන කොලනියක්ද?
    නැත සමිපූර්ණයෙන්ම වැරදි කියමනක්.
    එහෙනමි මොකක්ද?
    ශ්‍රී ලංකා රජයට 100% ක්ම සින්නක්කරව අයිති හෙක්ටයාර 269 ක එනමි අක්කර 664 ක භූමි භාගයක්.දියකඩනයත්, දිය අගලත් එකතු කරපුවහම තමයි ඔය කියන අක්කර 1102 එන්නේ.
    රජයට මුක්තිය තිබෙිද?
    ඔවි ශ්‍රී ලංකාපොලීසියට නීතිය ක්‍රියාත්මක කල හැකිවීම හොදම සාක්ෂියක්.රටෙි පොදු නීතියට අයත් වෙි.කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් කර ඇති බිමි කඩක්.
    ඇයි මෙතරමි බදු සහන දෙන්නේ.
    ඉතාමත් මිත්‍රශීලී ආයෝජන වාතාවරණයක් වටා පිටාවක් ති⁣බුනොත් පමනයි ලෝකයේ සෑම රටකින් පාහේ ධනවත්ම ආයෝජකයෝ එන්නේ. එහෙත් ඔවුන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට යටත්.
    මෙම පනත 2016 දී තමයි මුලින්ම ගෙනාවේ. මෙම රජය එය සංශෝධනය කරලා නීතිපතිගේ අනුමැතියෙන් පාර්ලිමෙින්තුවට ගෙන ආ පනතක්. එහි නීත්‍යානූකූල බව උපරිමාධිකරණය තීරණය කරනු ඇති.
    තවද මෙම කොමිසමට ස්වකීය අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර එම කොමිසම හා එහි අරමුදල් අදාල ඇමතිවරයාට හෝ ජනපතිට වගකිව යුතුය. කොමිසමෙි අධ්‍යක්ෂක මන්ඩලය ජනපතිට ඔිනෑම වෙිලාවක වෙනස් කල හැක.
    රජයට ලොකු වියදමක් යන්න ඇතිනේ මෙික හදන්න.
    අපෝ නැහැ සත පහක්වත් ගිහින් නැහැ (Zero Cost) තනිකරම විදෙස් සමාගමක ආයෝජනයක්.
    කවුද ඒ.
    ඒ තමයි China Engineering
    Cor Port City Colombo Ltd කියන චීන රජය සතු සමාගමක් ඩොලර් බිලියන 1.4ක දැවැන්ත ආයෝජනයක් කරලා තියෙන්නේ.( එහෙනමිඅර කෙබර ලපයා කීවෙි ලංකාවෙි කළුගල් ඉවර වෙනවා කියලා සීගිරියත් කඩලා දාන්න ඇතිනේද? පටිට කුහකයෝ).
    ඉතින් මීයක් කඩන්නේ අත ලෙව කන්නද?
    නැහැ.
    ඉහත කී සමාගමට (ව්‍යාපෘති සමාගම) මෙම port city යෙන් ගොඩනැගිලි හැදිය හැකි වපසරිය වූ අක්කර 439 න් 286 ක් ප්‍රති බදු දිය හැකි අතර ඉතිරිය ප්‍රතිබදු දීමට රජයට හැකිය. ව්‍යාපෘති සමාගම ස්වකීය ආයොජනය එසේ ප්‍රති පූර්ණය කරගනු ඇත.
    ඉතින් සිංගප්පූරැව,ලාස් වෙිගාස් ජෙන්ටිං හයිලන්ඩිස්,වැනි ආකර්ෂණීය බිමක් බිහිවෙන්නයි යන්නේ. අපේ රටෙි අනාගතයේ බිමිකඩ තමයි port city ය.
    පෝර්ටි සිටියේ පිහිටීම ගැන තව විස්තර කලොත්.
    මෙිකේ ගොඩනැගිලි හදන්න පුළුවන් අක්කර 439 ක පමනයි හොදේ. ඉතිරිය එනමි අක්කර 224 ක්ම මහාමාර්ග,පදික තීරැ,උද්‍යාන,ඇල මාර්ග,යොක්ටි යාත්‍රාංගනය, අනෙකුත් යටිතල පහසුකමි සහ කිසිදු බාධාවකින් තොරව ඔබ මොබ යා හැකී දර්ශණීය වෙරළ තීරයකුත් තියෙනවා ඔන්න ඇවිදින්න.
    තව මොනවද ?
    සුපිරි වාතාශ්‍රයක් තිබෙන ,අති රමණීය දර්ශණ තල හා ආකර්ශණීය මුහුදු වෙරළක්
    ,අති සුඛෝපභෝගී යොක්ටි යාත්‍රාංගනයක් ,(Super Laxury Yochting)
    තවද මෙම නගරය ලොව කාර්යය බහුලමහ මුහුදු මගක පිහිටීම.(Maritime Super Highway).භූගෝලීය පිහිටීමත් (Geographical Jackpot).චීනයට හා ඉන්දියාවට පිවිසුමි ද්වාරයක් (Gateway to China and India ).
    නිදහස හා සතුට දෝරේ ගලන ක්‍රියාකාරකමි ( (Leisure Activity).
    මෙහි ලොව විශාලතම මූල්‍ය නගරයක්ද පිහිටවේ. (Financial City.. Hub ).තටිටු 100 ගොඩනැගිල්ලක්..!
    වෙළද ආයතන හා පෞද්ගලික නිවාස.(Villas etc.)
    විශේෂිත දේවල්.
    Convention Centre.
    Auditorium.
    Medical Tourism. Best hospital.
    International Schools.
    Entertainment and theme resort.
    City tourism
    සුපිරි රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමානයක්ද ශ්‍රි ලංකිකයන්ට හිමිවන මෙහි තාක්ෂණ, මූල්‍ය සේවා, රක්ෂණය, ආදී දකුනු ආසියාවෙි විශිෂඨ සේවා සැපයුමක් මෙම නගරය ලබාදේ...බුද්ධිගලනයට හොද විසදුමක්..
    විදෙස් ඍජු ආයෝජන (FDI) විශාල වශයෙන් මෙරටට ගෙන එන මෙම මහගු උල්පත දුෂ්ඨයන්ට වෙනස් කිරීමට ඉඩ නොදෙමු...
    🇱🇰
    🇱🇰
    🇱🇰


    පරාක්‍රම බස්නායක
    හිටපු රේගු අධ්‍යක්ෂ.




     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    කළුගල් කතාවත් එක්ක දැන් කාව විශ්වාස කරන්නද කියලා sure නැහැ :unsure:
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ජෙප්පෝ කියන කතාවට වැඩිය හිටපු රේගු අධ්‍යක්ෂ කියන කතාව පොඩ්ඩක් legit වගේ.
    ඔන්න ඔය ටික පැහැදිලිව කියාගන්න එකෙක් නන්දසේනගේ ආණ්ඩුවේ හිටියා නම් ඩීල්දාස අරවගේ නටන්නේ නෑ.
    අනාථ සිංහලුන්ට අතුගාන්න හරි රස්සා ටිකක් ලැබෙයිනෙ. කොහොමත් කොලනියක ජීවත් වෙන එකේ අමුතුවෙන් ආයේ ඉගෙන ගන්න දෙයක් නෑ.
    වෙන රටක ආයෝජනයකින් නගරයක් හදලා ඒක නන්දසේනයා යයි විවෘත කරන්න.
    එදා වේල කන්න නැති අනාථ පුන්නක්කු බයියෝ රගයි දැන් ඕක දැකලා 😂🤣
    එකෙක්වත් විස්වාස කරන්න හොද නෑ චීනා ඕක හැදුවේ අත පිහිදාගන්න නෙමෙයිනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුපිරි රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමානයක්ද ශ්‍රි ලංකිකයන්ට හිමිවන මෙහි තාක්ෂණ, මූල්‍ය සේවා, රක්ෂණය, ආදී දකුනු ආසියාවෙි විශිෂඨ සේවා සැපයුමක් මෙම නගරය ලබාදේ...බුද්ධිගලනයට හොද විසදුමක්..
    විදෙස් ඍජු ආයෝජන (FDI) විශාල වශයෙන් මෙරටට ගෙන එන මෙම මහගු උල්පත දුෂ්ඨයන්ට වෙනස් කිරීමට ඉඩ නොදෙමු...
    🇱🇰


    🇱🇰


    🇱🇰
     
    • Haha
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    මම නන් පෝට් සිටියටත කැමතියි.,mcc එකත් එක්කම.ඕක කරන්න තිබ්බ නන් තවත හොදයි.බල තුලනයකුත වෙනවා
    Same.

    Mokak unath kamak na ratata salli enawanam. Meke theluth nathi eke
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැළණි පන්සලේ ලොකු හාමුරුදුවෝ , අපිට විශාල ශබ්දයක් ඇසුනා එතකොට උදාර මහතා නාග ලෝකෙන් මණිඅක්ඛිත නා රජු MADE IN CHINA බෝතලෙන් අරන් ගොඩට ආවා කියල හෙන පචයක් කෙලලා පජාත උන එකේ.

    හිටපු රේගු අධ්‍යක්ෂ කියන ඒවා විස්වාස කරන්න පුලුවන්ද ? හමුරුදුවොත් පච කෙලිනවා නම් හිටපු රේගු අධ්‍යක්ෂට පච කෙලින එක සිම්පල් වැඩක් නේ ?


    ඔය වගේම 2015 මහා බැංකු කොල්ලයක් උනේ නෑ කියලා, මහා බැංකුවේ සෙට් එකක්ම දෙරණේ ඇවිල්ල කිවා. එහෙම හොරකමුත් වහපු රටක ඕවා විස්වාස කරන්න පුලුවන්ද බන් ?

    කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියලා ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    කැළණි පන්සලේ ලොකු හාමුරුදුවෝ , අපිට විශාල ශබ්දයක් ඇසුනා එතකොට උදාර මහතා නාග ලෝකෙන් මණිඅක්ඛිත නා රජු MADE IN CHINA බෝතලෙන් අරන් ගොඩට ආවා කියල හෙන පචයක් කෙලලා පජාත උන එකේ.

    හිටපු රේගු අධ්‍යක්ෂ කියන ඒවා විස්වාස කරන්න පුලුවන්ද ? හමුරුදුවොත් පච කෙලිනවා නම් හිටපු රේගු අධ්‍යක්ෂට පච කෙලින එක සිම්පල් වැඩක් නේ ?


    ඔය වගේම 2015 මහා බැංකු කොල්ලයක් උනේ නෑ කියලා, මහා බැංකුවේ සෙට් එකක්ම දෙරණේ ඇවිල්ල කිවා. එහෙම හොරකමුත් වහපු රටක ඕවා විස්වාස කරන්න පුලුවන්ද බන් ?

    කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියලා ?

    මූ මතකද 😅🤣

    maxresdefault.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඔකේ වැඩ කරන එකෙක් කිවුවා ඕක හදලා ඉවර වෙද්දි 2040 විතර වේවි කියලා
    එහෙම බලපුවාම තව ආණ්ඩු කීයක් ඒවිද ඔක හදද්දි,මොනවා වෙනස් වේවිද කියලා දැන්ම කියන්න කාටවත් බැරිවේවි
    උඩ කතාව කිසිම ෆැක්ට් එකක් එකක් නැතිව උගේ හිතලුවක් වගේ ලියලා තියෙන්නේ (කලු ගල් කතාව වගේ)
    විරුද්ධ අදහස් එහෙම නැතිව කරුණු එක්ක එනවනම් හොඳයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සුපිරි රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමානයක්ද ශ්‍රි ලංකිකයන්ට හිමිවන මෙහි තාක්ෂණ, මූල්‍ය සේවා, රක්ෂණය, ආදී දකුනු ආසියාවෙි විශිෂඨ සේවා සැපයුමක් මෙම නගරය ලබාදේ...බුද්ධිගලනයට හොද විසදුමක්..
    විදෙස් ඍජු ආයෝජන (FDI) විශාල වශයෙන් මෙරටට ගෙන එන මෙම මහගු උල්පත දුෂ්ඨයන්ට වෙනස් කිරීමට ඉඩ නොදෙමු...
    🇱🇰


    🇱🇰


    🇱🇰

    හම්මට සිරි.. සුපිරි රැකියා ලක්ෂයක්. 🤣🤣
    බුද්ධිගලනයට විසඳුමක්. 🤣🤣

    දැන් ඕක කරපු ගමන් සුපිරි රැකියාවක් අරගෙන බුද්ධි ගලනයේ නිමාව සනිටුහන් කරමින් අපේ නික් අයියා ඕස්ට්‍රේලියාව දාලා පෝට් සිටියට එනකොට කොහොමද ගැම්ම. 😍😍😍