රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......

    රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......

    රන් කෙන්දන් බැඳ
    අතැඟිලි එක්කළ ආදරයයි...
    පෙම් රැහැනෙන් බැඳ
    සිතුම් වසඟ කළ ආදරයයි.....

    ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක් මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.

    රන් කෙන්දන් බැඳ
    අතැඟිලි එක්කළ ආදරයයි
    පෙම් රැහැනෙන් බැඳ
    සිතුම් වසඟ කළ ආදරයයි.......

    ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි. එය යෝජිත විවාහයක් වන්නට හැකියි. එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි. දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්. මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා. ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්රේමයෙන් බැඳුනා. විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට.
    ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..! කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..?

    කිරිලිය සේ දුර පියාසලාලා
    අත්තටු රිදුණා පමණයි
    දෑල විදාහළ දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි
    හිරු සඳු එකවර දෙපස නැඟේ
    කළුවර ඇයි විජිතයම මගේ....

    සම්මතය තුල එක වරක ප්රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි. එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි. එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්. ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි. සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා. දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි. රාත්රියේ එය භාර වන්නේ සඳුටයි. එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද... එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි. එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්.

    කණාටු සුළඟේ දුහුළු මලකි අද
    වල්මත් වී පාවෙන්නේ
    ඔබගෙන් දෝ
    ඔහුගෙන් දෝ
    මා හෙට දින සමුගන්නේ.....

    සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා. පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි.. නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව. නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්..

    ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි. ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ. ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..

    IF REPOST NAM SORRYYY..:no:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ගීතය අහල තිබුනට අර්ථය හරියටම දැන ගත්තේ අද.

    අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්

    මේ වචන කිහිපය තුල ගැබුරු අර්ථයක් තියනවා නේද? දෙහිතක ප්‍රේමයක් ඇති වෙන්නේ නිරායාසයෙන්. නමුත් විවාහයක් කියන්නේ දෙහිතක එකතු වීමක් බව සමාජ සම්මතය විසින් යටපත් කරනවා. පත්තරේක මංගල දැන්වීම් පිටුව ගත්තොත්, රැකියාව, වත්කම, උගත්කම, කුලය... වගේ වචන ගොඩකින් පිරිලා තියනවා. නමුත් පිටුව පුරාවටම නැති එකම වචනය "ප්‍රේමය".

    ප්‍රේමයෙන් බැදුණු දෙදෙනෙක්ව මේ සමාජ සම්මතය විසින් වෙන් කරන අවස්ථා තියනවා. සිනහමුසු මුහුනින් දෙමාපියන්, නෑදෑයින් ඉදිරියේ පෝරුව මත වෙනකෙකු සමග අතැගිලි බැදුනත්, ඒ සිනහව පිටුපස ඇති හිස් බව තේරුම් ගන්නේ කවුද? බොහෝ විට මේ සමාජ සම්මතය ඉදිරියේ අසරණ වන්නේ ගැහැනියයි.
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    Patta +++

    ගීතය අහල තිබුනට අර්ථය හරියටම දැන ගත්තේ අද.

    මේ වචන කිහිපය තුල ගැබුරු අර්ථයක් තියනවා නේද? දෙහිතක ප්‍රේමයක් ඇති වෙන්නේ නිරායාසයෙන්. නමුත් විවාහයක් කියන්නේ දෙහිතක එකතු වීමක් බව සමාජ සම්මතය විසින් යටපත් කරනවා. පත්තරේක මංගල දැන්වීම් පිටුව ගත්තොත්, රැකියාව, වත්කම, උගත්කම, කුලය... වගේ වචන ගොඩකින් පිරිලා තියනවා. නමුත් පිටුව පුරාවටම නැති එකම වචනය "ප්‍රේමය".

    ප්‍රේමයෙන් බැදුණු දෙදෙනෙක්ව මේ සමාජ සම්මතය විසින් වෙන් කරන අවස්ථා තියනවා. සිනහමුසු මුහුනින් දෙමාපියන්, නෑදෑයින් ඉදිරියේ පෝරුව මත වෙනකෙකු සමග අතැගිලි බැදුනත්, ඒ සිනහව පිටුපස ඇති හිස් බව තේරුම් ගන්නේ කවුද? බොහෝ විට මේ සමාජ සම්මතය ඉදිරියේ අසරණ වන්නේ ගැහැනියයි.

    ela ela..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: