පැහැදිලි නෑ..අැයි කියපංකෝ උඹේ පච මාලිමා අාණ්ඩුව පිල්ලෙයාන්ව හිර කරන් ඉන්නේ පාස්කු ප්‍රහාරය ඉන්දියාව කරානම්..
අනික අප්‍රේල් 21 නේද ඵළි කරනවා කිව්වේ..අැයි පිල්ලෙයාන්ව චන්දෙ ඉවරවෙනකන් හිරේ තියන් ප්‍රශ්ණ අහන්නේ??

අනික මොකක්ද "රනිල් කොරා" කිව්වේ?
රනිල් පිල්ලෙයාන් ඵක්ක කථා කරන්න ඕන කියපු ඵක ඕන ඵකෙක් දන්නවානේ..ඕකේ මොකක්ද හොරට කරපු දේ??
https://sinhala.adaderana.lk/news/208848
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු බවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථනයෙන් අමතා අදාළ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන් ය.
රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බැවින් එම ඉල්ලීමට අවසර ලබානොදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.