රනිල්ට පායාපූ මරු කරූ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රනිල්ට පායාපූ මරු කරූ

කරූ නායකත්ව මෙහෙයුම අරඹයි

2011 දෙසැම්බර් 07 වෙනි බදාදා, 13:29 0 Comments



sajith-ranil-karu.jpg
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තරග වැදීමට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා සිය නිල වෙබ් අඩවිය ඊයේ විවෘත කළේය. කොළඹ ගාලු ‍මුවදොර හෝටලයේ පැවති එම උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙපස නි‍යෝජ්‍ය නායකවරුන් දෙදෙනා අසුන් ගෙන සිටින ඡායාරූප අද සියලු පුවත්පත්වල පළ වී තිබිණි.
මෙහිදී කිසිවකුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවද ආරංචි මාර්ග අනාවරණය කරයි.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිත අතර එහිදී නායකත්වය ඇතුළු තනතුරු පත් කිරීම පිළිබඳව සාකච්ඡා නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවත් එජාප ‍ජ්‍යෙෂ්ඨයින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ නායකත්වයට තරග කරන බවට කරූ ජයසූරිය මහතා මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.
එමෙන්ම කරූ ජයසූරිය මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයේ අඩංගු කරුණුවලින් පක්ෂයේ විනය උල්ලංඝනය වී ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් කණ්ඩායම හා කරූ ජයසූරිය මහතාට හිතවත් කණ්ඩායම මේ වන විටත් පක්ෂය තුළ කැන්වසින් කරමින් සිටින බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතාද කරූ ජයසූරිය මහතාට සහාය පළ කරන අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ තමන්ට එක්වරම රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළ නොහැකි බැවින් අතරමැද චරිතයක් ලෙස කරූ ජයසූරිය මහතා යොදා ගැනීම යැයි පැවසේ.
වෙබ් අඩවිය විවෘත කරන උත්සවයේදී කරූ ජයසූරිය මහතා පවසා ඇත්තේ තම එකම අපේක්ෂාව මිය යාමට පෙර එජාප ආණ්ඩුවක් බිහි කිරීම බවයි.
(ඡායාරූප - දිවයින)