2022 ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න කියලා, රනිල් කරපු විශේෂ බක්කක් නෑ.
එතන සජිත් ප්‍රේමදාස හිටියත්, ඩලස් අලහප්පෙරුම හිටියත්, අනුර කුමාර දිසානායක හිටියත්, නාමල් රාජපක්ෂ හිටියත් මහ බැංකුවයි IMF එකයි කියන ටික කරනවා ඇරෙන්න, ජනාධිපති කෙනෙක්ගේ "මොලෙන්" කරන්න මහා ලොකු දෙයක් තිබුනේ නෑ.
දැන් කියන්න එපා, අසීරු අවස්ථාවේ වෙන කවුරුත් බාර ගත්තේ නෑ කියලා.
කාටවත් ඒ වෙලාවේ අත උස්සලා ජනාධිපති වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණු රාජපක්ෂලාට ඕන කෙනා තමයි පත් කරගත්තේ. ඒක තමයි දූෂිතයෝ එක එකා රැක ගන්න යොදා ගන්න ක්‍රමවේදය.
රනිල් ඔය පිං ජනාධිපති කමේ ඉන්නකන් කරේ, ඔය වගේ පුද්ගලික රට සවාරි යන එකයි, මාමණ්ඩි ජනාධිපති කාලේ දැකලා ආස හිතිච්ච, Galle Face එකේ නිදහස් උත්සවේ උත්තමාචාරයට හිටගෙන ඉඳීම, ජනරජ පෙරහරක් කිරීම වගේ හෙන බොළඳ අසාවල් ඉෂ්ඨ කරගත්ත එකයි විතරයි.
තව ඕන නම්, ව්‍යාවස්ථා විරෝධී විදියට පොලිස් පති කෙනෙක් පත් කරගෙන, චන්ද කල් දාලා, කිසිම ජනවරමක් නැතුව රටට අහිතකර නීති වගයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක කරා.
රනිල් රිමාන්ඩ් එකේ දුක සේ ඉන්න පින්තුර දදා, Gratitude, Gratitude, කිය කියා, බුකියේ හඬා වැලපෙන DNA වලින්ම UNP කොළඹ ඉන්න සිලින්ඩර බයියන්න්ට වඩා ඇත්තටම මහින්දගේ ගෙදරට කිරිහට්ටි අරන් ආව අනුරාධපුරේ ගම් බයියෝ දාහකින් හොඳයි! අඩුම තරමේ උන් තාම කාලගුණ සලකන්නේ අවුරුදු 30ක් රටේ තිබුණු යුද්දේ අහවර කරා කියන නාමෙට.
මේ සිලින්ඩර බයියෝ කල ගුණ සලකන්නේ, ගෙදර කුස්සියට ගෑස් සිලින්ඩරයක් ගන්න හදලා දුන්නට.
කොළඹ අවට ෂෙඩ් වලට තෙල් ටික දීලා, පැය 24 ලයිට් දීලා, ගෙදරට ගෑස් සිලින්ඩරේ ගන්න සෙට් කරලා දුන්නම මුන්ට හොඳටෝම ඇති "රට ඉස්තාවර කොරා" කියලා හිතන්න. මුන් "රට" කියල හිතන් ඉන්නේ මීගමුව්න් දකුණටයි පානදුරෙන් උතුරටයි තියෙන කෑල්ල විතරයි. ඒක ඉස්තාවර උනා නම්, ඕන මගුලක්!
උඹලා "ප්‍රභූත්වයේ සංකේතය" හැටියට වැඳ පුදන මේ "අස්පර්ශනීය" චරිත දෙක, උඹලාගේ වැඳුම් පිදුම් නිසාම කවදා හරි දේවත්වයට පත්වෙයි... එකෙක් "කොළොම්බාර දෙයියෝ" හැටියට, අනිකා "ගම්බාර දෙයියෝ" හැටියට.
Copied :
lol e asse ekek sakkili mainata kade yanawa..