රනිල්-ජනපති-සටනට
රනිල් ජනපති සටනට එන බව එජාපයේ ජ්‍යෙෂ්ඨයින්ට කියයි.
එළඹෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්විමට අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතිකපක්ෂ ජ්‍යේෂඨයින් සමඟ අද(06) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරඇති බව වාර්තා වෙයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේනායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට තමාට ද අයිතියක් ඇති බවයි.
තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකගේ ද එකඟත්වය පල කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ පැවැතිසාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමාගේ රැස්වීම් මාලාව හම්බන්තොටින් ආරම්භ කිරීමට සූදානම් බව එහිදී ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්විමේ තීරණය වෙනස්නොකරන බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත්එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන ඉරිදා(08) දිනයේ පැවැත්වෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූවහොත් සජිත් ප්රේමදාසමහතා නව පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.