රනිල් ටත් බහුතරය නෑ වගේ
අනුර කුමාර දිසානාය - රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනයා. ඔහු අගමැති ලෙස කටයුතු කරද්දි අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ආවා. එම විශ්වාස භංගයට සහාය දෙමින් ඔහුගේ අවුරුදු තුනකට අධික අගමැති කාලය තුළ කරන ලද කාර්යයන් අපි ඉතාම හොඳින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අපි ඉදිරිපත් කළා. අද විශ්වාස පළ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහිදී අපිට කියන්න තියේනනේ අප්‍රේල් 04 වැනි දා විශ්වාස භංගයේ අපි ඉදිරිපත් කරන ලද කරුණු සියල්ල අදටත් අදාල බවයි.
ආණ්ඩුවක අනාගතය රැඳී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මතම මත නෙමේ කියන එක. ජනතාවගේ විශ්වාසය මොන තරම් දිනා ගන්න පුලුවන්ද කියන එකයි වැදගත්ම කාරණය. පාර්ලිමේන්තුවේ ඔළුගොඩිවලින් තමන්ගේ ස්ථාවර බව පෙන්වලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් විශ්වාසය පෙන්නුවත් ජනතාවගේ විශ්වාසය නම් භංග වෙලා තිබෙන්නේ. මෙම පාලනය ආරම්භ වන්නේ ජනවාරි මාස 08 වැනි දාය. එදා ජනතාව සුවිශේෂී බලාපොරොත්තු ඇතිව ජනවරමක් ලබා දුන්නා. එම ජනවරමේ සංයුතිය අපි මීට පෙර ප්‍රකාශ කළා.
මීට පෙර ආණ්ඩු පිහිටුවන්න දුන්නු ජනවරමේ වැඩි ප්‍රමාණයක් නියෝජනය කළේ ඒ පක්ෂයේ මතය. නමුත් ජනවාරි අට වැනි දා එහි වෙනසක් තිබෙනවා. එම ජනවරම යම් තනි පක්ෂයකට තනිව ලියන ලද ජනවරමක් නොවේ. විශාල ජන අපේක්ෂා නියෝජනය කළ ජනවරමක් තිබ්බා.
මංගල සමරවී මහතා ඉදිරිපත් කළ ලියැවිල්ලේ අඩංගු විය යුතු බොහෝ දේවල් එහි නැති බව අපි දන්නවා. ඒ පොතේ අඩංගු නොවන කටයුතු ගැනයි රනිල් වික්රමසිංහ මහතාගේ වගකීම තිබෙන්නේ. ආණ්ඩුවක් කරද්දි යම් යම් සාධනීය කරන්න ඕනා. ඒවා කරනවා වගේම නිශේෂධ දේවල් නොකිරීමේ වගකීමක් තිබෙනවා. ඒවා කළේ නැද්ද? කළා. ඔක්තෝබර් 26 වැනි දා කුමන්ත්‍රණයක් එනකොට ඊට සමාජ පසුබිම සැකසීම ගැනත් සලකා බැලිය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ උවමනාවන් කරන්න ක්‍රියාවලියට පය තිබ්බ බව අපි දන්නවා. තමන්ගේ උවමනා නිසා මහින්ද රාජපක්ෂ එහි කොටස්කාරයෙක් වුණා කියලා අපි දන්නවා. ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනාට එරෙහිව ලොකු ජනමතයක් හැදිලා තියෙනවා. එවැනි රංගනයක් කරන්න අවශ්‍ය වේදිකා හැඩතල සහ පසුබිම නිර්මාණය කළේ කවුද? කිසිසේත්ම එම ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමක් නෙමෙයි මම කරන්නේ. නමුත් අපි තේරුම් ගත යුතුව තිබෙනවා පසුබිම නිර්මාණය වුණේ කොහොමද කියලා. කුමන්ත්‍රණයේ ප්‍රධාන දෙදෙනා ඔවුන් දෙදෙනා වුණාට ඊට පසුබිම සකස් කිරීමේ කාරණයකුත් තිබ්බා.
මාවෙයි සේනාධිරාජා - අයි ටී කේ ඒ පක්ෂය දෙමළ ජාතික පක්ෂය වෙනුවෙන් කෙටි ප්‍රකාශයක් කරන්න කැමතියි. 2018 නොවැම්බර් 26 වැනි දා ලිපියක් අපේ පක්ෂයේ සාමාජිකයන් අත්සන් කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට යැව්වා. මේ ලිපිය හැන්සාඩ් වාර්තාවේ පළ කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එම ලිපියේ අයී ටී කේ පක්ෂයේ ස්ථාවරය භාෂා තුනෙන්ම තිබෙනවා. එහි තිබෙනවා අපි රජයේ කොටසක් විදියට ඉන්නේ නෑ කියලා. අපි විපක්ෂයේ කටයුතු කරන බව එහි තිබෙනවා.