එක්සත් ජාතික පක්ෂයට සිටින එකම දේශපාලඥයා රනිල් ම පමණි.අවාසනාවට ඇත්ත කතාව එයයි.ගාමිණි අතුකෝරල මහතාගේ මරණයෙන් පසු රනිල් වික්රමසිංහ මහතා යනු ජෝක් කාරයෙක් නොවන එකම යූ.එන්.පී කාරයාය.රනිල් ගේ දුර්වලතා,කුමන්ත්රන,පවා දීම් ආදි ලක්ෂණ තිබිය දී එහුව පරාජය කරන්නට සුදුසු නායකයෙකු යූ.ඇන්.පී යේ නැත.දැන් ඉන්නා සියළු දෙනා රනිල් ගේ පිහිටෙන් පක්ෂයට ආපු රනිල් නිසා පවතින චරිත කිහිපයකි. රනිල් ගේ ජයග්රහණය ගැන වැඩියෙන්ම සතුටු විය යුත්තේ කරූ,සජිත් වැන්නන්ය.රනිල් පරාජය කර නායකත්වයට ආවා නම් මාස තුනක් යාමට පෙර ඔවුන් කුජීත වී යනු නිසැකය. ඔවුන් දන්නේ මැතිවරණ මිස දේශපාලනය නොවේ. රනිල් වික්රමසිංහ මහතා යනු තමන්ගේ පැවැත්මට ඹ්නෑනම් තම ජාතික සංවිධායකයා හිරේ යැවීමට,තම පක්ෂයෙන් ජන්දය ඉල්ලූ අපේක්ෂකයා හිරේ යැවීමට විරුද්ධ පක්ෂ නායකයා සමග කුමන්ත්රණය කළ හැකි ධෛර්යයක් හා උපායශීලි ඥානයක් සහිත දේශපාලඥයෙකි. ආගමික අන්ධභාවයෙන් දේශපාලනය දකින සදාචාරවාදින්ට හා ඊනීයා ප්රජාතන්තවාදින්ට මෙය වේදනාවට කාරණාවක් උවත් මැකියාවෙල්ලිගෙන් පසු(සමහර විට කෞටිල්යයගෙන් පසු) දේශපාලනය නම් මෙයයි. කෙටියෙන් මෙසේ ඇසිය හැකිය.රනිල් වැරදි නම් හරි කවුද?
Gamini Ekanayakgen Face Book Eken Issuwe