අනුරම කියනව රනිල 2003 කප්පාදු කරන්න ගිහින් උන් කරනන් දුන්නේ නෑ කියලා .
අනුර ඔය කියන කතාව කියපු තැන හොයල දාපන් පොඩ්ඩක්....
2003 මම හිතන්නේ නැහැ ඔය කියන තරම් කප්පාදු කරන්න රාජ්ය සේවයක් තිබුනා කියල ලංකාවේ...මොකද මහින්දගේ කාලේ තමයි මහින්ද කියන්නේ ලක්ෂ 4ට තිබුන රාජ්ය සේවය ලක්ෂ 15ක් ද වෙනකන් උන් වැඩි කරා කියල..ලොල්
අනිත් එක, රනිල් ගේ රාජ්ය සේවය කප්පාදු කරනවා කියන්නේ ෂුවර් එකට රජයේ මර්මස්තානයක් පෞද්ගලික අංශයට දෙන්න ගියා වගේ මොකක් හරි අලුකුත්තේරු වැඩක් වෙන්න ඇති...මොකද ඒ කාලේ නම් උන් කොටිත් එක්කත් සාම සාකච්චා එහෙම පවත්වාගෙන ආපු කාලෙනේ...2002 තමයි මිලේනියම් සිටි එකත් කප්පාදු කරේ...මරු බඩුව
ඌට තමයි එහෙම කරන්න පුලුවන් මට්ටමේ සහකම්පනයක් නැති එකා .
ඔව් ඇත්ත...රනිල් තමයි එහෙම කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන කෙනෙක්ට ඉන්නේ
ඔය මේ වගේ වැටිලා හොම්බෙන් ගිය රටක් පොඩ්ඩක් හරි ගොඩ ගන්න එක ඔය සහන දීල , සමාජවාදී විදියට කරන්න බෑ නේ බන් . එක නේ ඇත්ත .
සහන දෙන්න ඕනේ නැහැ..නමුත් බර අඩු කරන්න පුළුවන්...
මේ වෙලාවේ බර අඩු කරලා තියෙන්නේ මෙන්ඩිස් අරක්කු කාරයාගේ, දයා ගමගේ වගේ උන්ගේ...
එකයි ප්රශ්නේ...
උඹ කියන එකේ ඇත්ත කතාව අනුර ආවත් කරන්න වෙන්නෙ රනිල් කරන ටිකමනෙ . එතකොට වෙනසකට කියලා උඹලට කියන්න වෙන්නෙ දූෂණය අඩු කරනවා කියලා . මම කියන්නෙ එහෙම නම් ඒක හොදයි.
හැබැයි ඒක පිළිගන්න කැමති නෑ ඒ වෙනුවට රනිල්ගෙ වැඩ පිළිවෙලට මඩ ගගහා 360 අංශක වලින් වෙනස් කරනවා වගේ කතා කියනවා වටේ ඉන්න හදුන් ලාල් ටිල්වින් වගේ සෙට් එක.
අනුර කෙසේ වෙතත් ඔය හදුනලා ලාල්ලා ටිල්වින්ලා 2026 වෙනකොට මේක නානවා බන්. හරිනිලාට වෙන්නෙ මායාදුන්නෙ මහත්තයට උන වැඩේ .
රනිල්ගේ වැඩ පිළිවෙල කියල එකක් නැහැ...තියෙන්නේ IMF වැඩ පිළිවෙල...එක ක්රියාත්මක කරන විදිහ තමයි රනිල්ගේ තියෙන්නේ...
එයා එක ක්රියාත්මක කරන විදිහේ ගොඩක් අඩුපාඩු තියෙනවා...ඒවා තමයි අනුර ආවොත් වෙනස් විදිහට ක්රියාත්මක කරන්නේ...
රාජ්ය ආදායම වැඩි කරගන්න කියල IMF එක කිව්වම, එකට විසඳුම බදු ආදායම වැඩි කරගන්න කියලත් කිව්වම, රනිල කරේ මොකක්ද,,පෞද්ගලික අංශයේ වැඩ කරන උන්ට නහුතෙට බදු ගැහුවා...ඒ මිනිස්සු අන්ත අසරණ වුනා...හැබැයි කවදාවත් මෙන්ඩිස් අරක්කු හරි, එහෙම නැත්තම් වංචා වලින්, රේගුවෙන් රජයට එන්න තියෙන ආදායම් ගන්න බැලුවේ නැහැ...ඒ බරත් සම්පූර්ණයෙන් මිනිස්සු මතට දැම්මේ...(වැට් එක 18%ක කරපු එකේ ඉඳලම)
වියදම් අඩු කරන්න කිව්වට රජයේ වියදම් එකක්වත් අඩු කරේ නැහැ,,රනිල්ගේ වැය ශීර්ෂය තවත් වැඩි කරගත්ත කියල නම් මතකයක් තියෙනවා...
දේශීය ණය ප්රතිව්යුහගත කරන්න කියල දයා ගමගේ වගේ උන්ට දීල තිබුන ණය බොල් ණය විදිහට කපා හැරියා..ඒ තියෙනකොට තමයි අපි දැක්කේ පොරගේ හෙලිකොප්ටර් යනවා අහසේ..
ඔන්න ඔහොමයි රනිල්ගේ වැඩ පිළිවෙල ලොල්.. මට උඹගේ මොලය තරම හිතාගන්න බැහැ සිරාවටම මේ දේවල් මේ විදිහට තේරුම් ගන්න බැරි එක ගැන (no offense - නමුත් ඔය වගේ හිතන උන් නිසා තමයි මේ රටට මෙහෙම කෙල වුනේ.)
ඇහැට පෙන, කනට ඇහෙන දෙයින් එහාට දෙයක් හිතල බලල තේරුම් ගන්න බැරි එක මාර අවුලක්...