බැංකුවක් කැඩුවෙ නෑ - කියන්නම් දිව්රලා
දෙයියෝ මට ෂුවර් නෑ - ගුලිය දැන් සෙට් වෙලා
මටම කෙළවෙන තෙක්ම -අරූ බලං ඉන්නවා
මහෙන්ද්‍රනුත් ෂේප්වෙලා - හොරු තාම හොයනවා
එන්න දුර වැඩියි නම් - දිවැසිනුත් බලනවද
සමරෙ මල්ලී අතේ - ලඩ්ඩුවක් එවනවද
මම මෙතැන කිචවෙලා -මොන පවක් ගෙවනවද
අරූ ගෙදරට යවා - රජ කමට ගෙනෙනවද
වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
ඒ මුකුත් නැති වුනත් දෙයියෝ -ට්‍රම්ප්ටවත් දන්වලා
ඇවිත් එක්කන් යන්න... මට සිරි - ලකේ කෙළවෙලා.....
දෙයියෝ.........



