රනිල් යුරෝපයට යයි
රනිල් හෙට යුරෝපා සංචාරයකට එක් වේ.
2011 පෙබරවාරි 17 වෙනි බ්‍රහස්පතින්දා, 21:25 Sri Lanka Mirror Editor
අන්තර්ජාතික ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට සහභාගි වීම සදහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට චෙක් ජන රජයේ ප්රාග් නුවර බලා පිටත්ව යාමට නියමිත බව විපක්ෂ නායක පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසීය.
ලබන 21 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම රැස්වීම් වාරය පැවැත්වෙන අතර, මෙම සංචාරයේදී විපක්ෂ නායකවරයා චෙක් ජනරජයේ අමාත්‍යවරුන් මෙන්ම අන්තර් ජාතික ප‍්‍රජාතාන්ති‍්‍රකයන්ගේ සංගමයේ කලාපීය නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
අන්තර්ජාතික ප‍්‍රජාතාන්ති‍්‍රකයන්ගේ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.
වික්‍රමසිංහ මහතා මෙම සති අන්තයේදී ලන්ඩන්හිදී එරට සිටින එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමටද නියමිතය