
රාජපක්ෂලා මේ වෙලාවේ රනිල් වික්රමසිංහව අගමැති කරන්නේ කිසිසේත් ම රටට යමක් ඔහුගෙන් ගන්න නෙවෙයි. තමුන්ගේ ආරක්ෂාවට. එහෙම රනිල් කියන්නේ වැඩක් ගන්න පුලුවන් කෙනෙක් බව දන්නවා නම් කලින් ඔහුගෙන් වැඩ ගන්න එපැයි. (මෙහෙ දිවුරුම් දෙනකොට එහේ මහින්ද උන්නැහේ සුබපතලා tweet ගහනවා. සතුටක මහත.

)

ඒ වගේ ම මේ උත්සාහය විපක්ෂය බෙදන්න. දැන් ආණ්ඩුව සහ විපක්ෂය අතර ගැටුමට වඩා උඩට එන්නේ, විපක්ෂයේ ම කණ්ඩායම් අතර ගැටුම. මෙතෙක් කල් රනිල් එක්ක එකම විපක්ෂයේ සිටි කණ්ඩායම ගැටෙනවා කියන්නෙ ම විපක්ෂයේ බෙදීමක් හට ගන්නවා. ඒක රාජපක්ෂලාට වාසියි.
ඕක රටේ වාසියට හැරෙන්න පුලුවන් සුළු අවස්ථාවකුත් තියෙනවා. ඒ ඇයි?

රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ වගේ අවස්ථාවන් තනි අත්තනෝමතික බලයෙන් හැන්ඩ්ල් කරන්න සුදුසු මිනිහෙක්. උදාහරණය ඔහුගේ තීරණ හිතුවක්කාරියි. ආයේ අම්මා මුත්තා කිව්වත් ඒ හිතුවක්කාර තීරණ හරවන්න කැමති කෙනෙක් නෙවෙයි. 2001 අවුරුද්දේ ආණ්ඩුව අරගෙන තමන්ගේ කිසිම පාක්ෂිකයෙකුට රස්සාවක් දුන්නේ නෑ. ඒකම තමයි ආණ්ඩුව ගෙදර යන්නත් හේතු වුණේ. නමුත් පටි තද කරගන්න කියලා මැච් එකක් ගහලා අර සෘණ වෙලා තිබ්බ ආර්ථිකය පොඩ්ඩක් පණ ගහලා එන්න මිනිහගේ ප්‍රතිපත්ති හේතු වුණා. මම දැනටත් හිතන දෙයක්, මේ මනුස්සයා අගමැති කෙසේ වෙතත්, රටේ ඊළඟ සැලසුම් හදන වැඩේ කොතනක හරි ස්ථානගත වෙන්න ඕනේ. හැබැයි ඒ අගමැති විදියට නම් නෙවෙයි.

තව තෙල් නැව් දෙකයි තුනයි ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එක ඉවරයි. මහබැංකුව තියෙන්නේ හිදිලා. ඒ නිසා මේ වෙලාවේ රටේ ස්ථාවරයක් අවශ්‍යයි. ඊටත් කලින් මුන්දාට පාර්ලිමේන්තු බලයේ ස්ථාවරයක් අවශ්‍යයි.

රනිල්ට ජනාධිපති හීනයක් තියෙනවා. අර දොරටුපාලයව කවටකමට රජ කරන්න ගිය යසලාලකතිස්සට වෙච්චි වැඩේ මතකනේ. යසලාලකතිස්ස දංගෙඩියේ. ඊට පස්සේ කෙලින්ම දොරටුපාලයා රජ. කොහොමද රනිල්ව පත් කිරීමම රාජපක්ෂලට බැක් ෆයර් වෙන්න ගත්තොත්.
හැබැයි දොරටුපාලයට තිබ්බ මොළේ රනිල්ට පෑදෙයිද කියන එකනම් සැකයි. බලන් ඉමු.

පිට්ටනිය තමන්ට ඕනේ විදියට හැදෙනකම් බලාගෙන හිටපු අනික් විපක්ෂේ නායකයෝ ගැනනම් හරිම සෑඩ්. එයාලා හිතන් ඉන්නේ මුදල් ඇමතිව ගෙදර යවලා, මහ බැංකු අධිපතිවත් ගෙදර යවලා, කැබිනට් එකයි අගමැතිටයි ඉල්ලා අස්වෙන තැනට වැඩකරපු අරගලකරුවෝම එයාලව ඒ පුටුවෙත් වාඩි කරවයි කියලා. ඔය කරගත්තේ අන්තිමට. අරගලය නිසා නිර්මාණය වුණ තත්ත්වයේ වාසිය දිනාගන්න ඔවුන්ට බැරි වුණා. ඒක එක්තරා විදියට ෆේලියර් එකක්.
වෙන දේවල් හිතාගන්න අමාරුයි. පහුගිය කාලේ රටේ මිනිස්සුන්ට ඇදුන ලොතරැයි පුදුමාකාර වාසනාවන්ත නිසා, මේ ලොතරැයිය කාට කොහොම වැඩ කරයිද කියලා කියන්න බෑ. කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබේ ළමයි කියලා අන්තිමට බබා හම්බෙන්නේ ජනතාවගේ අකවුන්ට් එකට තමයි. සොරි.
