හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද, අගෝස්තු 22 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වාර්තා කර තිබුනේ කැඳවීමකට අනුව ප්රකාශයක් සටහන් කරගැනීම සඳහාය. එම ප්රකාශය සටහන් කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.
ශ්රී ලංකාවේ රාජ්ය නායකත්වය දැරූ ජනපතිවරයෙකු අත්අඩංගුවට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවේ.
මෙම කැඳවීම සිදුකර තිබුනේ ඒ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ විදෙස් සංචාර මුදල් අවභාවිතාව සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය. වාර්තා වන ආකාරයට, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රදානෝත්සවයකට සහභාගී වීම පිණිස ලන්ඩන් නුවර වෙත යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්රියාත්මක වේ.
වික්රමසිංහ මහතා අද දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්රය වෙත පැමිණි බව තහවුරු වී තිබූ අතර,
පැය කිහිපයකට පසු අත්අඩංගවට පත් විය. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.
Gossip Lanka News