රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.
ගොඩක් අය මෙතුමට බනිනවා සාම ගිවිසුම් ගහලා රට දෙකඩ කරන්න හැදුවයි කියලා.එහෙනම් දන්නෙ නැති අය බලාගන්න ඇයි එහෙම කරන්න උනේ කියලා
1997 චන්ද්‍රිකා ආණ්ඩුව එල්ටීටීඊ එකට විරුද්ධව පටන් ගත්ත ජය සිකුරු මෙහෙයුම.මෙහෙයුම අති සාර්ථකයි.කිලිනොච්චිය වෙනකල් ඇල්ලුවා.අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයට හිස නැමුවේ නෑ වගේ තමයි එදා චන්ද්‍රිකාත් ජාත්‍යන්තරයෙන් අනේක විදිහේ බලපෑම් එනකොට මෙහෙයුම නැවැත්තුවේ නෑ.දිගටම කලා.ඒකෙන් උනේ ජාත්‍යාන්තරව අපේ රටට අවිආයුධ සපයන්න හිටපු ගොඩක් රටවල් ලංකාවට එරෙහි උනා.
ඔය කාලෙදි කරුණා අම්මාන් නැගෙනහිර එල්ටීටීඊ නායකයා. අපේ කොල්ලො කිලිනොච්චිය දක්වා ඇල්ලුවාම ප්රභාකරන් කලේ කරුණා අම්මාන්ව වන්නියට කැදවලා යුද්ධය කරුණා අම්මාන්ට පැවරීම.
අපේ කොල්ලෝ මාස ගානක් කරපු යුද්දය ඇල්ලුව කිලිනොච්චිය කරුණා අම්මාන් යටතේ එල්ටීටීර්ය නොනවතින රැල්ල කියලා යුධ මෙහෙයුමක් ආරම්භ කරලා මාසයකටත් වඩා අඩු කාලෙකින් යාපනය කටට වෙනකල් ඇල්ලුවා.ඔතනදි තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ අය මේ පාර යුද්දේ කරනකොට කරපු යුධ සැලසුම් නැත්නම් මේ පාරත් කෙලවෙනවා කියන එක තේරුම් ගන්න හොදම සාධකය.
දැන් අපි කරුණා අම්මන් කියන්නෙ කවුද කියන එක බලමුකෝ.කරුනා අම්මාන් කියන්නේ ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි.1990-1992 වගේ කාලෙකදි එල්ටීටීඊ විසින් එල්ටීටීඊ එකේ 50 කණ්ඩායමක් ඊස්රායලයට යවනවා යුධ පුහුනූ වලට.ඒ කණ්ඩායමට වලදි කරුණා අම්මාන් කියන මනුස්සයත් හිටියා.හැබැයි ඔය කණ්ඩායමෙන් ඉතුරු උනේ කරුණා අම්මාන් එක්ක ශංකර් විතරයි.තේරුම්ගන්න කෙනෙක්ට හිතාගන්න පුලුවන්නෙ කරුණා කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියලා ?
මට මතකයි ඉක්බාල් අතාස් ලියනවා කොටින්ගේ නොනවතින රැල්ල මෙහෙයුමෙදි අපේ කොල්ලො මැරිල වැටිලා හිටියේ ඉදිච්ච ජම්බුගෙඩි ගහයට වැටිලා තියනවා වගේ කියලා.
ඔය වගේ පසුබිමක තමයි රනිල් රට බාරගන්නේ.තව තවත් යුද්ධ කරන්න ගියානම් කොටි යාපනයත් අල්ලනවා.ජාත්‍යන්තර සහය ලංකාවට නෑ.රනිල්ට වෙන විසදුමක් තිබ්බේ නෑ.රනිල්ට ඒකට කරන්න තිබ්බ හොදම දේ ඒ වෙලාවෙ කලා.ඒකෙන් තමයි කරුණා වගෙ මිලේච්ච කොටි බුරුතු පිටින් එල්ටීටීඊ එක අත අරලා ආවෙ.තව කාලයක් හිටියනම් මුහුදුකොටි නායකයත් එනවා(සුසෙයි).එල්ටීටීඊ එක සුසෙයිව හිර කරලා තියාගත්තා.සුලුවෙන් ලඝු කරන්න එපා රනිල් වික්‍රමසිංහ කරපු දේ.කරුණා කැඩිලා හිටියෙ නැත්නම් මේ යුද්ධය මීට වඩා අමාරු වෙනවා.
අනිත් එක රනිල් සාම ගිවිසුම කාලෙ නිකන් හිටියේ නෑ.ජාත්‍යන්තර සම්භන්ධකම් ඇති කරගෙන නැවත ලංන්කාවට යුද්ධයකට උනත් මුහුණ දෙන්න පුලුවන් විදිහට ලංකාව හැදුවා.සයුර නැව පවා ලංකාවට ගෙනාවෙ රනිල්ගෙ කාලෙ.කොටි ජාත්‍යාන්තරයට බලපෑම් කල ආණ්ඩුව සාම ගිවිසුමට මුවාවෙන් යුද්ධෙකට අවශ්‍ය කරන අවි ආයුධ එකතු කරනවා කියලා.කොටින්ට ඕනි උනේ ආයෙත් යුද්ධෙකට යන්න.එහෙම උනානම් කොටි ලංකාවට සෑහෙන හානියක් කරන්න ඉඩ තිබ්බා.නමුත් රනිල් ඒ හැම දෙයක්ම ජාත්‍යන්තරය සම්භන්ධ කරගෙන නැවැත්තුවා.එතුමා කරපු වැඩ පිලිවෙළ නිසා දවසින් දවස කොටියා ජාත්‍යන්තර වශයෙන් කඩන් වැටුනා.ඒ හේතුව නිසාම තමයි ප්‍රභා රනිල්ව පරාද කලේ.
මිලේච්චත්වය අතින් කරුණත් ප්‍රභාකරනුත් එක දශමයකීන් වෙනසක් නෑ.
රනිල් රට බෙදන්න හැදුවා නෙවෙයි යාලුවනේ.රනිල් කලේ මොළෙන් ගේමක් දුන්න එක.ඕක අපේ ගොඩක් අයට තේරෙන්නේ නෑ.නමුත් යම්කිසි දවසක මෙතුමා මැරුනොත් අන්න එදාට හැමෝම කතා කරයි ඕවා ගැන.

අවසාන වශයෙන් මම එක දෙයක් අහන්න කැමතියි ඔය රනිල් නිසා මේ රට කොටියට යන්න ගියා රට දෙකඩ වෙන්න ගියා කියලා කෑ ගහන අයගෙන්.සාම ගිවිසුම නිසා එල්ටීටීඊ එකට ඔච්චර දෙයක් ලැබෙන්න ගියානම් ඇයි එල්ටීටීඊ එක 2005දි උතුරේ චන්ද වර්ජනයක් කරලා රනිල් දිනන එක වැලැක්කුවේ..??
හොදට හිතලා බලලා උත්තර දෙන්න

source:- FB
මෙය සත්‍යක්ද?, අසත්‍යක්ද ?