විශ්වාසභංග උගුල ආශිර්වාදයක් කර ගත් රනිල් .
__________________________________________
රනිල් වික්‍රමසිංහ යනු කවරෙක්දැයි යන්න ඔහුගේ ලගම සිටින අයෙකුට පවා තේරුම් ගැනීමට අසීරුය. ඔහුව පලවා හැරීමට මහින්ද පිළ සහ මෛත්‍රී පිළ නොකළ දෙයක් නොමැත. ඔවුන් බැදුම්කර කොමිසමක් පත් කර ඔහුව එයට කොටු කිරීමට සිතුවෝය. නමුත් ඔහු සිය කැමැත්තෙන් සාක්ෂි දීමට අවස්ථාවක් උදා කර ගනිමින් කොමිසම ඉදිරියට ගොස් තමාගේ නිර්දෝෂීභාවය පෙන්වීය. ඔහු කොමිසම හමුවට යයි කියා සිරිසේන ජනාධිපතිවරයා කිසිවිටෙකත් නොසිතීය. සියල්ලන්ම බලාපොරොත්තු නොවූ පරිදි ඔහු එයට මුහුණ දුන්නේය.
අනාගතය පිළිබදව මනා දැක්මකින් හෙබි ඔහු සිය අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමට ප්‍රථම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස්කර සම්මත කර ගෙන තිබුනි. 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට කිසිම දිනෙක අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට කිසිදු බලයක් නැත. එසේම වත්මන් ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද බලයක් නොමැත. අගමැතිවරයා ඉවත්කල හැකි එකම මග රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර එය ජයග්‍රහණය කිරීමෙන් පසු රජය ඉවත්වන අතර අග්‍රාමාත්‍ය වරයාගේ බලයද ශුන්‍ය වී ඔහුගේ ධූරය අහෝසි කිරීමෙන් පමණක් බව කවුරුත් දන්නා කරුණකි. කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු සැසි වාරයක් තුලදී එක් පුද්ගලයකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කල හැක්කේ එකම එක වතාවකදී පමණි.
කෙසේ වුවද මේ විශ්වාසභංග යෝජනාව ලබන වසර අග පැවැත්වීමට තිබෙන ජනාධිපතිවරණයට කිට්ටුව ඉදිරිපත් වූවානම් තත්වය වෙනස් වන්නට ඉඩ තිබුනි. මනා දුරදක්නා නුවණකින් හෙබි වික්‍රමසිංහයන් තමාට විරුද්ධව මේ මොහොතේම විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තරම් තම සතුරන්ව පොළභවා උසිගැන්වීය. ඔහුගේ මනා සැලසුමට අනුව තමාගේ පක්ෂය තුලම තමාට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීමට විශාල පිරිසක් බලාපොරොත්තුව සිටින බවට තමාගේ ලගම සිටින ගෝලයන් ලවා ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරවීය. මේ සියල්ල ඔහුගේම සැලසුම්ය. ඔහුගේ ඇම ගිල්ල සතුරා උද්දාමයට පත්ව කඩිමුඩියේම විශ්වාසභංග යෝජනාවක් සකක්කර එය කථානායකවරයාට භාර දුන්නේය. ඒ විගසම ක්‍රියාත්මක වූ රනිල් වික්‍රමසිංහයන් එය හැකි ඉක්මනින්ම විවාදයට ගැනීමට යෝජනා කලේය. මෙදා සැරේ අගමැති ගෙදර යැවිය හැකි බව සිතමින් විරුද්ධවාදීන් සිහින දැක්කේය.
විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් දින එක්සත් ජාතික පක්ෂය තුල ඔහුට විරුද්ධව චන්දය දීමට සැරසී සිටියායැයි කියන විශාල පිරිස තබා එම ප්‍රකාශ නිකුත් කල අයවත් ඔහුට විරුද්ධ නොවීය. තමාගේ පක්ෂය මනාව හසුරුවා ගැනීමට පමණක් නොව දෙමළ, මුස්ලිම් සුළු ජාතීන් පවා මනාව තමා වටා එක් රොක් කර ගැනීමට තමා සතු හැකියාව ඔහු මුලු ලොවටම පෙන්වා දුනි. ඔහු වැඩි චන්ද ගනණාවකින් විශ්වාසභංග යොජනාව පරාජය කරවීය. දැන් ඔහු පෙරටත් වඩා ශක්තිමත්ය. නැවතත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට කිසිවකුට බලයක් නොමැත.
විශ්වාසභංග යෝජනාවට ප්‍රථම අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නයි කියා ප්‍රකාශ කල ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සියලූම දෙනාට ඉල්ලා අස් වී යාමට සිදු විය. ආණ්ඩුව ඇතුලේ සිටිමින් අගමැතිවරයාගේ කකුලෙන් ඇද්ද පිං ඇමතිවරු සියල්ලන්ටම සිය ඇමති තනතුරින් ඉවත් වී යාමට සිදු විය. කොයි සැරයටත් වඩා හීන් සැරය හොදයි කියා කටයුතු කරන රනිල් වික්‍රමසිංහයන් තනි ආණ්ඩුවක් හදන හැටි මුලු ලොවටම පෙන්වා දුනි. මල නොතලා රොන් ගන්නා සැටි ඔහු සැමටම මනාව පෙන්වා දුනි. දේශපාලනය පිළිබදව හය හතර නොදන්නා කාටත් ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.
අද සිරිසේන ජනාධිපතිවරයාගේ දෙකට බෙදී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් බෙදී වෙන් විය. සිරිසේන ජනාධිපතිවරයා ගහන ගහන තුරුම්පු සියල්ලම ඉවතට විසිවේ. හිටපු ජනාධිපතිවරයාද තමාගේ සිත රවටා උදම් ඇනූවද ඔහු ලබා ගත්තේ 44 % ක චන්ද ප්‍රථිශතයකි. නමුත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමටනම් අනිවාර්යයෙන්ම 50 % ක් අභිබවා යා යුතුමය. එනම් දෙමළ, මුස්ලිම් ආදී ජන කොටස් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහායද ලබා ගත යුතුමය. ඊ ළග ජනාධිපතිවරණයේදී මේ සියලුම ජාතීන් සහ සියලූම පක්ෂ තමා වටා ඒකරාශී කර ගත හැකි පාර්ලිමේන්තුව තුල සිටින එකම නායකයා ගරු රනිල් වික්‍රමසිංහයන් බව කාටත් නොරහසකි. එතුමාව ඉවත් කිරීමට සතුරන් දැඩි වෙහෙසක් ගත්තේ මේ නිසාය.
ගරු රනිල් වික්‍රමසිංහයන් යනු ඉතා උපේක්ෂා සහගතව සියල්ල ඉවසමින් හදිසි අවස්‍ථාවේ තම සතුරාව නිරීක්ෂණය කරමින් සතුරාව දුර්වල කල හැකි බුද්ධියකින් හෙබි පරිණත දේශපාලකයෙකි. හදිසි අවස්ථාවේ කලබල වූ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයාද මේ වන විට කොලේ ඉරා ගෙන ඇගේ හලාගෙන අවසානය.
රනිල් වික්‍රමසිංහයන් යනු තමාට ගල් ගසන සියල්ලන්ටම තමාව යට කර ගනිමින් ගල් ගැසීමට ඉඩ සලසා ඉන් පසු ඒ ගල් සියල්ලෙන් තමා වටා විශාල පවුරක් ඉදි කර ගන්නා බුද්ධිමතෙකි. ඔහු ඔහුට ගසන සියලූම මඩ එකතු කර එය මැටි බවට පත් කොට ඉතා වටිනා නිර්මාණ ඉදි කරනා නායකයෙකි. ඔහු වසර 2020 දී ගහන සැලසුම කාටත් සිතා ගත නොහැක. එදාට සියලූම ජාතීන් ඔහු වටා එක් රොක් වීම වළක්වාලිය නොහැක.
ඔහු අපව නොදනී. නමුත් අප ඔහුව හොදින් දනී. මේ රට ගොඩ නැගීමට අවශ්‍ය සියලූම ශක්තිය හා ධෛරය ඔහු සතුව ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු අග්‍රාමාත්‍යවරයාණනි, මගේ ආදරණීය නායකයාණනි ඔබට චිරං ජයතු ................!!!
- ස්තූතියි -
සිංහ ලෝකයේ සිංහයා.
Last edited:
