විපක්‍ෂයෙන් උත්සවය ඇමතීමට ආරාධනා කරලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයටයි. කියන්න සතුටුයි එදා ඒ උත්සව අමතලා කතා කරපු අයගෙන් හරවත්ම කතාව කළේ රනිල් මහත්තයයි. 'ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩිලා බිඳිලා බිංදුවට වැටිලා ඉන්න වේලාවේ පාද යාත්‍රා පවත්වලා... ජන ඝෝෂා නංවලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ජීවය දුන්නේ මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා. නැති වෙච්ච දේවල් ඇති කරන්න පුළුවන් සුවිශේෂී පුද්ගලයෙක්. ඒ නිසා එතුමාට මේ වගේ පදවියක් ලබා දුන්න එක ගැන මම උන්වහන්සෙලාට ස්‌තූතිවන්ත වෙනවා. ඒ වගේම මමත් සතුටු වෙනවා. සම්බුද්ධ ශාසනයටත්, සංඝයා වහන්සේලාටත් විශාල උනන්නතියක් ලැබෙන බව මට හොඳට විශ්වාසයි...' කියලා කතාව අහවර කළා.