රමන් බල්හාගේ, ඉෂි අම්මාගේ, ශිවන්‍යාගේ දැව&#354

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    රමන් බල්හාගේ, ඉෂි අම්මාගේ, ශිවන්‍යාගේ දැව&#354

    ලංකාවේ හවසට තියෙන ටෙලිඩ්‍රාමා බෙල්ට් එක බලන්න පුලුවන් නම් සමහර විට සමාජ විද්‍යාඥයෙක් හොයාගන්න පුලුවන් ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම තමන්ගේ හෝ රටේ ප්‍රශ්න නැති බව. ඒ අයට තියෙන්නේ මෙගා ටෙලි වල නළු නිළියන්ට තියෙන ප්‍රශ්න. පොඩ්ඩක් බලමු අපිටවත් විසඳුමක් දෙන්න පුලුවන් වෙයිද කියලා මේ දැවෙන ප්‍රශ්න දෙකතුනකට.

    1. මේ ආදරයයි – ඉෂි අම්මගේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද?



    Mega-TeledramaIssues-01.jpg


    මේ ටෙලිය නොවරදවාම බලන අයට තිබුණු දරුණු ප්‍රශ්නයක් විසඳුනා. ඒ තමයි රමන් සහ ඉෂි අම්මා බැඳලා කාලෙකට පස්සෙ හරි හනිමූන් යයිද කියන එක. නොකිව්වට රමන්ට තිබ්බ ප්‍රශ්නෙත් ඕකම තමයි. ඔන්න යන්තං ඒ ප්‍රශ්නේ ඉවරයි. රමන් කොල්ලා ආතල් එකේ ඉන්නවා. මේ දවස්වල ඔක්කොම ජොලියෙන්. හැබැයි ඉතින් මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ හරිම ෂෝක් ඉෂි අම්මට බාල්දි පෙරළන්නනේ. ඒ නිසා සමහරවිට මේ සතියේම මොකක්හරි ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
    කොහොම වුනත් යනින් එනින් ගමනකදී අහම්බෙන් මේ ආදරයයි දකින කෙනෙක්ට එන්නේ එක ප්‍රශ්නයයි. මේ රමන් කියන හාදයට හැමෝම බල්ලා කියන්නේ මොකද කියලා තමයි. රමන් බල්හා… හැබැයි ඕක කියවෙන්නේ ඇත්තටම බල්ලා කියලලු, පවු රමන්!


    2. ප්‍රේම දඩයම – ශිවන්‍යා ඊළගට කාට පෙනේ පුප්පයිද?



    Mega-TeledramaIssues-02.jpg


    පුෂ් ගාන ශිවන්‍යෙක් දැකලා නැත්නම් එන්න, ඇවිත් වාඩිවෙන්න. මේ නාග කන්‍යාවන් සරාගී නර්තන ලීලාවන් පාන ප්‍රේම දඩයම ටෙලිය බලන්න. මේ දවස්වල නයෙක් දැක්කොත් මතක් වෙන්නෙම ශිවන්‍යා!
    ඒක නෙවෙයි. මේක බලන අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ශිවන්‍යාටයි එයා ගැන හිතේ තියන් ඉන්න කොල්ලටයි එකතු වෙන්න ලැබෙන්නේ නැති එක. ශිවන්‍යාගෙත් හිත යට මේ කොල්ලට මෙව්වා එකක් තිබ්බත් වැඩේ හරියන්නෙ නැහැලු. ඇයි හලෝ හැපින්නක්… සොරි සොරි නාග කන්‍යාවක් බඳින්න ඕන නයෙක්වනේ. ඉතින් ප්‍රේම දඩයම බලන අය ගිනි පත්තු වෙලා ඉන්නේ කොල්ලට ටොපිය සෙට් කරලා කොහෙවත් ඉන්න නයෙක් මේ ශිවන්‍යාව අරන් පනීද කියලා!


    3. සිඳූ – සරණ පැනල යයිද?



    Mega-TeledramaIssues-03.gif


    මේ දවස් ටිකේම දෙරණ ටීවී ටෙලිනාට්‍ය බලන උදවිය විතරක් නෙවෙයි, සමාජ ජාල පවා කථා කලේ සෝරත පොඩි හාමුදුරුවොයි සරණ පූස් පැටියයි ගැන. කටකාර සාමණේරයන් වහන්සේ කෙනෙක් වෙන සෝරත පොඩි හාමුදුරුවන්ගේ හුරතල් කමටයි, පොඩි හාමුදුරු කෙනෙක් කියන එකටයි විශේෂයෙන්ම අම්මලා නැන්දලා එහෙම වහ වැටිලා ඉන්නේ. මේ සමන් එදිරිමුණි ලියන සිඳූ ටෙලි නාට්‍යය.
    මේක අර මලී, අත්තම්මා නාට්‍ය දෙකේ තුන්වන ඈඳුම හින්දම මේ නාට්‍යයත් මැද හරියට යනකොට ජීවත් වෙන මිනිස්සුන්ට වැඩියෙන් යක්කු, භූතයෝ, ප්‍රේතයෝ මුණගැහෙන්න තියෙන ඉඩ වැඩියි. මේක බලන සමහර අයට තියෙන ප්‍රශ්නේ තමයි කොයි වෙලාවේද අමනුස්සයෙක් මතුවෙන්නේ කියන එක.


    4. සල් සපු නා – උප ඇමතිතුමා කාටද කැමති?




    Mega-TeledramaIssues-04.jpg


    ත්‍රිලර් රසයට කැමති නැන්දට මාමට මෙන්න තියෙනවා සල් සපු නා. වෙන්නේ මේකයි. ඇමතිතුමා දුෂ්ටයා. උප ඇමති තුමා බැඳලා ඉන්නේ ඇමතිතුමාගේ දෝණියැන්දව. ඒ අස්සේ ඇමතිතුමාගේ හොර වැඩ ගැන ලියන අභීත මාධ්‍යවේදිනිය උප ඇමති තුමාගේ ඉස්සර හිටපු ගෑල්ලමයා. කාල වරෙන්කෝ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ උප ඇමති තුමා ගන්නේ කාගෙ පැත්තද කියන එක නෙවෙයි. ඕවා ප්‍රශ්නද හලෝ, ඒක ඩිරෙක්ටරුයි ස්ක්‍රිප්ට් රයිටරුයි බලාගනී. උප ඇමති තුමා ඒක් පූල් දෝ මාලි පිචර් එක මෙතනත් කරයිද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ!

    5. ආදරේ ගින්දරක් – මේ ලෝකේ ඉන්නේ කළු සුදු චරිත විතරමද?



    Mega-TeledramaIssues-05.jpg


    හරිනේ. ටෙලි ඩ්‍රාමා එකේ නමේම තියෙනවා ප්‍රශ්නේ මොකක්ද කියලා. තවත් ඕන නං අහන්න තේමා ගීතය. ඒකෙ කියන්නේම ආදරේ ගින්දරක්… ගින්දරක් ගින්දරක් කියලා. ඉතින් ඔච්චර පිච්චි පිච්චි ලව් කරන්නේ මොකෝ කියල අහන්න එපා. ඒවා අදාළ නැති ප්‍රශ්න.
    ආදරේ ගින්දරක් ටෙලියේ ඉන්න ප්‍රධාන ගැහැණු චරිතය තමයි උපේක්ෂා. උපේක්ෂා කියන්නේ අහිංසකම අහිංසක චරිතයක්. ඒ හින්දම තමයි එයාට ප්‍රශ්න පිට ප්‍රශ්න. පැටලුණු නූල් බෝලයක් වගේ. මේ දවස්වල උපේක්ෂාට තියෙන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ කොහොමද කියන එක. අපිටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. ඕවට උත්තර දන්නෙ ඉතින් සුජීව ප්‍රසන්න ආරච්චි අය්යම තමයි.


    6. සදහටම ඔබ මගේ – ඔබ කවුද පියේ?



    Mega-TeledramaIssues-06.jpg


    දිශා ප්‍රෙග්නන්ට් කියල කට්ටිය දන්නවනෙ. දැන් දිශා බඳින්න යන්නෙ මනස්ව. ඒත් බබාගේ තාත්තා මනස් නෙවෙයිනෙ. ඔය ප්‍රශ්ණෙ අස්සෙ ඉශානිගෙ ඔරිජිනල් තාත්තාත් කතාවට එන්ටර් වෙලානෙ. හරියට හරි ඔයාල හිතුව හරි. දැන් මේ දවස්වල තාත්තලා පිළිබඳව තමා එයාලට ප්‍රශ්ණෙ තියෙන්නෙ. දිශා මනස්ට ඇත්ත කියයිද? නැත්නම් සද්ද නැතුවම කසාද බඳියිද? ඉශානි එයාගෙ ඇත්ත තාත්ත ගැන දැන ගනියිද? හැබැයි අපිට තියෙන ප්‍රශ්ණෙ මේක නෙවෙයි. මේ කතාවල එක ළමයට තාත්තලා කී දෙනෙක් ඉන්නවද කියන එකයි.


    අනිවා අපේ දවසේ ප්‍රශ්නය

    මේ ඉන්දියන් මෙගා ටෙලි ඩ්‍රාමා වල ඉන්න නළුවෝ ගෙදර ඉන්නේත් ෆුල් සූට් එකෙන්. නිදාගන්න යන්නෙත් වෙස්ට් කෝට් එක පිටින්. ඊට හපන් නිළියෝ.ඒ ගොල්ලෝ නිදාගන්න යනකොට අඳින සාරියක් ලංකාවේ වෙඩිමකවත් හොයාගන්න නැහැ. අතේ කරේ දාගෙන ඉන්න රත්තරන් ටික උස්සගෙන ඉන්න කාලයක් බර ඉසිලීම කරල තියෙන්න ඕන. අපි අහන්නේ, ඉන්දියන් මෙගා ටෙලියක් ලංකාවේ විදියට කලා නම් කොහොම තියේවිද?


    http://www.aniwa.lk/2016/08/28/1608...le-issues-your-personal-problems-as-well-now/

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: KDH

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මේවා තනිකරම කුණුහරප. ගත යුත්තක් නැ.:no::no: මේ ලදී යශෝරාවය බැලුවා. අන්න නාට්ටි
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    14484597_1673023496347212_2045998023811569192_n.jpg
    මල් දුන්නෙන් හීයක් එවු රන් සමණළයා රනිල් වික්රමසිංහයාණෝ ජාත්යන්තරය ජය ගනි.
    අගමැතිදුන්ගෙ ඡායාරූපයක් රමන් බල්හාගේ නිවසෙ එල්ලලා.
    ඉෂිතා මේ ඡායාරූපයට මල් පහන් පවා පත්තු කරනවා - රමන් මාධ්යයට කියයි.
    බයියන්ට අගයක් නැති ජාත්යන්තරය ජය ගත් මේ සුපිරි මොළය ගැන ආඩම්භරයි නම් SHARE කරන්න.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "සිදූ" වගේ ටෙලි නාට්‍යයක් නම් බැලුවත් කමක් නෑ පවුල් පිටින් එකට වට වෙලා හරි.. :) අඩුම ගානේ පුංචි පුංචි ආදර්ශ හරි ලැබෙනවා පන්සලෙන්..
    අනික ළමයින්ගේ ළමා ගති හරි තාත්ත්වික විදිහට තියෙනවා..

    ඒත් අර ඉන්ඩියන් මගුල්වල තියෙන්නෙ මහ ලොවෙත් නැති කොලොප්පංනේ..:angry: බැන්ඳට පස්සෙ ගෑනිට කිස් එකක් දී ගන්න බැරි සීන් එකක් ගැන අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා ඉතින් අපේ අයත් ගෙදර සාලෙට වෙලා..:growl:
    (මමනම් ටී.වී බලන්නෙම නෑ.. බලන්න වෙලාවකුත් නෑ.. අහම්බෙන් වගේ ඔහොම සීන් එකක් යනව දැක්කා..:oo:)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මට තියෙන ප්‍රශ්නේ ඇයි බන් මේ හැම ඉන්දියන් කතාවකම මේයින් කැරැක්ටර් එක ගෑනූ කෙනෙක්ගේ වෙන්නේ :frown:
    ලංකාවෙ කතාවල එහෙම නෑනේ.. සමබරව යනවනේ :dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මේවා තනිකරම කුණුහරප. ගත යුත්තක් නැ.:no::no: මේ ලදී යශෝරාවය බැලුවා. අන්න නාට්ටි

    Mama me wage parana tele drama ape van eke danawa hawasa office iwarawela enakota.. staff service nisa.. minissu puduma asawen balanne..

    1. Lahiru dahasak (1984)
    2. Ella laga walawwa (1988)
    3. Yashorawaya
    4. Wadiya
    5. Allapu gedara

    wage ewa.. thawa tibba YT eke matakana na.. mewa hari lassana wagema gatha yuththakuth tiyenawa..

    ekata den ena me magul okkoma nendamma yeli kotawana ewa thama..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    "සිදූ" වගේ ටෙලි නාට්‍යයක් නම් බැලුවත් කමක් නෑ පවුල් පිටින් එකට වට වෙලා හරි.. :) අඩුම ගානේ පුංචි පුංචි ආදර්ශ හරි ලැබෙනවා පන්සලෙන්..
    අනික ළමයින්ගේ ළමා ගති හරි තාත්ත්වික විදිහට තියෙනවා..

    ඒත් අර ඉන්ඩියන් මගුල්වල තියෙන්නෙ මහ ලොවෙත් නැති කොලොප්පංනේ..:angry: බැන්ඳට පස්සෙ ගෑනිට කිස් එකක් දී ගන්න බැරි සීන් එකක් ගැන අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා ඉතින් අපේ අයත් ගෙදර සාලෙට වෙලා..:growl:
    (මමනම් ටී.වී බලන්නෙම නෑ.. බලන්න වෙලාවකුත් නෑ.. අහම්බෙන් වගේ ඔහොම සීන් එකක් යනව දැක්කා..:oo:)

    මම මේවයින් බලන එකම නාට්‍යය 'සිඳූ'. ඒකත් මම බලන්න ගත්තෙ 'මලී 1 සහ 2' නාට්‍යවල 3 වෙනි කොටස කියපු හින්දා.

    ඒ වුනත් මේ 'සිඳූ' නාට්‍යයේ මම බලන්න පොඩි හාමුදුරුවන්ගෙයි අනිත් පොඩි ළමයින්ගෙයි ලොකු හාමුදුරුවන්ගෙයි දර්ශන විතරයි. අනිත් ඒවා මෙලෝ රහක නැති ඒවා. කොටින්ම කිව්වොත් 'බහු බූත'. (ඔව්, මේ කතාවෙ බූතයොත් ඉන්නවනෙ!!).

    මම ඉන්ටනෙට් එකෙන බලන හින්ද වැඩේ ලේසියි. ඕන කොටස් ටික විතරක් බලලා අනිත් කොටස් ටික slide කරල දානවා!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ශ්‍රිවන්‍යා නම් කැරි කෑල්ල බන් අම්මෝ මතක් වෙන කොටත් ඉන්න බෑ චීස් කුට්ටියක් වගේ පට්ට කද .
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    "සිදූ" වගේ ටෙලි නාට්‍යයක් නම් බැලුවත් කමක් නෑ පවුල් පිටින් එකට වට වෙලා හරි.. :) අඩුම ගානේ පුංචි පුංචි ආදර්ශ හරි ලැබෙනවා පන්සලෙන්..
    අනික ළමයින්ගේ ළමා ගති හරි තාත්ත්වික විදිහට තියෙනවා..

    ඒත් අර ඉන්ඩියන් මගුල්වල තියෙන්නෙ මහ ලොවෙත් නැති කොලොප්පංනේ..:angry: බැන්ඳට පස්සෙ ගෑනිට කිස් එකක් දී ගන්න බැරි සීන් එකක් ගැන අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා ඉතින් අපේ අයත් ගෙදර සාලෙට වෙලා..:growl:
    (මමනම් ටී.වී බලන්නෙම නෑ.. බලන්න වෙලාවකුත් නෑ.. අහම්බෙන් වගේ ඔහොම සීන් එකක් යනව දැක්කා..:oo:)


    siravata
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේවා තනිකරම කුණුහරප. ගත යුත්තක් නැ.:no::no: මේ ලදී යශෝරාවය බැලුවා. අන්න නාට්ටි


    hqdefault.jpg

    6420847.gif

    ඇත්ත කතාව ඇක්ටින්ද...ඇඳුම් පැළඳුම්ද.. පෙන්නන මනුස්ස ගති ලක්ෂනද... සුපිරියි, ඒක බලද්දි හිතෙනව මේක අපිට කොච්චර සමීපද , මේ පවුලත් අපේ ගමේ නේද..? කියල,

    ඉන්දියන් ඒව මාර චාටර් නිකන් බොරු පඩශෝ පාර්ට් තියෙන්නෙ, සැබෑ ජීවිතේ කෝච්චි පාරෙ මලපහ කරන අය ටයි දාල කොර්ට් දාල තමයි නිදාගන්නෙත්, ගොඩක් ඒව හදල තියෙන්නෙ පිරිමි දවල්ට වැඩට ගියාම ගෙදර ඉන්න ගෑනුන්ගෙ චිච්චිය රත්වුනාම පොඩ්ඩක් තෙමාගන්න උදවු කරන්න නේ

    අපිත් ඉතින් මොකාගෙ පයන්න වුනත් දොතින්ම භාර ගන්න දස්සයො නේ එදා ඉඳලම,
     
    Last edited: