රඹුටන්, දුරියන්, මැංගුස් උෂ්ණ ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගිය දවස් තුන ඇතුලත 500 විතර කෑවා රඹුටන්. ආසනම් කාපන් බන් ස්වභාවික පලතුරු ඇති තරම්. මුකුත් හානියක් වෙන්නැහැ කොච්චර කෑවත් ඔය කන අනිත් දේවල් එක්ක බලද්දි.
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මං දූරියන් කාලම නෑ

    මටත් දැනෙන්නෙ සුවදක් විදියට

    ඔය කඩවල් ගාවින් යනකොට
    1752849171140.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,882
    10,068
    113
    Seasonal fruits කන්න ඕනෙ. ඒ කියල ඕනෑවට වඩා කන්න නෙවෙයි.
     
    • Love
    Reactions: MR.YOLO

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,347
    16,036
    113
    Colombo
    දෙල්. රඹුටන්. දැල්ලො කාලා හික් වෙලා ඉන්නේ
    ඇස් දෙකෙන් දැවිල්ලයි
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මුකුත් හානියක් වෙන්නැහැ
    රඹුටන් වල ලෙල්ලේ තියනවා කියනවා නේද බම් අර මොකද්ද ඇසිඩ් එකක්? මම නම් බම් ඕං රඹුටන් ලෙල්ල පිහියකින් කපලා open කරලා ආපහු මදේ වතුරෙන් හෝදලා තමා කන්නේ 🤭

    මගේ බම් කොහොමත් උෂ්ණයි ඇඟ, උෂ්ණ කෑම කාපු ගමන් බඩු පැකට් වෙනවා 😏
     
    • Like
    Reactions: Fiona Dabare

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    මේ සැරේ ලංකාව පුරාම රබුටන් හැදිලා හොදට ....කොලබ ගෙඩි 20 , 100/- තියනවා , මං හිතන්නේ විකුණගන්න බැරුව
     
    • Like
    Reactions: italymad

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වතුරෙන් හෝදලා

    හේදුවහම රහ අඩු වෙනවා බන්. මන්නම් එක පාර 150 විතර කපලා භාජනේකට දාලා, ඒක උඩින් මී පැනි දාලා, ඔක්කොම කලවන් කරලා, මොනාහරි බලන ගමන් කනවා. තව භාජනයක් ගන්නවා ඇට දාන්න.
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මං දූරියන් කාලම නෑ

    මටත් දැනෙන්නෙ සුවදක් විදියට

    ඔය කඩවල් ගාවින් යනකොට
    කාල බලපන් පට්ට ම පළතුරක්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,882
    10,068
    113
    හේදුවහම රහ අඩු වෙනවා බන්. මන්නම් එක පාර 150 විතර කපලා භාජනේකට දාලා, ඒක උඩින් මී පැනි දාලා, ඔක්කොම කලවන් කරලා, මොනාහරි බලන ගමන් කනවා. තව භාජනයක් ගන්නවා ඇට දාන්න.
    150 ක්?? 🙄 එච්චර කෑවොත්නම් ඇස්වලින් දුම පිටවෙයි. අනිත් එක මොකක්ද බන් උබ ඔය කන විදිය? වැදගත්ම ප්‍රශ්නෙ, දත් අස්සෙ හිර වෙන්නෙ නැද්ද බන් ඕවා? හරි අමාරුයිනෙ එහෙම උනාම.
     
    • Like
    Reactions: MR.YOLO

    AnuradhaRa

    Well-known member
  • හේදුවහම රහ අඩු වෙනවා බන්. මන්නම් එක පාර 150 විතර කපලා භාජනේකට දාලා, ඒක උඩින් මී පැනි දාලා, ඔක්කොම කලවන් කරලා, මොනාහරි බලන ගමන් කනවා. තව භාජනයක් ගන්නවා ඇට දාන්න.
    අපිට නිවන් දකින්න කියල
    උඹ හොදට කාල බීල ඉන්නව නේ...

    රඹුටන් ගෙඩිය ඇත්තටම මේ ලෝකෙ තියෙනවද බං
    රඹුටන් ගෙඩියෙ රහ ඇත්තද බොරුද?
    හිතේ මායාවක්ද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    150 ක්?? 🙄 එච්චර කෑවොත්නම් ඇස්වලින් දුම පිටවෙයි.

    එහෙම අවුලක් නැ මටනම්. ගෝනි දෙකක් ඉවරයි. තව එකක් හම්බෙයි හෙට අනිද්දා.

    දත් අස්සෙ හිර වෙන්නෙ නැද්ද බන් ඕවා?

    නැ. සමහර රබුටන් ජාති තියෙනවා මද හරියට ගැලවිලා එන්නැති.. ඔය මන් කෑවේ අපේ සීයාලා වත්තක තියෙන ගස්වල කඩපුවා. මද හයියයි අර මැලේසියන් එකට වැඩිය. ටක් ගාලා ගැලවිලා එනවා.

    අනිත් එක මොකක්ද බන් උබ ඔය කන විදිය?

    මී පැනි මන් මූනේ ගාන්න ගෙනාපු එකකින් ඉතුරු වුන එකක්. තඩි බෝතලයකින් බාගයක් ෆ්‍රිජ් එකේ තිබ්බා දවස් ගානක්. ඉතින් දාන් කෑවා. නියමයි. 😋


    රඹුටන් ගෙඩියෙ රහ ඇත්තද බොරුද?
    හිතේ මායාවක්ද?

    රහ කියන්නේ දැනීමක්.
    දැනෙන එක නෙමෙයි ප්‍රශ්නේ. රඹුටන් වල රසය දැනීම, මිහිරි රසයක් (පැනි රස) විදිහට දැනගෙන වින්දනය කිරීම.

    කරවිල වල රසත් දැනීමක්. ඒත් ඒ දැනීම අමිහිර රසයක් විදිහට දැනගෙන (තිත්ත රස) වින්දනය කිරීම තමයි අවුල.

    මෙතන දැනීමක් මිහිරියි, අමිහිරියි කියලා බෙදන්න බැහැ. එහෙම නිත්යව පවතින මිහිරි බව ක් වත් අමිහිරි බව ක් වත් (රස හෝ තිත්ත) නැහැ. පැනි රසයි හෝ තිත්ත රසයි කියලා ගන්නම බැහැ. දැනීමේ යථා ස්වරූපය නොඅවබෝධය නිසා, දැනීම නිත්ය බව ක් ලෙස දැනගන්න වෙලාවේ තමයි ඔය දෙකෙන් එකක් පටිච්ච වෙලා පටිච්ච සමුප්පන්න චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යාවෙන් තිත්ත හෝ පැනි රස කියලා ගන්න නිත්ය බව හැමවිටම, නිත්ය බව ක් දැනගන්න පෙර උදාවෙමින් හා වැය වන ස්වභානයෙන් පවතින්නේ. (තිත්තයි කිව්වට රස බව අඩු බව ක් සහ තිත්ත බව වැඩි බව ක්, රසයි කිව්වට රස බව වැඩි බවක් සහ තිත්ත බව අඩු බව ක් ලෙස සෑම අවස්ථාවකම මේ උදා වෙමින් වැය වෙන ස්වභාවය පවතිනවා) සහ එකක එකක් එකිනෙකින් හේතු-ඵල ව බැදිලා පවතින්නේ. තිත්ත බව හදුනගන්නේ රස බව ට සාපේක්ශව සහ ඒකේ පරස්පරය. එකක් ස්වාධීනව පවතින්න බැහැ. ඉතින් තිත්ත හෝ රස බව දැනගත්ත කෙනෙක් සහ දැනගෙන වින්දනය කරන කෙනෙකුත්, තිත්ත හෝ රස බව කුත් තියෙනවා දැන්. ඉතින් පැනි රස සැපයක් ලෙස වින්දනය කරනවා. ඒ සැපය ලබන්න ආසා කරනවා. නැති වුනහම දුක් වෙනවා. තිත්ත රස දුකක් ලෙස වින්දනය කරනවා. ඒ දුක විදින්න ප්‍රිය නොකරනවා..

    උදය වැය දැකලා, ඔය අන්තවලින් මිදිලා මධ්‍යස්ථ වුන කෙනා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයා.
     
    Last edited:
    • Love
    Reactions: KSPathirana

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එක පාර 150 විතර
    තමුසේ ඕයි සුන්දර පියෝනා මරු බුලට් එකක් නෙව බම් 😳

    කොච්චර නම් රඹුටන් කුණු වෙලා විසි කරාද බම් මට දී ගන්න උන් නැතුව 😐 කා ගන්නත් බෑ උෂ්ණ ඇඟ නිසා ලෙඩ, දෙන්න පුළුවන් උන්ට දුන්නා ඉතිරිය කුණු වෙලා විසි කරා.

    පොලට අරන් ගිහින් විකුණන්නත් හිතුනා බම්, ඒත් නිකං හිටියා පොලවල් අස්සේ රිංගලා චාටර් වෙන්න බැරි නිසා 😐
     
    • Sad
    Reactions: Fiona Dabare