150 ක්??

එච්චර කෑවොත්නම් ඇස්වලින් දුම පිටවෙයි.
එහෙම අවුලක් නැ මටනම්. ගෝනි දෙකක් ඉවරයි. තව එකක් හම්බෙයි හෙට අනිද්දා.
දත් අස්සෙ හිර වෙන්නෙ නැද්ද බන් ඕවා?
නැ. සමහර රබුටන් ජාති තියෙනවා මද හරියට ගැලවිලා එන්නැති.. ඔය මන් කෑවේ අපේ සීයාලා වත්තක තියෙන ගස්වල කඩපුවා. මද හයියයි අර මැලේසියන් එකට වැඩිය. ටක් ගාලා ගැලවිලා එනවා.
අනිත් එක මොකක්ද බන් උබ ඔය කන විදිය?
මී පැනි මන් මූනේ ගාන්න ගෙනාපු එකකින් ඉතුරු වුන එකක්. තඩි බෝතලයකින් බාගයක් ෆ්‍රිජ් එකේ තිබ්බා දවස් ගානක්. ඉතින් දාන් කෑවා. නියමයි.
රඹුටන් ගෙඩියෙ රහ ඇත්තද බොරුද?
හිතේ මායාවක්ද?
රහ කියන්නේ දැනීමක්.
දැනෙන එක නෙමෙයි ප්‍රශ්නේ. රඹුටන් වල රසය දැනීම, මිහිරි රසයක් (පැනි රස) විදිහට දැනගෙන වින්දනය කිරීම.
කරවිල වල රසත් දැනීමක්. ඒත් ඒ දැනීම අමිහිර රසයක් විදිහට දැනගෙන (තිත්ත රස) වින්දනය කිරීම තමයි අවුල.
මෙතන දැනීමක් මිහිරියි, අමිහිරියි කියලා බෙදන්න බැහැ. එහෙම නිත්යව පවතින මිහිරි බව ක් වත් අමිහිරි බව ක් වත් (රස හෝ තිත්ත) නැහැ. පැනි රසයි හෝ තිත්ත රසයි කියලා ගන්නම බැහැ. දැනීමේ යථා ස්වරූපය නොඅවබෝධය නිසා, දැනීම නිත්ය බව ක් ලෙස දැනගන්න වෙලාවේ තමයි ඔය දෙකෙන් එකක් පටිච්ච වෙලා පටිච්ච සමුප්පන්න චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යාවෙන් තිත්ත හෝ පැනි රස කියලා ගන්න නිත්ය බව හැමවිටම, නිත්ය බව ක් දැනගන්න පෙර උදාවෙමින් හා වැය වන ස්වභානයෙන් පවතින්නේ. (තිත්තයි කිව්වට රස බව අඩු බව ක් සහ තිත්ත බව වැඩි බව ක්, රසයි කිව්වට රස බව වැඩි බවක් සහ තිත්ත බව අඩු බව ක් ලෙස සෑම අවස්ථාවකම මේ උදා වෙමින් වැය වෙන ස්වභාවය පවතිනවා) සහ එකක එකක් එකිනෙකින් හේතු-ඵල ව බැදිලා පවතින්නේ. තිත්ත බව හදුනගන්නේ රස බව ට සාපේක්ශව සහ ඒකේ පරස්පරය. එකක් ස්වාධීනව පවතින්න බැහැ. ඉතින් තිත්ත හෝ රස බව දැනගත්ත කෙනෙක් සහ දැනගෙන වින්දනය කරන කෙනෙකුත්, තිත්ත හෝ රස බව කුත් තියෙනවා දැන්. ඉතින් පැනි රස සැපයක් ලෙස වින්දනය කරනවා. ඒ සැපය ලබන්න ආසා කරනවා. නැති වුනහම දුක් වෙනවා. තිත්ත රස දුකක් ලෙස වින්දනය කරනවා. ඒ දුක විදින්න ප්‍රිය නොකරනවා..
උදය වැය දැකලා, ඔය අන්තවලින් මිදිලා මධ්‍යස්ථ වුන කෙනා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයා.