රවී නීච(කිච) වීම ඔබට කෙසේද..?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    රවී නීච(කිච) වීම ඔබට කෙසේද..?

    රනිල් වික්‍රමසිංහට

    හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, පින් ඇමතිවරුන්ට බලු කපුටු දානයක් හෝ වාහන පූජාවක් කිරීම හොඳ බව පෙනේ. 2020 දක්වා මාරක අපල පවතිනා බැවින්, තිරුපති වැඳගැනීම යහපත් බව පෙනේ. මන්ද දේශිය දෙවියන්ගෙ බැල්ම ඉතා අඩු බැවිනි.


    රාජිත සේනාරත්නට

    රවි මාරුව ඉතා යහපත් බව පෙනේ, රැකියාවේ වෙනස් කම් මෙන්ම අළුත් වගකීම් වලද වැඩි වීමක් පෙන්නුම් කෙරේ. කළක් ඉටු කර ගත නොහැකිව උන් බොහෝ කාරනා ඉටුවන කාළයකි. එහෙත් මිතුරන් මෙන් ළඟින් සිටිනා සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. පවුලේ අය සම්බන්ධ ව්‍යාපාරයන්ට විරුද්ධව එන බලවේග පාලනය කර නොගතහොත්, දරුවන්ගේ සිත් රිදීම් ඇති වන්නට පුළුවන. රැකියා ස්ථානයේ ප්‍රධානීන් ගන්නා වැරදි තීරණ නිසා රැකියාවට මෙන්ම ජීවීතයටද හානී පැමිණිය හැකි බැවින්, ප්‍රධානීන් වෙනුවෙන් මල් පහන් පූජාවක් කර පුලන්නන්ට දානයක් දෙන්න.

    අනුර කුමාර දිසානායකට

    සියල්ලම සිඳුවන්නේ තමන් නිසා බව අන් අයට තේරෙනා කාලයකි. ඔබ නැත්නම් ඉර පායන්නේ නැත. සඳ බැස යන්නේ නැත. මුහුදේ රළ නැගෙන්නේ නැත. සුළඟ හමන්නේ නැත. ඟංගා ගලන්නේ නැත. කාන්තවන්ගේ මාස්ශුද්ධිය සිඳු වන්නේ නැත, වෘෂණ කෝෂ වල ශුක්‍රාණු හට ගන්නේ නැත. විදෙස් සංචාර මෙන්ම විදෙස් රටවලින් ලැබෙන ආධාරවල වැඩි වීමක් පෙන්නුම් කෙරේ. තමන්ට මෙන්ම තම සහෝදර සහෝදරියන්ටද ඉතා කාර්ය බහුල කාළයකි. මග තොට රස්තියාදුවීම් බොහෝ සිඳු වන කාළයකි. 2020 දී රාජ යෝගයක් උදා වන බව පෙනේ. එම නිසා 2025 වන තෙක් උත්සාහය අත් නොහරින්න.

    සුසිල් ප්‍රෙමජයන්තට

    හිසේ ආබාධ මෙන්ම සිහි විකල් ගති ඇති වීමට පටන් ගන්නා කාළයකි. කතා කරන විට දෙපයින් සිට කතා කිරීමට සිහි තබා ගන්න. මන්ද ඔළුවෙන් සිටගෙන කතා කලහොත් මුඛය වෙනුවට පුකය කතා කරනා බැවිනි. පෙර කළ පව් පලදෙන කාළයකි. මිය ගිය ඥාතීන්ගේ ඇල්ම බැල්ම ඇති වන කාළයකි. එම නිසා ඔවුන් සමඟ එක්වීම සිතට සහනයක් ගෙන දෙනු ඇත. ඉඩ කඩම් වලින් බොර තෙල් හා මැණික් සම්පත් මතු වීමේ ඉඩ කඩක් පවති. ස්වාමියාට කීකරුව සිටීමෙන් මේ අපල දුරු කර ගත හැකි බව පෙන්නුම් කෙරේ.

    මහින්ද රාජපක්ෂට

    එන පොට හොඳ නැති බව පෙනේ. රවී මාරුවීම වැඩ්යෙන්ම බලපාන්නේ ඔබට ඔබේ පවුලට හා ඔබ අප්පච් චී වී ඇති පිරිසට බව පෙනේ. පෙර පව් පලදෙන කාළයකි. තමන් හෝ තම පවුලේ අය හිරේ විලංගුවේ වැටීමට උවද ඉඩ ඇත. එහෙත් පුලතිසි දෙවියන්ට බටර් පූජාවක් පැවත්වීමෙන් බලවත් තනතුරු ලබා ගැනීමේ වාසනාවක් ඇති බවද පෙනේ. සිහිකල්පනාවෙන් වැඩ කළහොත. නැවත රාජ යෝගයක් පහළ වීමේ ඉඩ කඩද පවති. මූලග්ගින්න්ට ප්‍රතිකාර ලබා ගැනීමෙන්. අනෙක් සියළු රෝගයන්ද පහව යාමේ තත්වයක් පෙන්නුම් කරයි. දැනට සියළුම ග්‍රහයන් කිච වී ඇති බැවින්. වෘෂබ රාශි මකර යෝගයෙන් මිදි, සිංහ රාශියේ නොව කන්‍යා රාශියේ උවද ගමන් කිරීම ශරීර සවුක්කයට ඉතා හොඳ බව පෙනේ.

    මෛත්‍රිපාල සිරිසේනට

    රෙදි බෙදන්නේ හෝ රෙදි සාප්පුවල යන්නේ නැතිව ඕනෑම එකෙක් ඇන්දිය හැලි කාළයකි. බොරු උනත් ඇත්ත සේ පිලිගන්නා කාළයකි. ළඟින් ගියොත් ඇහැත් නැතිව රෙද්ද අස්සේ දාගත් නයින්ගෙන් මෙන්ම, ජනමාධ්‍යට සම්බන්ධ සර්පයන්ගෙන් ප්‍රවේශම් වන්න. 2015 ලැබුවාක් මෙන්, ලොතරැයි වාසනා ලැබීමේ අවස්ථා නැවත් නොපෙනෙනා බැවින්, වාසනාව උරගෑමට යාමෙන් වලකින්න. කළගෙඩි හා ලාම්පූ පූජාවක් පවත්වා දීර්ඝායු වැඩි කර ගත් හැකි බවක් පෙනේ. දිරච්ච ලණු ගිලිය හැකි බැවින්, ලණු කෑමට යාමෙන් පරෙස්සම් වන්න. දුර සිටිනා සතුරාට වඩා ළඟ ඉන්නා මිතුරාගෙන් පරෙස්සම් වන්න. විදෙස් සබඳතා කෙසේ වෙතත්, චීනා දෙවියන්ට හා ඉන්දියන් දෙවියාට පුද පූජා පැවැත්වීම යහපති. සිහි බුද්ධියෙන් කටයුතු කළහොත්, 2025 දක්වා සිකුරාගේ යෝගය උච්චව පවති. හිඟන්න්නට ඕනෑවට වඩා දන් දීමට යාමෙන් වලකින්න.

    සුබ දිශාව -
    උතුර (ඉන්දියාව) හා නැගෙනහිර (චීනය)

    අශුබ දිශාව - දකුණ (මැදමුලන)


    ජනතාවට

    රවී නීච උනා කියා ලැබෙනා ලබ්බක් නැති බැවින්. බයියන් මෙන්ම ටෝයියන්ද ඇති දෙයක් කා වෙන දේ බලා, චූ කර නිදා ගැන්මට යාම යහපති..


    ස්වස්ථි සිද්ධම්....!!!

    ආචාර්ය ජෝතීර්වේදි මාතලන් මන්ත්‍රාචාර්ය තුමා


     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ජනතාවට

    රවී නීච උනා කියා ලැබෙනා ලබ්බක් නැති බැවින්. බයියන් මෙන්ම ටෝයියන්ද ඇති දෙයක් කා වෙන දේ බලා, චූ කර නිදා ගැන්මට යාම යහපති.


    :lol::lol::lol: