රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද?

    ඔබ ඇමරිකා එක්සත් ජනපදය පිළිබදව කියවනවිට හෝ ඒ පිළිබදව නිමවා ඇති වීඩියෝ දර්ශන නරඹන විට සුවිශාල ගල්කුලක නිර්මාණය කොට ඇති මිනිස් මුහුණු හතරක් දැක තිබේද?

    1.jpg


    මේවා තියෙන්නේ එරට දකුණු ඩකෝටාවේ නිරිතදිග දිශාවටවන්නටයි. මේ මිනිස් මුහුණු හතරේ හිමිකරුවන්නම්, එ‍රට ජනපතිවරුන් වූ George Washington, Thomas Jefferson, Theodore Roosevelt, සහ Abraham Lincoln යන අයගේ. මෙය ඇමරිකාවේ ජාතික සිහිවටනයක් වන අතර ලොව තිබෙන විශාලතම මූර්ති කිහිපයකින් එකක් වන අතරම එක මුහුණක උස තට්ටු හයක ගොඩනැගිල්ලක උසට සමාන බවද කියවේ. ඒ කියන්නේ මීටර් 20 ක් නැත්නම් අඩි 60 ක් විතර උසයි.
    කව්ද මේ මූර්ති හැදුවේ?
    1925 දී ඇමරිකාවේ ආණ්ඩුවට උවමනාවුනා ඔවුන‍්ට සිටි ‍ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරු හතර දෙනෙකු වෙනුවෙන් සිහිවටනයක් ගොඩනැංවීමට. මේක ඇත්තටම ඔවුන්ට යෝජනා කරල තියෙන්නේ එරට ඉතිහාසඥයකුවන Doane Robinson විසින්. ඒ 1920 මුල් භාගයේදී. ඒ ඔවුන්ගේ රට බිහිවෙලා වසර 150 ක් වීම සැමරීම සදහා. මෙම කාර්යය පැවරුනේ එ‍රට මූර්ති ශිල්පියෙක් වූ Gutzon Borglum හටයි. ඔහු සිය ‍යෝද ප්‍රතිමා ගොඩනැංවීමට තො‍්රා ගත්තේ සුවිශාල ගල් කුලක් වන හෙක්ටයාර් 517 ක් නැත්නම් අක්කර 1278ක් වසා ගෙන සිටි රෂ්මෝර් කන්දයි (Mount Rushmore).මෙය නිර්මාණය කිරීම 1927 දී ඇරඹු අතර නිමවීම සදහා වසර 14 ක් ගතවිය.

    1-1.jpg


    කොහොමද ඒ අය මේක කලේ?
    මෙම ප්‍රතිමා සෑදීමට දායක වූ අය ඒ සදහා ඩයිනමයිට්, jackhammers, නියන් ආදිය යොදාගෙන තිබේ. ඔවුන් මෙය නිම‍වීමෙදී ගල් ටොන් 450,000 ක් පමණ පුපුරවා ඉවත් කරලත් තියෙනවා. මේ වැඩබිමේ වැඩකිරීම නම් අනුතුරුදායක දෙයක් වූ බව තමයි කියන්නේ. මොකද ඔවුන්ට පොළව මට්‍ටමේ සිටි අඩි සිය ගණනක් උසින් ඉදල තමයි මේක කරන්න සිදුවෙලා තියෙන්නේ. කොහොමවුනත් මේක හදපු 1927 සිට 1941 දක්වා කාලය තුල 400 දෙනෙකුපමන සම්බන්ධවෙලා තිබුන බවද කියන්න ඕන.

    1-2.jpg


    මේ මුහුනු මෙම පර්වතයේ මතුකරල තියෙන්නේ මෙන්න මේ අනුපිළිවලට; මුලින්ම George Washington ගේ දෙවනුව Thomas Jefferson ගේද, තෙවනුව Abraham Lincoln සහ අවසානයේ Theodore Roosevelt ජනාධිපතිතුමාගේද වන ලෙසයි.

    ඒවගේම ඕනෑකමින්ම කියන්න ඕන මේ නිකම්ම ආවටගියාට හදපු ප්‍රතිමා නොවන බව. මුහුනේ මුල් හැඩය මතුකරගත්තට පස්සේ ඒක බොහොම කලාත්මක විදියට සුමට කරල මුහුනේ ඉරියව් ආදිය ස්වභාවික විදියට ගොඩනංවන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා. මේ පහල රූපයේ බලන්න Lincoln ජනාධිපතිතුමාගේ ඇස ඉර එළිය වැටුනම දි‍ලිසෙන විදියට ඔවුන් ගොඩනංවාගෙන යන ආකාරය.

    1-3.jpg


    නමුත් අවසානවන්ත විදියට මේ නිර්මාණකාර්යයේ නියමුවා වුන Gutzon Borglum ට නම් තමන්ගේ නිර්මාණය මුලුමනින්ම දැකගැනීමේ භාග්‍ය අහිමිවෙලා තියෙනවා මොකද Roosevelt ගේ මුහුනේ වැඩකටයුතු අවසන්වීමට පෙරාතුවම ඔහු අභාවප්‍රාප්තවීම නිසා. ඊටපස්සේ මෙම කාර්යය ඉෂ්ඨසිද්ද කරල තියෙන්නේ Borglum පුතා වන Lincoln විසින්. Borglum ජීවතුන් අතර සිටියනම් මෙම නිර්මාණය තවත් අලංකාරවත් වෙනවා නිසැකයි. මොකද ඔහුගේ අදහස නම් තිබිල තියෙන්නේ මෙම මූර්තිවල උඩුකයම, ඒ කියන්නේ ඉඟටිය දක්වාම නෙලන්නයි. ඒත් ඔහුගේ අභාවයත් සමග ඒ මුල් අදහස යටයන්නැති කියල තමයි හිතන්න වෙන්නේ.

    බොහෝදෙනෙක් නොදන්නා රහසක්

    මේ කියන්න හදන දේ බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. ඒ තමයි ගල් ගුහාවක් නිර්මාණය කොට තිබෙනවා Lincoln ජනාධිපති තුමාගේ හිසේ පිටුපසට වන්නට. මේ දැන් පෙන්වන රූපයේ ඒ ගල් ගුහාවේ දොරටුව හොදට පේන්න තියෙනවා. මේ ගල් ගුහාව හදුන්වන්නේ Hall of Records ලෙසයි.

    book.jpg


    මෙම නිර්මාණ කාර්යයේ මුල් සැලැස්මට අනුව මෙහි නිර්මාණකරු වෙච්ච Gutzon Borglum ට උවමනාවෙලා තියෙනවා ඇමරිකාවේ ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීම් නමයක් ඇතුලත් ශිලා ලේඛණයක් මෙම ජනාධිපතිවරුන්ට අමතරව මෙහි නිර්මාණය කරන්න. ඔහු සිතල තියෙන්නේ ජනාධිපතිවරුන්ට පැත්තකින් අඩි 80 ක් පළලටත්, අඩි 100 ක් උසටත් මෙය තනන්නයි. කොහොමඋනත් මෙය සාර්ථකවෙන අදහසක්නොවන ව පෙනිල තියෙන්නේ එය සාදන තැන සිට මිනිසුන් සිටින තැනට මෙහි අකුරු නොපෙනෙනබව පසුව පෙනීගිය නිසාය.


    නමුත් Borglum තමන්ගේ අදහස වෙනස් විදියකට හරි කරන්න ඕන කියල මුල් සැලැස්මේ ජනාධිපති පිලිරූ තිබෙන තැන්ද වෙනස් කරල තියෙනවා. ඒ කියන්නේ Jefferson සහ Lincoln අයගේ රූප ඔය දැන් තියෙන තැන්වල නෙමේලු මුල් සැලැසුමේ නම් තිබුනේ. ඒ එක්කම මේ කියන ගල් ගුහාව ඔහු සාදන්න අදහස් කරල තියෙනවා. ඒකට තියපු නම තමයි Hall of Records.


    1938 දී වැඩ අරඹපු මෙම ගල් ගුහාවේ දොරටුවේ උස අඩි 20 ක්ද, පළල අඩි 12 ක් ද වෙනවා. ඒවගේම Borglum හිතල තියෙනවා මේකට කැපී පෙනෙන පඩි පෙලක්ද පහල සිට ඉහලට නගින්න දාන්න ඕන කියල. ඒකියන්නේ ගලින් නිමවපු පඩි 800 ක් විතර. ඒ වගේම මේ Hall of Records තුල ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ එරට නිදහස් ප්‍රකාශයද (the Constitution of the United States and the Declaration of Independence) තබන්න ඔහු අදහස් කරගෙන ඉදල තියෙනවා.


    මේ ගල් ගුහාව හදන වැඩේනම් පිලිම හදන තරම් ලේසි වෙලා නැහැ. ඉතාමත් අසීරු කටයුත්තක් වූ මෙහි නිරතුරුවම කළුගල් සෑරීමට ගන්නා උපකරණ වල කටු මොටවීමට කල්වූ අතර වැඩෙහි නිරතවන්නන් කළුගල් විදීමේදී ඇතිවන දුහුවිල්ලේන් නැහැවී සිටි බව කියනවා. කොහොමහරි අඩි 70 ක් විතර ඇතුලට මෙය සාරගෙන ගොස් ඇති අතර ඒ අතර ප්‍රධාන කාර්යය වන ප්‍රතිමා නෙලීමද සිද්දකරගෙන ගොස් ඇත.

    entrance1.jpg


    නමුත් මේ කාලවකවානුව ‍වනවිට දෙවන ලෝක යුද්දය ඇරඹුන අතර ඇමරිකාවටද අනපේක්‍ෂිත ලෙස එයට සම්බන්දවන්නට වූ අතර මෙම කාරණානිසා අදාල නිර්මාණයට හා අනෙකුත් කාර්යයන්ට මුදල් ලැබීමද බොහෝසෙයින් අඩුවන්නට විය.


    එහෙත් යුද්ධය අවසන් වූ පසු මෙම තත්වය වෙනස් වනු ඇතැයි ට Borglum අපේක්‍ෂා කල අතර ගුහාවේ තව දුරටත් අලංකරන කටයුතු සිදුකල අතර මෙහි තැන්පත් කිරීමට නියමිත ශිලා ලේඛන භාෂා කිහිපයකින් කාමර කිහිපයකම තැබීමටද බලාපොරොත්තුවිය.


    නමුත් අවාසනාවකට වාගේ කටයුතු සිද්දවෙන්නවූයේ Borglum ට හිතකර නොවන ලෙසකට වූ අතර 1941 මාර්තු මාසයේ චිකාගෝවෙදී කෙරුන සුළු සැත්කමකදී නොසිතූ ලෙස ඔහු මිය ගිය අතර ඉතිරි වැඩ කටයුතු මෙම ලිපියේ මුලින්ද කියූ පරිදි ඔහුගේ පුතාට පැවරුනා. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් වූයේ එම වසරේ වසන්ත ඍතුව දක්වා පමණක් වූ අතර එම වසරේ ඔක්තෝබර් 31 වන දින මෙම ව්‍යාපෘතිය නවතා දැමූ අතර ප්‍රළිමද කඩිනමින් නිමවන ලදි. Borglum ගේ පුතාද යුද්ධයෙන් පසු කටයුතු යහපත්වේ යයි සිතූ අතර සිය පියාගේ බලාපොරොත්තුවක් වූ Hall of Records සාදානිමකිරීමට ඉන්පසු හැකිවෙතයි ඔහු සිතුවා.


    කෙසේ නමුත් Borglum පවුලේ මෙම සිහිනය වසර කිහිපයක්ම සාක්‍ෂාත්කරගැනීමට හැකි සෑම උත්සායක්ම දැරීය.කෙසේවෙතත් 1998 දී එරට උද්‍යාන පද්දතියේ අනුග්‍රහයද ඇතිව ඔවුන්ට මෙය යම් තාක් දුරකට සඵල කරගැනීමට හැකිවූ අතර ශිලාලේඛන කෙසේ වෙතත් ටයිටේනියම් vault තුල තැබූ තේක්ක ලීයෙන් නිමැවුන පෙට්ටියක් තුල පෝසිලේන් පිඟන් මැටි වලින් නිමැමුන ලේඛන දහසයක් තැන්පත් කරන ලදි. මේවායේ ඇමරිකාවේ ව්‍යවස්ථාව සහ එරට නිදහස් ප්‍රකාශයට අමතරව එරට ඉතිහාසය, මොන කරුන නිසාද මෙම රෂ්මෝර් පිළ්‍රම ගොඩනැගුවේ, කොහොමද ඒවා ගොඩ නැගුවේ සහ මෙම ජනාධිපතිවරුන් පිළිබදව වෙනවෙනම තොරතුරුද ඇතුලත්කොට තිබේ.

    ඒ වගේම රාත්‍රියේදීත් මෙය දර්ශනීයව දැකබලාගන්න පුළුවන් විදියට ආලෝකමත් කරල තියෙන බවත් කියන්න ඕන. ඒ කාලේ මේ මූර්ති හදන්න ඇමරිකානු ඩොලර් මිලියනයක් ක් පමණ වැයවූ බවද අවධාරනයෙන් කියන්න වෙනවා.මෙම රෂ්මෝර් කන්දේ ප්‍රතිමා බලා කියා ගන්නේ ඇමරිකාවේ ජාතික උද්‍යාන සේවය විසින්.

    112.jpg


    අවසාන වශයෙන් කියන්න ඕන මේ ප්‍රතිමා අතරට තව ප්‍රතිමා කිහිපයක්ද එකතු කරන්න යෝජනා වෙලා තිබුන බව. ඒවා නම් ජනාධිපතිවරුන්වූ John.F.Kenady සහ Ronald Reagan ගේත් සුප්‍රසිද්ධ ගායකයකුවූ Elvis Presley ගේ. නමුත් එම‍ යෝජනාව ප්‍රතික්‍ෂේපවී තිබෙනවා.

    116.jpg



    සිංහල ජාතියට ජය වේවා!
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ෆට්ට මචෝ..
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා..
    තැන්ක්ස් මචන්. රේප් 4+
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    kennedy-john-f-via-orangejuiceblog-com.jpg


    මේ කන්දට කවදා හරි ජොන්.එෆ් කෙනඩිගේ රුවත් එන්නම ඔනේ,මොකද මෙතුමා ඇමරිකාවේ හිටපු එළකිරිම ජනාධිපති කෙනෙක්,වැරදි තිබ්බා එත් මම නම් අගය කරන ජනාධිපතිවරයෙක් :):yes:

    9++
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි නොදන්න දෙයක් ගැන
    වැදගත් කරුණු ටිකක් දැනගන්න ලැබුණා
    නසරානි පොලිටිකල් ත්‍රෙඩ් මේනියාව අතර හොඳ ලිපියක්