රස්තියාදුකාරයා | මට මතක එපමණය....

Apr 24, 2010
351
107
0
Kandy

නැත මිත්‍රයා....ඔබ වැරදි නැත.....මාද ඔබ හා සමානය....එහෙත් මාද වැරදි නැත..........මෙලොව වසන බොහෝම සුලුතරයක් හැරෙන්නට අප සියලු දෙනාම දුක විදින්නීය..දුක දන්නා බව දැන දැනත් එයම ලබාගන්නට වෙර දරන්නීය....එ අප සියලුදෙනාගේම යතාර්තය අවබෝද කර ගන්නට තරම්වත් නොහැකි සිත් කෙතරම් නම් ලාමකද?

hmmm...........
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හ්ම්ම්...
    "හිරු ගිලී යයි නීල අහසේ සේද මීදුම් මාරුතේ..
    නිමා වී යයි මේ වසන්තේ යලිත් නොම ඒ කිසිදිනේ ...
    ගිණි කඳු පුපුරා ලෝ දිය ගලනා ලෙසින් රිදුම් දේ ආදරේ...
    නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුනා...//"


    ඇත්ත..
    මචෝ මේක ඔයාගෙම නිර්මාණයක් නම් මේක තව චුට්ටක් විතර
    ඇද්දා නම් හොඳයි කියලයි මම හිතන්නේ..
    දිගටම ලියන්න..
    REP 4+ Added
     
    • Like
    Reactions: rasthiyadukaraya

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    ***Do not spam*****

    23.png

    "උඹට යන්නම ඕනද..." ඒ සුගත් ය. දන්නා දා සිට දුකටත් සැපටත් ළග හිඳ කට්ට කෑ සගයාය.

    "ඔව්, මට යන්න ඕන, උබට බැරිනම් හිටපන් මන් තනියම හරි යන්නම්," මම තීරණාත්මකව පැවසුවෙමි,

    "මට එන එක මහා දෙයක් නෙවෙයි බං, උබ ඔතනට ගිහින් පිස්සුවක් වත් නැටුවොත්, එකයි මට බය.." ඒ සැකය සාධාරණය,
    " නෑ, අ..අපි අයිනට වෙලා බලලා අනිත් පැත්තට එමු, මට අන්තිම පාරට කෙල්ලගේ
    මුහුණ ටිකක් බලන්න ඕන මචං,.." මගේ දෑසම බොදවී ගියේය.. සුගත් සුසුමක් හෙලීය..

    මගේ හිතේ දුවන්නේ මොනවදැයි මටවත් තේරුම්ගත නොහැකිව ලත වුනෙමි...
    අද ඇයගේ විවාහ උත්සවයයි... එය මතක් වන ත්ත්පරයක් තත්පරයක් පාසා මගේ හදවත ගිනියම් කල
    යකඩ කුරකින් පහුරු ගානවා බඳුය.. මා අය දුටු මුල් දරන සිටම යටම පේවී උන්නෙමි..
    ඇයද එසේම කලාය.. මා දනිමි... මට එය ඉර හඳ මෙන් විශ්වාසය..
    ඇය මා වෙතට ලං වුයේ ඇයටත් නොදැනිය... නමුත් ඇය ඇයගේ හදවතට ඉඩදුන්නේ නැත...
    හැමදෙයටම මුල ඇයගේ පවුල් පසුබිමය.. ඇය ක්‍රිස්තියානිය.. ඇයගේ දෙමාපියන් කෙලෙසකින්වත්
    අන්යාගමිකයකුට ඇය විවාහ කර නොදෙන බව ඇය කීවාය.. මම එය ඒහැටි ගණන් නොගත්තේ
    එවැන්නක් අදකාලයේ හැටියට මහා හේතුවක් නොවනබව සිතු නිසාය..

    "එපා, කසුන්, ප්ලීස්... මේක අමතක කරලා දාන්න.. මේක වෙන්නේ නෑ.."

    ඇය කී වදන් තවමත් මගේ දෙසවන් තුල දෝංකාර දෙයි.. නැත.. මට ඇය අත්හැර දැමිය නොහැක...
    ඇය වන් කෙල්ලෙක් මා අත්හැර දමන්නේ කෙසේද... ඒ බැල්ම.. කෙසේනම්......
    මට ඉවසාගත් නොහැකි දුකක් පපුවට නැගෙයි... ගතම සිතල වී යනු මට දැනිණි...
    හිස තුල යකඩ ගුලියක් හිරවී ඇති සෙයකි.. ඇය අමතක කරන්නේ කෙසේද..
    අන්නන්තවත් යුවතියන් අතුරින් මා දුටු සුන්දරතම යුවතිය ඇයයි..
    මන්දමාරුතයේ හමා එන පිච්ච මල් සුවද.. ඇය අනෙක් යුවතියන්ට වඩා ඉතාමත් වෙනස්ගති ඇත්තියකි... ඒ හැම දෙයකටම මා පිස්සුවෙන් මෙන් ආදරය කලෙමි..
    එදා, කෝච්චියේදී... සිදු වූ දේවල් තවමත් හීනයක් බදුය.. ඇය මට ආදරය කලනමුත් ...
    දෙමාපියන්ගේ වචනය අහක දමා එන්නට නොහැකිව ඇය මා අත්හැර දැමුවාය..
    ඇය අසරණය.. ම දනිමි.. ඊටත් වඩා මා අසරණවී සිටිමි.. අවුරුදු 24 ටම මා පෙම්කල එකම එක යුවතිය... අද අනෙකෙකුට අයිති වන්නේය..
    මට එය දරාගත් නොහැකියා.. හද ඉර්ශ්යාවකින් පැලෙයි..
    සුගත් වහනය නතර කර යලිත් ම දෙසට හැරුනේය..

    "මචං, මල්ලි, කියනදේ අහපන්.. ඔතනට යන එකෙන් උබේ හිත තවත් රිදෙන එක විතරයි..
    මේක අමතක කරපන්, මේ උඹට අයිති කෙනා නෙවෙයි.. බොරුවට පිස්සෙක් වෙන්න එපා කොල්ලෝ..."
    සුගත් කියාගෙන ගියේය.. ඔහුගේ වචනවලද තිබුනේ වේදනාවක් බඳු දෙයකි..

    "මන් දැනනේ නෑ.. මට හරවා හරවා එක එක කෙල්ලට ලව් කරන්න දන්නේ නෑ...
    මන් ලව් කලේ මේකිට විතරයි.. ඒක හැමදාටමත් එහෙමයි... මන් දැන් යන්නේ මගේ කෙල්ලගේ
    වෙඩින් ඒක බලන්න.. එච්චරයි.."
    හැඩුම් යන්නට නොදී මා ඉවසාගෙන පැවසුවෙමි.. නමුත් කාලකන්නි කදුලක් මට ඉස්සර වී රූරා වැටිණි..
    සුගත් දිගු සුසුමක් හෙලුවේය.. ඔහුටත් තත්වයේ බරපතලකම් තේරුණා විය යුතුය...

    "ලෝකේ ඉන්න වාසනාවතම එකා මන් වෙන්න ඇති, හිතපන්.. තමන්ගේ කෙල්ලගේ වෙඩින් එක මොකාටද බං බලන්න ලැබිල තියෙන්නේ... " කදුළු පිසදාගෙන මා සිනාසෙන්නට උඑර දැරුවෙමි...

    "තමුසෙට පිස්සු, වරෙන් යන මගුලක යන්න.."

    සුගත් හා මම පල්ලිය වෙත පියනැගුවෙමු.. මා මෙවැනි මංගල්‍යයක් වෙත් සහභාගි වූ මුල්ම අවස්ථාවයි..
    මා සිටියේ තරමක් චකිතයකිනි.. ඇයගේ දෙමාපියන් හෝ අයියා දුටුවහොත් මෙතන මහා විනාශයක් වනු ඇත..
    මන්ද මේ පලහිලව්ව නිසා මම වරක් ඇයගේ අයියා සමග රණ්ඩුවකටද පටලුනෙමි.. ඔහුත් මගෙන් පලි ගන්නට මාන බලමින් උන්නේය.. එදා මගේ අතින් ඔහුට දතක් ද අහිමි විය..

    "කෙල්ලගේ අයියා කාරයා නම් නෑ... දැක්කොත් ඉතින් දෙන්නටම බුදු සරණයි"
    සුගත් මට කොදුරා කිවේය..
    කෙසේ හෝ කාටවත් නොදැනෙන අයුරින් සුගත් මාද ඇදගෙන සෙනග අතුරින් ඇතුලට රිංගා ගත්තේය..
    මමත් ඔහුත් යන්තම් පසුපස ආසනයක් අල්ලගතිමු.
    මගේ සිත නොසන්සුන්ය.. හදවත පැලෙන්න මෙන් ය.. මා මෙහි නොපැමිනෙන්නට තිබුණි.. මට සිතුනි..
    මා මේ කරන්නේ කුමක්දැයි මටවත් සිහියක් නැත..

    "මචං.. ලෝකේ මෙච්චර කෙල්ලෝ ඉදලත් ඇයි මං මෙකිටම ආදරේ කලේ.."

    "ඒකට නම් උත්තරේ මං දන්නේ නෑ බං" සුගත් කීය.

    මා ඉදිරිපස පුටුවට හිස ගසාගෙන උන්නෙමි..
    අදින් ඇය මට අහිමි වෙයි...
    තව ටිකකින් ඇය ඔහුට මුදුව පළන්දයි...
    ඔහුද ඇයට මුදුව පළන්දයි..
    ඇය තව එකකුට හිමිවෙයි...
    මම බලාසිටිමි.... කොහේ හිටියත් සතුටින් ඉන්න...
    චිත්‍රපටි ජවනිකාවක දෙබසක් ලෙස ඔවුනට
    මට සුබ පැතිය නොහැක..... මා එතරම් ත්‍යාගවන්තයෙක් නොවෙමි... නළුවෙක්ද නොවෙමි..
    එක් සාමාන්‍ය කොල්ලෙක්මි... අන්යට සේම බලාපොරොත්තු මටද ඇත.. ඒවා ලබාගන්න මවපු සිහිනද ඇත...
    ඒ සියල්ල දැන් අළු වී හමාරය...
    අඩුමතරමින් ඇයවත් කැමතිනම්, මේ මොන බාධක ආවත් මා ඇය උස්සගෙන හෝ දුවමි...
    නමුත් එය එසේ නොවෙයි.. ඇය අගේ ආදරය අමතක කර දැමුවාය.. ගැහැණු සිත ශක්තිමත්ය.. අපි දුර්වලය...........

    "මචං එනවා.." සුගත් ලංවී මිමිනුවේය...

    මගේ පපුවම නතරවිය.. ඇය පියාගේ දෑතින් ගෙන ඉදිරියට වඩිනවාය...
    සුගත් මගේ දෑත වැරෙන් අල්ලාගෙන සිටියේ මා කඩාගෙන දුවයි යැයි සිතුනිසා වියයුතුය...
    මට කුමක් කරන්නද සිතාගත නොහැකිව ලත වුනෙමි.. සුදු සාරියක් හැද, මල් පොකුරකුත් දෑතින් ගෙන මේ
    වඩින්නේ මා, මගේ ම කරගන්නට සිතු මගේ මනාලියයි... ඒ තරම් සුන්දරව මා කිසිදිනකවත් ඇය දැක නැත..
    පිරිවර අතුරින් ඇය වඩින්නේ සුරංගනාවියක් ලෙසිනි... මට මගේ කදුළු නැවතිය නිහැක.. ඔක්කොටම
    කලින් ඉස්සරවන්නේ එයයි... ඇය මා නුදුටුවාය... මා ද ඇය අමතක කරදමුවා යයි සිතනවා වෙන්නැති..
    ඇය දෑස බිමට බරකරගෙන සිහින් සිනහවකින් මුව සරසාගෙන ඉදිරියට පියනගයි...
    විවාහ දිනය කෙල්ලෙකුගේ සිහිනයකි.. ඒ සතුට ඇයට උරුමය.. එයට ඇය වැරදි නැත... වැරැද්ද මමය..
    මම උන්නේ සිහියෙන් නොවෙයි.. ඇය දැන් ඔහුත් සමග පුජකතුමා ඉදිරියේය...
    තව මොහොතකින් ඔවුනොවුන් මුදු මාරුකරගනිති.. ඉන් පසු... දෙදෙනාම.................
    එය සිහිවනවිට මගේ ඔලුව බිත්තියකට වැරෙන් ගසාගෙන ගසාගෙන යන්නට තරම් ආවේගයක් සිතට එයි...

    'මචං අපි යමු" මා සුගත්ට කීවෙමි..
    "දැන්.. උබට පිස්සුද.. දැන් නැගිට්ටෝත් ඔක්කොට පේනවා.."
    "අනේ මචං ප්ලීස්.. අපි යමු, මෙතන මට තව ඉන්න බෑ, මට තව බලන් ඉන්න බෑ.."
    "ඕයි පිස්සුද.."
    මා නැගිට්ටන්නට හදන විට සුගත් මගේ දෑතින් ම අල්ලාගත්තේය..
    "හිටපන් විනාඩියක්.."
    මා ගණන් නොගෙන වහාම එතනින් නැගිට එලියට ගියෙමි.. සුගත්ද කරකියාගත දෙයක් නොමැතිව මගේ පස්සෙන්ම ආවේය...
    "ඇයි ඇයි මල්ලි.. කොහෙද යන්නේ.." එතන සිටි අය විමසනු මට ඇසුනි.. මා පසුපස නොබලා යන්න ගියෙමි...
    "නැ.. මෙයාට පොඩ්ඩක් අසනිපයි වගේ.. එකයි.. අපි ඉක්මනට එනවා"
    සුගත් එසේ පවසා දුවගෙන මා පිටුපසින් විත් මා නතරකරගත්තේය..

    "උඹට පිස්සුද බං, තවටිකකින් අර ඔක්කොම කලබල වෙනව.. යකෝ එහෙම නැගිටලා යනවද.."
    ම එවිට හිටියේ දෑසම කදුලින් පුරවාගෙනය.. කතාකරන්නට වත් ශක්තියක් නොවිය..

    "මෙහෙ වරෙන්" ඔහු මාද ඇදගෙන වාහනය වෙත ගියේය..
    දැන් සියල්ල සිදුවී හමාරය... ඇය ඔහුට හිමි වී අවසන්ය... දැන් ඔවුන් මුදු මාරු කරනවා වියයුතුය...
    මා අවට සියල්ල බොදවනවා මෙන් පෙනේ..
    "කසුන්.. එයි මොකද මේ.." මට ඒ වචන යන්තම් මතකය...
    සියල්ල අදුරු වී ගියේය..
    මට මතක එපමණය....


    - රස්තියාදුකාරයා -
    ***Do not spam*****


    mekama mama windawala thiyanawa machang........................:no::no::no: itz too hard...........:no::no::no:
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    හ්ම්ම්...
    "හිරු ගිලී යයි නීල අහසේ සේද මීදුම් මාරුතේ..
    නිමා වී යයි මේ වසන්තේ යලිත් නොම ඒ කිසිදිනේ ...
    ගිණි කඳු පුපුරා ලෝ දිය ගලනා ලෙසින් රිදුම් දේ ආදරේ...
    නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුනා...//"


    ඇත්ත..
    මචෝ මේක ඔයාගෙම නිර්මාණයක් නම් මේක තව චුට්ටක් විතර
    ඇද්දා නම් හොඳයි කියලයි මම හිතන්නේ..
    දිගටම ලියන්න..
    REP 4+ Added

    man samahara nirmaana mage nirmaanayakata themaawak karagaththata wena nirmaanayak mage namin daanne na.. me hama wachanayakma man liyapuwa..

    anika meka man liyamin pawathina nowel ekaka kotasak witharai... kaalekin post damme natte ai kiyala kattiya godak ahuwaa... ithin podi kaallak damma......


    any way thanks for comments..
    :)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    :lol: gautham menon උබෙන් අහගෙනද ඕක ලිව්වේ ?

    ane naha.. Mr. Gautham kale bahutharayak minissunge jiwitha wala siddawechcha deyak film ekak widihata pennapu eka. that is why that film got such a huge hit. (still) mage hithatath eka waduna.. methanadi man karanne e kathawama theme eka karagena mage widihata kathaawak liwima.. there is a very big difference between a movie and a written story...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    මිනිස්සු ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන දෙයක් use කරලා plot එකක් හැදුවනං මිනිස්සුන්ට ඒකේ ෆැන්ටසියක් නැති වෙනවා ..... ඒක boring product එකක් වෙනවා

    කෙල්ලො කොල්ලෝ යාලු වෙනවා තරහ වෙනවා , ඒක ස්වාභාවිකයි
    හැබැයි
    මෙනන් ගේ කතාවේ flow එක unrealistic එහෙමත් නැත්තං fantasy එකක්

    ඒක හිට් එකක් වෙන්නෙත් , උබේ හිතට ඒක වදින්නෙත් ඒකයි !!
     
    • Like
    Reactions: gayankuwait
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මිනිස්සු ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන දෙයක් use කරලා plot එකක් හැදුවනං මිනිස්සුන්ට ඒකේ ෆැන්ටසියක් නැති වෙනවා ..... ඒක boring product එකක් වෙනවා

    කෙල්ලො කොල්ලෝ යාලු වෙනවා තරහ වෙනවා , ඒක ස්වාභාවිකයි
    හැබැයි
    මෙනන් ගේ කතාවේ flow එක unrealistic එහෙමත් නැත්තං fantasy එකක්

    ඒක හිට් එකක් වෙන්නෙත් , උබේ හිතට ඒක වදින්නෙත් ඒකයි !!


    හේතුඵලවාදී න්‍යායට අනුව මේක ෆැන්ටසියක් කියල නිරවචනය කරන්න පුළුවන් වෙන්න ඇති... ඔයා කතාව දිහා බලන කෝණය වෙනස්... මම ඉන්නේ කලා හරඹයක... නමුත් ඔයා ඉන්නේ තර්ක යතාර්ථයක් උඩ... ඉතින් ඔයාට පේනෙන විදිහ එහෙමයි. නමුත් මං දැක්ක realistic කතාවක් vtv. ගොඩක් දුරට... වියහැකි දේවල්.

    මලයා, ඔයාට අත්දැකීම් මදි මං හිතන්නේ.. මෙහෙම කියන අපිත් හිටියේ ඔයා වගේ තමයි... කිසි විටක යටත් නොවන, හැමදේම සැහැල්ලුවෙන් විහිළුවෙන් දකින, ආවේගශීලි චරිත...
    මට කියල දෙන්න පුළුවන් - ඊට වැඩිය උඹ අත්දැකීමෙන් ඉගෙන ගන්න එක වඩාත් හොදයි...
    you are still a "guy", not a "man" yet. it will take time.
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    දුක සීන් එක
    තමන් ගොඩක් ආදරේ කරන කෙල්ල මේ විදිහට දකින්න ලැබෙන එක තරම් තවත් දුකක් නෑ බන් හිතේ

    අපේ ජීවිතේට එන ප්‍රශ්න තමයි අපේ ජිවිතය ආලොකමත් කරන්නේ...ප්‍රශ්න අපිට ආවහම තමයි අපිට තෙරෙන්නේ අපේ හැකියවන් සහ අප තුල තියෙන බලය..ප්‍රශ්න නැති ජීවිතය හරියට පන නැතිමළකදක් වගේ
     
    • Like
    Reactions: rasthiyadukaraya
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    අපේ ජීවිතේට එන ප්‍රශ්න තමයි අපේ ජිවිතය ආලොකමත් කරන්නේ...ප්‍රශ්න අපිට ආවහම තමයි අපිට තෙරෙන්නේ අපේ හැකියවන් සහ අප තුල තියෙන බලය..ප්‍රශ්න නැති ජීවිතය හරියට පන නැතිමළකදක් වගේ

    aniwa... well said machan.. :yes::yes: