රස්තියාදුවත් " ඕනෙමද ?
" ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත " කියලා කතාවක් තියෙනවනෙ...තරුණ කාලේ අවාම කේන්දරේ රජ වෙන්නේ " සිකුරු " ලු...ඒත් සමහරුන්ගේ කේන්දරේ නීච වෙන්නේ කේතු ලග්නාධිපති උනාමලු....එතකොට තරුණ වියේ ඉන්න අයව ඇවිද්දනවලු...එක තැනක විනාඩියක් තියන්න ඉඩක් නැතිව ඇවිද්දනවලු....හිස හැරුන හැරුන අතේ ඇවිද්දනවලු... මේක ඇත්තක්ද ?
දිල්ටත් ඕන්නැති දෙයක්නෑ නේද ? එහෙම කියන්නත් එපා...මේවල අපි නොදන්න දේ ඇතිනෙ......හැබැයි ඉතින්ඕවා ගැන හරියටම දැනගන්න පුළුවන් ඉතින් අපේ මාරයියගෙන් තමා....මාරයියා ඕවට දක්ෂයනෙ....
යන්න තැනක්...අරමුණක් ....හම්බ වෙන්න කෙනෙක් ...කල යුතු රාජකාරියක් .....මෙලෝ දෙයක් නැති උනාට දවසකට කිලෝ මීටර දහයක් පහළොවක් ඇවිදින අය මම නම් දැකලා තියෙනවා...මෙහෙම ඇවිදින්නේ කේන්දරේ නීච උන නිසාමද.... ? නැත්තම් රස්තියාදුව නැතුව පිරිමි ළමයිගේ ජීවිතයට " කික්" එකක් නැති නිසාද ?
පිරිමි අය විතරක්ම නෙමේ රස්තියාදු ගහන ගෑණු ළමයිනුත් දැන් එමටයිනෙ…
ජීවිතේ අරමුණක් වෙත නොයන.....හොඳ බැඳීමක් වෙත නොයන....හැම ගමනක්ම රස්තියාදුවක්ලු...
අවශ්‍ය නැති තැනක් වෙනුවෙන් යන හැම අඟලක්ම අපතේ යන බව තේරෙන්න ටිකක් වෙලා යනවනෙ...
අනික ඔය රස්තියාදු ගමන් යන්න අතේ මිටේ කීයක් හරි තියෙන්නත්ඕනෙනෙ....නැතිවෙලාවට..කාගෙන් හරි ඉල්ලාගන්න වෙනවා....දෙන කෙනා නිකම්ම දෙන්නෙත් නෑ....රුපියල් 100ට දාහක ප්‍රථිචාර දෙනවනෙ...බොරු ගමන්වලට අනුන්නට අත පාන්නේ මොකටද ?
මේ ග්‍රහ බලපෑම වල සත්‍යය අසත්‍යය මොනවා උනත් නිකරුනේ නිස්සාරදේ වෙනුවෙන් වටිනා කාලය මිඩංගු කර " රස්තියාදුවේ " යෑම නම් පුහු දෙයක් කියලයි මට හිතෙන්නේ......අත්‍යවශ්‍යා ගමනක් බිමනක් වෙනුවෙන් විනා නිකරුනේ කාලය කා දැමීම හොඳ දෙයක් නෙමේ කියලා හිතෙනවා.....ඒත් ඉතින් මට හිතෙන දේ හරි දේම නෙමේ නෙ....
මොනාද ඔයාලා මේ ගැන හිතන්නෙ??
කොල්ලෙක් …උනාම " රස්තියාදුවත් " ඕනෙමද ??