රස්නය_ඉවසන්න_අමාරු ද?

r runner

Member
May 12, 2015
2,396
781
0
රස්නය_ඉවසන්න_අමාරු ද?

රස්නය ඉවසන්න අමාරු ද? 2016 උෂ්ණත්ව වාර්තා බිඳින ලකුණු

heat-wave_picture.jpg



තවත් ගෝලීය උෂ්ණත්ව වාර්තාවක් බිඳ වැටෙයි. පෙනී යන පරිදි මේ වසරේ ජනවාරිය ඉතිහාසයේ මෙතෙක් අසාමාන්‍ය ලෙස උෂ්ණතම මාසය බව නාසා ආයතනය පවසයි. එහෙත් ඒ වාර්තාව ද ක්ෂණිකව බිඳ වැටෙන ලකුණු පහළ වී තිබේ. පෙබරවාරි මාසය සඳහා නිල වාර්තාව නිකුත් වීමත් සමග ම ජනවාරි වාර්තාව සැලකිය යුතු ප‍්‍රමාණයකින් අභිභවනය කරනු ඇතැයි අපේක්ෂිතයි.
image.jpg
මූලික චන්ද්‍රිකා මිනුම් අනුව, පෙබරවාරි මාසයේ සහ ප‍්‍රාග් කාර්මික විප්ලව සාමාන්‍යය අතර විෂමතාව(anomaly) 1.15 C (1.15සෙන්ටිගේ‍්‍රඞ්) සිට 1.4C (1.4 සෙන්ටිගේ‍්‍රඞ්) දක්වා වෙතැයි ගණන් බලා ඇත. එක්සත් ජාතීන්ගේ පැරිස් සමුළුවේ දී පසුගිය දෙසැම්බරයේ ඇති කරගත් එකඟත්වය අනුව, හැකි නම් උෂ්ණත්වය 1.5C සීමා කිරීමට අපේක්ෂිතයි. ‘පරාසයේ පහළ ඉම පවා අති විශේෂය’යි ඕස්ටේ‍්‍රලියා ජාතික විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහචාර්ය එමෙන් ම එරට දේශගුණ කවුන්සිලයේ සභික විල් ස්ටෙෆන් ප‍්‍රකාශ කර සිටී.




පසුගිය බදාදා පෙනී ගිය අයුරු උත්තර අර්ධ ගෝලයේ උෂ්ණත්වය වාර්තාගත ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සම්මත 2C(සෙන්ටි‍්‍රගේඞ්) සාමාන්‍යය ඉක්ම වීය. මෙය විද්‍යාඥයන් විසින් සම්මතයට එළැඹී නියම කරගත් මට්ටමකි. මේ මට්ටම අභිභවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ‘‘අනතුරුදායක’’ ලෙස ඔවුහු සලකති.


charleston-ac-repair.jpg


විශේෂයෙන් ම ආක්ටික් ප‍්‍රදේශයේ මෙම ශීත සෘතුව පුරාම දරුණු උෂ්ණත්වයක් අත් වින්දේය. දෙසැම්බර අග උත්තරධ‍්‍රැවයේ උෂ්ණත්වයන් සෙන්ටි‍්‍රගේඞ් අංශක 0 දක්වා ළඟා වූ අතර එය සාමාන්‍යයට වඩා 30C සිට 35C දක්වා වැඩිය. මෙම තත්ත්වය ‘පිස්සු විකාරයක්’ ලෙස හඳුන්වන මාක්් සෙරීශ් ‘සෘතුව පුරාවටම රස්නයේ කිසිම අඩුවක් දැක්වුනේ නැහැ. මං පසුගිය වසර 35 තුළ ආක්ටික් දේශගුණය ගැන හදාරමින් ඉන්නේ. ඒත් කිසිම දිනක මේ වගේ දෙයක් දැකලා නැහැ’යි කියා සිටියි. සෙරීශ් අැ.එ.ජා.ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානයේ (US National Snow and Ice Data Centre)අධ්‍යක්ෂවරයායි.



මේ වසරේ මෙකී අසාමාන්‍යතා මතු වී ඇත්තේ පසුගිය වසරේ ද වාර්තා බිඳ වැටීමෙන් අනතුරුව වීම තත්ත්වයෙහි අසාධ්‍ය බව වැඩි කරයි. 2015 වාර්ෂික උෂ්ණත්වය 20 වැනි සියවසේ සාමාන්‍යයට වඩා සෙන්ටි‍්‍රගේඞ් 0.9 ක වැඩිවීමක් පෙන්නුම් කළේය. මෙමගින් 2014 වාර්තාව 0.16C කින් බිඳදැමිණ.



මෙලෙස උෂ්ණත්ව වාර්තා බිඳ වැටීම ජන මාධ්‍ය වාර්තා මගින් බොහෝ විට හුවා දැක්වෙන්නේ අප විශේෂයන්ම බලගතු එල් නිනෝ තත්ත්වයක් බාගදා ඉතිහාසයේ ප‍්‍රබලතම එල් නිනෝ තත්ත්වයක් අත්විඳින්නේය යනුවෙන් කෙරෙන දැන්වීමක් ද සහිතවය. එහෙත් එල් නිනෝ සහ දේශගුණ විපර්යාස එක සමාන බරකින් සලකා වාර්තා කළ යුතු ද? පිළිතුර ‘නැත යන්නය’ යනුවෙන් කියා සිටින්නේ පෙන් ජනපද පෘථිවි පද්ධති විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මයිකල් මෑන්ය. උෂ්ණත්ව වාර්තා ආපසු විමර්ෂණය කිරීමෙන් ගෝලීය උෂ්ණත්වය කෙරෙහි එල් නිනෝ බලපෑම ඇගැයීමකට ලක් කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.



el-nino-cyclone-322283.jpg




මිනිස් අප දේශගුණය වෙනස් කරලීමෙහි ලා දායකවන ආකාරය මිනීමේ ප‍්‍රබලතම මිණුම් දණ්ඩ ගෝලීය මතුපිට උෂ්ණත්වයයි. එක්සත් ජාතීන් ගේ පැරිස් එකගත්වයේ දී සඳහන් කෙරෙන සාමාන්‍ය එයයි. එහෙත් උෂ්ණත්වය මතුපිට නැවතී පවතින්නේ නැත. ඇත්ත වශයෙන්ම, මානවයන් විසින් විමෝචනය කරණ ලද හරිතාගාර වායු වලින් හිරවන අතිරේක ශක්තියෙන් 93% ක්ම සාගරය ට උරා ගැනේ . වායුගෝලයට අවසානයේ එකතු වන්නේ 1% ක් පමණකි. බොහෝ විට එමෙන් ම බොහෝ සුක්ෂම ආකාරයකට උෂ්ණත්වය මනිනු ලබන්නේ වායුගෝලයේ දී ය. සෑම වසර තුනේ සිට හයක කාලයක් තුළ ඇතිවන එල් නිනෝ තත්ත්වයේ දී ශාන්තිකර සාගරයේ ප‍්‍රවාහයන්(currents) මගින් උණුසුම් ජලය මතුපිටට ගෙනවිත් වාතය රත් කරයි. වර්තමානයේ අප අත්විඳින මට්ටමේ ප‍්‍රබල එල් නිනෝ තත්වයකින් තවත් 0.2C ක පමණ අතිරේක රස්නයක් එක් වන බව කාලගුණ ආකෘති පෙන්වයි. මෑතක මාසික මනු කියවීම් වලට අනුව උතුරු අර්ධ ගෝලයේ සුලං රටාව මගින් තවත් 0.1C එක් කරනු ලැබ ඇත. ඇත්ත තත්ත්වය නම්, මෑතක මාස වල අප අත් විඳි ගෝලීය වශයෙන් අධික උෂ්ණ තත්වයන්ට එල් නිනෝ සහ සුළං රටා වලින් දායක වෙන ප‍්‍රමාණය කාර්මික විප්ලව කාල සමයේ සිට මනවයින් විසින් ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීම හා සසඳන විට සාපේක්ෂව කුඩාය.



485d4b07b99b61ba0d4bc56b170c0b3c.jpeg


වර්තමාන එල් නිනෝව හා එහි බලපෑම නිසියාකාරයව ඇගයීමට ලක්කළ හැක්කේ එහි කාල සීමාව අවසන් වීමෙන් පසුව පමනක් බව ස්ටෙෆන් පෙන්වා දෙයි. එල් නිනෝව දැන් උපරිමයකට ඇවිත් තිබෙන අතර මේ වසරේ දෙවැනි කාර්තුව අවසන් වන විට නිම වෙතැයි අපේක්ෂිතයි. එහෙත්, එහි බලපෑම මැනීම පිණිස පසුගිය එල් නිනෝ චක‍්‍ර පිළිබඳ වාර්තා මාර්ගෝපදේශ සැපයිය හැකි බව ඔහු පිළිගනී. එල් නිනෝවේ බලපෑම එහි අවසානයට ළංවෙද්දී සාම්ප‍්‍රදායානුකූලව වැඩි වෙයි. පසුගිය තුන් මාසයේ දී එල් නිනෝ වෙන් සාමාන්‍යයෙන් එකතුවන 0.1C වඩා උෂ්ණත්වයට එක්වන්නට ඇතැයි අපේක්ෂා කෙරේ.



එල් නිනෝවෙන් මෙන් ම දේශගුණ විපර්යාස මගින් සාපේක්ෂව දායක වන ප‍්‍රමාණය මාසිකව, වෙනකක් තබා වාර්ෂිකව වූවද ගණන් බැලීමෙන් ලෝකය කොපමණ වේගයෙන් උණුසුම් වන්නේ ද යන පැනයට පිළිතුරු දිය නොහැකි බව ස්ටෙෆන් පවසයි. ඇත්තටම වැදගත් වන්නේ වසර 30 මුළුල්ලේ පවතින ප‍්‍රවණතායි. ‘‘උෂ්ණත්ව වාර්තා පිට පිට එකක් යන්නට එකක් බිඳ වැටීම ඇත්තටම කැපී පෙනෙන්නකි. එය දිගු කාලීන ප‍්‍රවණතාවක පෙර නිමිතිය’’ යනුවෙන් ස්ටෙෆන් කියා සිටී.

The Guardian හි පළවූ Why is 2016 smashing heat records? ලිපිය ඇසුරෙනි(කොපි පේස්ට් කිරිමක් බව කරැණාවෙන් සළකන්න:):) කාටහරි බලන්න බම්ප් එකක් දාන්න:))
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ.... බදුර්දීන් විල්පත්තුව ඔක්කොම එලි කරලා දානකම් අපේ *න්න පාලකයින්ගේ ඇස් ඇරෙන එකක් නෑ..... !!
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නාස එක මොකක්ද බං උශ්ණත්වෙ මැන මැන කරන්නෙ ? :eek: :eek:
    නාස කියන්නෙ රොකට් යවන අභ්‍යවකාශෙ ගැන අධ්‍යයනය කරන ආයතනයක් නෙමේද ? :eek: :eek:
    මෙව්ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකිං කරන්න ඕනෙ වැඩක්නෙ ? :eek: :eek:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නාස එක මොකක්ද බං උශ්ණත්වෙ මැන මැන කරන්නෙ ? :eek: :eek:
    නාස කියන්නෙ රොකට් යවන අභ්‍යවකාශෙ ගැන අධ්‍යයනය කරන ආයතනයක් නෙමේද ? :eek: :eek:
    මෙව්ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකිං කරන්න ඕනෙ වැඩක්නෙ ? :eek: :eek:


    කවුරු කළාම මොකද බන් හොදක්නම්.. වෙන්න ඕනි එච්චරයිනේ.. දැනුවත් කිරීමම වැදගත් නැද්ද කියපන්කො.. ජාතකේ වැඩක් නැහැනෙ බන්
     

    Similar threads