රස්නෙද ? CAR එක COOL එකේ තියාගමු

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    රස්නෙද ? CAR එක COOL එකේ තියාගමු


    මේ දවස්වල තියන රස්නෙත් එක්ක drive කරන්න එපා වෙනවා නේද? කොච්චර AC දැම්මත් කාර් එකේ යනකම් විතරයි. කොහේහරි නවත්තලා ගිහින් ආපහු ආවම oven එකකට නගිනවා වගේ. BBQ වෙලා නවතින්නෙ. Turboholics අපි අද කියන්න යන්නෙ කාර් එක cool එකේ තියාගන්න විදිහ.

    Sunshade use කරන්න

    වාහනය කොහේහරි නවත්තලා යනකොට sunshade දාලා යන්න. එතකොට වාහනය ඇතුළට වැටෙන හිරු එළිය sunshade එකෙන් block කරනවා. මොකද වාහනේ windows තමයි heater එකක් විදිහට ක්‍රියාකරමින් වාහනය රත් කරන්නෙ. ඒක වාහනේ interior parts වලටත් හොඳ නෑ.

    Dash cover use කරන්න

    Dash cover වලට පුලුවන් ඔයාගෙ dashboard එක රත්වෙන එක නවත්තන්න. ඒ වගේම dashboard එක රස්නෙට crack වෙන එක fade වෙන එක නවත්වන්නත් පුලුවන්.

    Steering wheel එක hand towel එකෙන් වහන්න

    සමහර වෙලාවට steering wheel එක අල්ලන්න බැරි තරම් රත් වෙනවා නේද? වාහනේ නවත්තලා එළියට යනකොට hand towel එක steering wheel එකේ වනලා යන්න.

    සෙවන තැන්වල නවත්වන්න

    මේක නම් කියන්න ඕනෙත් නෑ අපි හොයන්නෙම හෙවන තැන්. කොහොම වුනත් සමහරු කම්මැලිකමට ලේසි ළඟ තැන්වල නවත්තනවා. ටිකක් පයින් යන්න වුනත් කමක් නෑ හෙවනක නවත්වන්න මොකද paint එකට වෙන damage එක හිතාගන්නවත් බෑ

    රත්වන සුලු දේවල් අව්ව වැටෙන්නෙ නැතිවෙන්න ආවරණය කරන්න

    CDs Perfume වගේ දේවල් ඉක්මනට රත්වෙනවා. කාර් එක ඇතුලෙ heat එකත් එක්ක ඒවා damage වෙන්න පුලුවන් වගේම කාර් එකේ heat එක වැඩි වෙන්නත් ඒක හේතුවක්

    Windows පොඩ්ඩක් ඇරලා යන්න

    Windows ඇරල යන එක එච්චර හොඳ idea එකක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් ඇරලා ගියාට කමක් නෑ. මොකද ඒකෙන් කාර් එක ඇතුලෙ රත්වුන වාතය පිටට යන නිසා.

    Seats වලට blankets දාන්න

    ටිකකට නවත්වනවා නම් නෙමේ ගොඩාක් වෙලා නවත්වනවා නම් seats blankets වලින් වහලා යන්න. ඔයාගෙ seats leather නම් දන්නවනේ රත්වුනාම කොහොමද කියලා..

    AC Holes වහලා යන්න.
    මොකද වාහනේ දිගින් දිගටම රත්වෙනකොට AC holes හරහා රස්නෙ ඇතුලට එන්න පුලුවන්


    http://turboholics.lk/2016/04/01/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AF-car-%E0%B6%91%E0%B6%9A-cool-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94/