රස කර කර කොස් කන්න කලින් මේ ලිපිය කියවන්න

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    රස කර කර කොස් කන්න කලින් මේ ලිපිය කියවන්න

    4Bxx4Or.jpg

    එක්තරා නගරයක වෛද්‍යවරයකුගේ පෞද්ගලික ඩිස්පැන්සරියකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පැමිණියේ ය.
    (වෛද්‍යවරයකු ළඟට රෝගියකු පැමිණීමේ පුවතක් ‍තීරු ලිපියක සඳහන් කරන්නට තරම් ඇති විශේෂත්වය කුමක්දැයි ලිපිය කියවීම අරඹන ඔබ තුළ කුකුසක් ජනිත වන්නට ඉඩ ඇත.)
    මේ රෝගියාගේ දෑතේ තුවාල තිබිණි. ඔහු පැමිණ සිටියේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ලබා ගෙන තුවාල සුව කර ගන්නට ය.
    “කොහොමද මේ තුවාල හැදුණේ.” තුවාල දැකීමෙන් කුහුලට පත් වූ වෙදැදුරු විමසී ය.
    “අනේ දන්නෙ නෑ ඩොක්ටර්, තුවාල හැදුණේ ඉබේට ම” රෝගියා උත්තර බැන්දේ වෛද්‍යවරයාගේ කුහුල වැඩි කරමිනි.
    “ඔයා මොනවගේ රැකියාවක් ද කරන්නෙ.”
    “ස්ථිර රස්සාවක් කරන්නෙ නෑ සර්. එදිනෙදා ජීවත්වෙන්ට දෙයක් කරනවා.” තුවාල සහිත මනුස්සයා කීවේ ය.
    “ඔයා මොනවගේ දෙයක් ද එදිනෙදා ජීවත්වෙන්ට කරන්නෙ.”
    “ඩොක්ටර්, මම කොස් කපල, මදුළු ගලවල, මදුළු දමපු කවර විකුණනවා.”
    වෛද්‍යවරයාට පොටක් පෑදෙමින් තිබිණි.
    “ඔයා කොස් මදුළුවලට මොනවහරි රසායන ද්‍රව්‍යයක් දමනවා නේ ද? ”
    “අනේ නෑ සර් මම මොනවත් දමන්නේ නෑ.”
    මනුස්සයා පිළිතුරු බැන්දේ වචන පවා පටලවා ගනිමිනි. එහෙත් ඔහුට වෛද්‍යවරයාගෙන් ගැලවීම අසීරු විය. රසායන ද්‍රව්‍යයයක් නිතර භාවිත නොකරන්නේ නම් මෙවන් තුවාල හටගත නොහැකි බව අවධාරණය කෙරිණි. අත්වල තුවාල සුව කරගන්නට අවශ්‍ය නම් වෛද්‍යවරයාට සත්‍යය ප්‍රකාශ කළ යුතු බව අවධාරණය විය. රෝගියාට අවසානයේ තව දුරටත් බොරු කියන්නට නොහැකි විය.
    “සර් කොස් මදුළු ගොඩක් ගලවන කොට තියාගන්ට අමාරුයි. මදුළු ඉදෙනවා. ඉතින් මම හාපික් මිශ්‍ර කරපු වතුර භාජනයක කොස් මදුළු දමා තියනවා. එතකොට මදුළු ඉදෙන්නෙ නැහැ.”
    රෝගියා සිය ස්වයං රැකියාවට අදාළ ආහාර කල් තබා ගැනීමේ උපක්‍රමය වෛද්‍යවරයාට විස්තර කළේ ය. (හාර්පික් වැසිකිළි සෝදා පවිත්‍ර කරන්නට උපයෝගී කරගන්නා ද්‍රව්‍යයකි.)
    වෛද්‍යවරයා මේ කතාව ඔහු හමුවන්නට එන හිතවත් රෝගීන්ට කීවේ ය. කොස් කන්නට අවශ්‍ය නම් කොස් ගෙඩියක් කපා මදුළු ගලවා උයා කෑම යෝග්‍ය බව දැනුම් දුන්නේ ය. මා සමඟ මේ සිද්ධිය කීවේ ද පෙර කී වෛද්‍යවරයා වෙතින් ප්‍රතිකාර ගන්නා මගේ හිතවතෙකි. මේ කතාව ඇසීමෙන් මා තුළ ඇතිවූයේ ද දැඩි කම්පනයකි. මෙතෙක් කල් කොස් වනාහි වස විස මිශ්‍රණයකින් තොරව අපට ලබා ගත හැකි එක ම ආහාරය යයි මම දැඩි සේ විශ්වාස කළෙමි.
    එහෙත් ඒ විශ්වාසය ඉහත කතාව ඇසූ විට ගලෙක ගැටුණු වීදුරු පාත්තරයක් මෙන් සුන්බුන් වී ගියේ ය. සේරිවාණිජ වෙළඳ පරපුර අත ගැසූ සැණින් ඕනෑම ස්වාභාවික ආහාරයක් වස විස බන්දේසියක් බවට පත්වෙයි. සිය ලාබ තීරුව උපරිම කර ගැනීම උදෙසා ඔවුහු මළ මිනී කල්තබා ගන්නා ද්‍රව්‍ය පවා ආහාරවලට එක් කරත්. මඤ්ඤොක්කා වස විස නැති ආහාරයක් ව කලක් පැවතිණි. එහෙත් උදලු ගෑම වෙනුවට වල් නාශක යෙදීම ද, ඊටත් වඩා මහා පරිමාන මඤ්ඤොක්කා වගාකරුවන් පඳුරු ගලවන්නට පෙර පස බුරුල් කිරීම උදෙසා රසායනික තෙල් වර්ග ද යොදන බව ප්‍රචලිත වීමෙන් මඤ්ඤොක්කාවට තිබූ සුජාත භාවය කලකට පෙර අහෝසි වී ගියේ ය.
    ගෙවුණු දවස්වල කෙසෙල් හිඟයක් තිබිණි. ඇඹුල් කෙසෙල් කිලෝග්රෑමයක මිල පවා රුපියල් එකසිය හතළිහේ පනහේ සීමාව දක්වා ඉහළ නැගිණි. මෙම හිඟයේ මහත්ඵල හා මහානිසංස දැන් කෙසෙල් වෙළඳපොළේ දක්නට ලැබේ. ගම්බදින් එන ස්වාභාවික කෙසෙල් ගෙඩියක් දැන් වෙළඳපොළට නේන තරම් ය.
    එන තරමක් එන්නේ යම් යම් ද්‍රව්‍ය යොදා පුම්බන ලද, රසායනික යොදා ඉදවන ලද මෙලෝ රහක් නැති නමට පමණක් කෙසෙල් ගෙඩි ය. අලුත උපන් බිළිඳකුට දෙන්නට ගැළපෙන කෙසෙල් සොයා ගැනීම අතිශයින් උගහට ය.
    වර්තමානයේ බොහෝ දෙනෙක් ජීවත්වන්නේ පර්චස් 10 ට 12 ට කඩන ලද වෙන්දේසි ඉඩම්වල ය. ඔවුනට ගෙවතු වගාවක් කරන්නට වත් ඉඩකඩ ඇත්තේ නැත. ඉතින් එවන් ඉඩමක වාසය කරන කෙනකුට ගෙඩියක් කඩාගෙන මදුළු ගලවා කොස් කන්නට කොස් ගහක් ඇත්තේ නැත. ජනගහනයෙන් විශාල පිරිසක් බවට පත්වෙමින් සිටින මේ පිරිසට ආශාවට හෝ කොස් කන්නට සිදුව ඇත්තේ කොස් මදුළු විකුණන ජාවාරම්‍කරුවන් වෙතිනි. තමන් ආශාවෙන් අනුභව කරන කොස් මදුළ හාර්පික්වලින් පොඟවා ඇති බව නොදන්නා අහිංසකයෝ හා ඔවුන්ගේ දරුවෝ රෝගාබාධවල ගොදුරු බවට පත්වෙති.
    ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට දෙවරක් සිතන්නට ශ්‍රී ලංකාවේ ජීවත්වන අපට සිදු වී ඇති බව අවබෝධ කරගැනීම අතිශයින් වැදගත් ය.

    source : FB
     
    Last edited:

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට දෙවරක් සිතන්න
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට දෙවරක් සිතන්න

    දෙවරක් හිතල මොකද කරන්න ඕන ? ගන්න ආපු දේ පැත්තකින් තියල ඊලග කඩේට යන එකද ? එකේ තියෙන්නෙත් ඕවම තමා.
    දැන් කරන්න වෙලා තියෙන්නේ මිලදී ගනිද්දී දෙවරක් හිතන එක නෙමෙයි. මිලදී ගැනීම පැත්තකින් තියල පුළුවන් විදියට වවාගෙන කන එක.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    කොස් පට්ට බන්.වහ දැම්මත් කන්න හිතෙනවා.මම ආසම කිරි කොස්.:P:P:P:P

    20170331-Kiri-Kos-Maluwa.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම හිතන්නෙ ඕක බොරු කතාවක්
    හේතු කීපයක් ඇතුව

    1 . හාපික් වල තියන්නෙ ටිකක් සාන්ද්‍ර අම්ල තියන සංයෝගයක්. ඒකට අනිවාර්යෙන් කොස් මදුලු ඩැමේජ් වෙන්න ඕන. මොකද හාපික් නිකන් සිමෙන්ති පොලවට වැටුනම සිමෙන්තිය ඩැමේජ් වෙන විදියට කොස් මදුලු වලට හානියක් නොවී තියෙන්න කිසිම හේතුවක් නැහැ

    2. හාපික් දාල ටොයිලට් එක හේදුවම ඒකෙ තියන ස්මෙල් එක දවස් 3ක් විතර යනකන් ටොයිලට් එකේ පවා තියනවා. එහෙම එකේ කොස් හාපික කලවම් කරපු වතුරෙ දාල තිවුනම හාපික් වල ස්මෙල් එක එන එකක් නැහැ කියලා හිතනවද

    3. අනිවාර්යෙන් හාපික වල රස එන්න ඕන.

    මේකත් අර හරියට තෙල් වලට ප්ලාස්ටික් බෝතල් දානවා කියන කතාව ලියපු මෝඩයම ලියපු එකක්ද කොහෙද. ඒකෙත් දැනට අපි කෑමට ගන්න කිසිම තෙල් වර්ගයක් ප්ලාස්ටික් උනු වෙන උශ්නත්වයට රත් කරන්න බැහැ. ප්ලාස්ටික් වල ද්‍රවාංකයට වඩා තෙල් වල තාපාංකය අඩුයි. ප්ලාස්ටික් උණු වෙන්න කලින් තෙල් ටික වාශ්ප වෙලා ඉවරවෙනවා
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ

    හාපික් වල නෙමේනෙ ‍කොස් දාලා තියනවා කියන්නෙ. හාපික් දිය කරපු වතුරෙනෙ. වතුර ලීටරයකට හාපික් බිංදු කීපයක් වෙන්නත් පුළුවන්.
     
    :D:D:D:D

    උබ නොදන්න දේවලුත් තියෙනවා බ්‍රෝ..watch...:D

    https://www.facebook.com/laktv.net/videos/1163820053758947/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    හාපික් වල නෙමේනෙ ‍කොස් දාලා තියනවා කියන්නෙ. හාපික් දිය කරපු වතුරෙනෙ. වතුර ලීටරයකට හාපික් බිංදු කීපයක් වෙන්නත් පුළුවන්.

    එහෙම පොඩ්ඩක් නම් දාන්නෙ අර කියපු විදියට අත පය තුවාල වෙන්න විදියක් නැහැ. අනික අපි හාපික් යූස් කරන වෙලාවට වතුරත් කලවම් නොවුනු ඒවා පෑගෙනවා එහෙමනේ. එහෙම උනා කියල හානියක් වෙලා නැහැනේ. ලොකු ප්‍රමානයක් දීර්ග කාලීනව එක්ස්පෝස් උනොත් සමහර විට ඔය කියන විදියට තුවාල වෙයි

    :D:D:D:D

    උබ නොදන්න දේවලුත් තියෙනවා බ්‍රෝ..watch...:D

    https://www.facebook.com/laktv.net/videos/1163820053758947/

    ඔය වෙන මොකද්ද මගුලක්නේ කරන්නෙ. මෙතන කියල තියෙන්නෙ කපලා හාපික් වතුරේ දාල තියනවා කියලා නේ.
    එකක් ඔය ලංකාවෙ සීන් එකක් නෙමෙයි. අනික ඔය කොස් ඉදවන්නම කරන කරමයක්. මොකද ලංකවට වඩා ඔය කොස් තියන ගොඩක් රටවල පලතුරක් විදියට යූස් කරන නිසා.