~~ රස මුසු කතා ~ ~ Part II

ObeliX

Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    නීරොගේ සින්දුවලින් බෙරෙන්න උපක්‍රමයක්

    රොමයේ අධිරාජයා ලෙසට පත් නීරෝගේ ඊලඟ අපේක්ෂාව වූයේ ප්‍රසිද්ධියේ ගී ගැයිම බව රෝම ඉතිහාසඥ ස්‍රයිටොනිස් සඳහන් කර ඇත.
    ගීත ගායනය හදාරා ප්‍රථම ගායනය නේපල්ස් හිදී පැවැතිවීය. හදිසියේ ඇතිවූ භූමි කම්පාවක් නිසා රැස්ව සිටි බොහෝ අය ශාලාවෙන් පැන
    ගියහ. එත් ගායනය නතර කලේ නීරෝ නොවේ. පසුව පැවති ගායන ප්‍රසංගයක් නීරෝ පැවැත් වූයේ සෙනග පිටවී යැම නැවැත්වීම පිනිස ගේට්ටු
    වසාගෙනය.
    ගායනය කොතරම් දිර්ගවීදයත් ගර්භනින් දෙතුන් දෙනෙකුට ශාලාව තුළදීම ළමයින් ලැබී ඇත. සමහරු රැඳී සිටිමට අපහසු නිසා
    වටේට වූ තාප්ප වලින් පැන අතපය කඩා ගත්හ. ශාලාවේ හෝ ශාලාව පැවති භූමියේ නිදා ගැනීම තහනම් විය. ගායනය අතරතුර අත්පුඩි ගැසිම
    ජයඝෝෂා නැඟීම අනිවාර්ය විය. නීරෝගේ ගී ඇසීමට කොටු වී සිටි තිදෙනෙක් කරදරයෙන් බේරීමට හොඳ උපක්‍රමයක් යොදා ගත්හ. එක් අයෙක්
    මිය ගියා සේ සිටි අතර අනෙක් දෙදෙනා මළ සිරුර ඔසවා ගෙන යමින් මුරකරුවන් ලවා ගෙට්ටුව අරවාගෙන එළියට යාමට සමත් වුහ.


    ගණිකා නිවාස තියෙනවාදැයි ඇසුවා

    කැන්ටබරිහි ආකිබ්ෂොප් වරයා ප්‍රථම වරට නිව්යෝක් බලා යැමට නියමිත විය. නිව්යෝක්හීදි පුවත්පත් හා රූපවාහිනී වාර්තාකරුවන්ගේ ප්‍රශ්න වලට
    ඉතා පරෙස්සමින් පිළිතුරු දිය යුතු බවත් ප්‍රශ්න කාරී අන්දමේ පිළිතුරු දීමෙන් වැළකී සිටින ලෙසත් උපදේශකයෝ අවවාද කලහ.

    ගුවන් යානයෙන් පිටතට පැමිණි ආකිබ්ෂොප් වරයා පිළිගැනීමට විශාල සෙනගක් සිටි අතර ඒ අතර මද්‍යවෙදීහු රැසක් වුහ. මද්‍යවෙදීහු විවිධ ප්‍රශ්න ඇසුහ.
    එක් මද්‍ය වේදියෙක් මයික්‍රෆෝනය මුවට ලන්කර මෙසේ ඇසිය.

    "බිෂොප්තුමණි මැන්හැටන් වල තියෙන ගණිකා නිවාස විශාල ප්‍රමාණයක් ගැන ඔබ තුමාගේ අදහස කුමක්ද?"

    පිළිතුරු දීමේදී ප්‍රවේසම් විය යුතු බවට ලැබුණු උපදෙස මතකයට නගා ගත් බිෂොප්වරයා " මැන්හැටන්වල ගණිකා නිවාස තියෙනවාදැ " යි පුදුම වී ඇසිය.

    පසුදින නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ මෙසේ පලවිය. " නිව්යෝක් වෙත පැමිණි ආකිබ්ෂොප් වරයා පළමුවෙන්ම ඇසුවේ මැන්හැටන් වල ගණිකා නිවාස තිබේද කියාය."


    වෙළඳ උපක්‍රමයක්

    ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් විදියේ පිහිටි සෙල්ෆිජස් වෙළෙඳසල ඉතා ප්‍රසිද්ධය. ගොර්ඩන් සෙල්ෆිජ මෙය සාමාන්‍ය තත්වයෙන් ආරම්භ කළේය. මෙය ඉදිරිපිට පාරේ
    විරුද්ධ පැත්තෙ තිබූ විශාල වෙළඳ නාම පුවරුවේ " විවෘත කර වසර සියයයි " යන්න විශාල ලෙස සටහන් කර තිබුණේ ගනුදෙනු කරුවන්ගේ සිත් ඇද ගැනීමටය.
    එය දුටු සෙල්ෆිජ තම වෙළඳසලේ පුවරුවේ විශාල අකුරින් මෙසේ සටහන් කළේය. " විවෘත කළේ පසුගිය සතියේ. අප ළඟ පරණ බඩු නැත. "


    චර්චිල්ට ලිපියක්

    බ්‍රිතාන්‍යයේ පාසලක ශිෂ්‍යයකු වු ටොම් පාසල ඇරී ගෙදර විත් මව සමඟ මෙසේ කීවේය.

    " අම්මේ අපි මේ දවස් වල චර්චිල් ලියපු ' ඉංග්‍රීසි කතා කරන ජනතාවගේ ඉතිහාසය " කියන පොත ඉගෙන ගන්නවා. අපි කට්ටියක් එකතු වෙලා චර්චිල්ට ලියුමක්
    ලියන්නයි යන්නේ. "

    "හරි හොඳයි. චර්චිල් මහත්තයා හරියට සන්තොස වෙවි" මව කීවෙය.

    " ඒක මං දන්නේ නෑ. අපි ලියලා අරින්නේ මීට පස්සේ නම් පොත් ලියන්න එපා කියලා"
    (මෙම පුවත අසා චර්චිල් ද බෙහෙවින් රස වින්ද බව පැවසේ)


    මහා සාගතයට හේතුව

    ජොර්ජ් බර්නාඩ් ෂෝ සහ චිත්‍රපට අධ්‍යක්ෂ ඇල්ෆ්රඩ් හිච්කොක් වරක් මුණ ගැසුණි. ෂෝ ඉතා කෙට්ටු සිරුරකින් යුක්ත වු අතර හිච්කොක් තරබාරු අයෙකි.

    " ෂෝ මහත්තයා දිහා බැලුවාම හිතෙන්නෙ කාලයක් එංගලන්තයේ මහා සාගතයක් තිබුණා කියලයි " හිච්කොක් ෂෝට විහිලුවක් කලේය.

    "ඒ වුණාට හිච්කොක් මහතා දිහා බැලුවාම අපට කෑම හිඟ වුණ මහා සාගතයට හේතුව කාට වුණත් පෙනේවී " ෂෝ කීවේය.


    සොරකමක් පිලිබදව සතුටු වූ අන්දම

    බටහිර ප්‍රකට උගතකුව සිටි මැතිව් හෙන්රි වටකරගත් සොර පිරිසක් ඔහුට පහරදි ඔහුගේ මුදල් පසුම්බිය උදුරාගෙන පලා ගියහ . ඔහු මේ පුවත තම දින පොතේ මෙසේ
    සටහන් කරේය.
    මින් පෙර කිසිම දවසක මගෙන් කිසිවක් සොරගෙන නොතිබීම ගැන පලමුව සතුටු වෙම්.
    දෙවනුව, මගේ ජිවිතය සොරා නොගෙන පසුම්බිය සොරා ගැනීම පිළිබඳව සතුටු වෙම්.
    තුන්වැනිව, මා සන්තකෙට තිබු දේ ගත්තත් එතරම් යමක් නොවිම ගැන සතුටු වෙමි.
    සතරවැනිව, මගෙන් සොරකම් කලා මිස මා සොරකම් කලෙ නැති නිසා වඩාත් සතුටු වෙමි.


    මුණුපුරාගෙ වැඩ

    අර පරෙස්සමක් නැතුව හිතුමතේ වියදම් කරමින් මුදල් නාස්ති කළ තම මුණුපුරකුට අර පරිස්සම ණය නොවී සිටීම ආදිය පිළිබඳව උපදෙස් දෙමින් අවවාද
    කරමින් වික්ටෝරියා රැජින දිග ලියුමක් යැවුවාය. ටික දිනකින් මුණුපුරාගෙන් රැජිනට ලිපියක් ලැබිණි.

    එහි මෙසේ විය. " අදරණිය ආච්ච්, මට අවවාද කර එවු ලිපියට බොහොම ස්තුතියි. ඒ ලිපිය මම පවුම් පහකට වික්කා ".


    වසර 30 ක්ම !!

    වර්සේල්ස් හි විසු රෙග්නියර් මහත්මිය ලොව මෙතෙක් විසු වඩාත් ම සංවේදී කාන්තාව ලෙස සැලකේ. රජයේ නීතිඥයකු ගේ බිරිද වූ ඇයට පවුලේ කතා බහක දී
    " පිස්සු කතා කරන්නේ නැතිව කට වහගෙන ඉන්නවා" යැයි ඇගේ සැමියා තරමක කෙන්තියෙන් කීවෙය.

    මේ සිද්ධිය වූයේ 1842 දීය. රෙග්නියර් මහත්මිය ඉන්පසු කිසි ම දවසක කා සමඟවත් වචනයක්වත් කතා කලේ නැත. 1872 ඇය මිය ගියේ ද වචනයක් වත් කථා නොකරය.
    ඇයට කතා කරන ලෙස සැමියාත් පවුලේ අයත් කොතරම් ඇවිටිලි කලත් වසර 30 ක් ම නිහඬව උන්නේ ය.


    ඊළඟ වතාවේදී.........

    ප්‍රකට කෝටිපති ජෝන් ඩී. රොකෆෙලර් කුඩා අවදියේ දැඩි විනයක් සහිතව ඇති දැඩි විය. සුළු වරදකදී පවා මාපියෝ වේවැල් පහර දී දඬුවම් කලහ. වරක් මව ඔහුට
    වේවැල් පහර දෙන අතරේ තමා අදාළ වරද නොකළ බව ඔහු ඇයට ඒත්තු ගැන්විය.

    " හොඳයි, නොකරපු වරදකට වේවැල් පහර දීලා තිබෙන්නේ. ගහපු පාරවල් ගණන මට මතකයි. ඊළඟ වැරැද්දෙදී මේ ගාන අඩු කරනවා. " යැයි මව පහරදීම නවතා
    පවසා ඇත.



    Part i නොබැලු ඩුලා පුටාලා සඳහා
    http://www.elakiri.com/forum/showthread.php?t=1794402
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට තමා තෙර්ඩ් කියන්නෙ ..ගන්ඩ දෙයක් තියෙනව ...රෙප් දුන්න..දිගටම කරගෙන යන්ඩ