රහතකු හඳුනාගන්නේ කෙසේද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රහතකු හඳුනාගන්නේ කෙසේද?

    සංයුක්ත නිකායෙ කෝසල සංයුක්තයේ එන ජටිල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට
    රහතකු හෝ රහත් මඟට පිළිපන්නෙකු හඳුනාගන්නේ කෙලෙසද යන වග විස්තර කර ඇත්තේ මෙසේය.

    * කම් සැප විඳින ගිහියෙකුට මෙය ඉතා අපහසු කාර්යක් වන අතර

    එකට විසීමෙන් ශීලය හඳුනාගත යුතුය
    එයද සුළු කලකින් හඳුනාගත නොහැකි අතර
    දීර්ඝ කාලයක් ණුවනින් පරීක්ෂා කළ යුතුය
    නුවණැත්තෙකු විසින්ම හඳුනාගත යුතුය

    පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන් හඳුනාගත යුතුය
    එයද සුළු කලකින් හඳුනාගත නොහැකි අතර
    දීර්ඝ කාලයක් ණුවනින් පරීක්ෂා කළ යුතුය
    නුවණැත්තෙකු විසින්ම හඳුනාගත යුතුය

    විපතකදී එයට මුහුණදෙන ආකාරය හඳුනාගත යුතුය
    එයද සුළු කලකින් හඳුනාගත නොහැකි අතර
    දීර්ඝ කාලයක් ණුවනින් පරීක්ෂා කළ යුතුය
    නුවණැත්තෙකු විසින්ම හඳුනාගත යුතුය

    සාකච්ඡා කරමින් ප්‍රඥාව පරික්ෂා කළ යුතුය
    එයද සුළු කලකින් හඳුනාගත නොහැකි අතර
    දීර්ඝ කාලයක් ණුවනින් පරීක්ෂා කළ යුතුය
    නුවණැත්තෙකු විසින්ම පරික්ෂා කළ යුතුය

    5. ´´ මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩ්ත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන,
    මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට
    පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය ( අපහසුය.)

    6. ´ මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා
    බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ.
    මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා
    බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ,
    විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය.
    මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන්
    ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි
    නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ.'

    8. ´´ ස්වාමීනි මොව්හු මාගේ චෞරයෝය. චරපුරුෂයෝය. ඒ ඒ ජනපදවල කරුණු විමසා ඇවිද එන්නාහුය. ඔවුන් විසින්
    පළමුකොට සෝදිසි කළ තැනට මම පසුව යන්නෙමි. ස්වාමීනි, දැන් ඔව්හු ඒ දැලිකුණු සෝදා හැර හොඳින් නා, විලවුන් ගල්වා,
    කෙස් රැවුල් කපා හැර, සුදු පිළි හැඳ, පස්කම් ගුණයෙන් යුක්තව පස්ඉඳුරන් පිනවන්නාහුය´´.

    9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.
    ´´ පාටින් හා සටහනින් මිනිසා දතහැකි නොවේ. දැකීම් පමණින් මිනිසකු විශ්වාස නොකරන්නේය. හොඳට සංවර වූවන්ගේ
    විලාසයෙන් හික්මීම නැත්තෝ මෙලොව හැසිරෙති. රනින් කරණ ලද්දකට සමාන වූ මැටියෙන් කළ කුණ්ඩලයක් මෙන්ද,
    පිටත රන් ගෑමෙන් රනින් වැසුනු ලෝහ අඩමස්සක් මෙන්ද, සමහරු පිටත්තර පරිෂ්කාරයෙන් වැසුනෝව ඇතුළත අපරිශුඬයෝව
    පිටතින් පමණක් ශෝභමානව හැසිරෙති.´´


    www.apiniwemu.blogspot.com
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වටිනා කරුණු ටිකක් සහෝ... බොහොම පින්... තෙරුවන් සරණයි.. :)
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    රනින් කරණ ලද්දකට සමාන වූ මැටියෙන් කළ කුණ්ඩලයක් මෙන්ද,
    පිටත රන් ගෑමෙන් රනින් වැසුනු ලෝහ අඩමස්සක් මෙන්ද, සමහරු පිටත්තර පරිෂ්කාරයෙන් වැසුනෝව ඇතුළත අපරිශුඬයෝව
    පිටතින් පමණක් ශෝභමානව හැසිරෙති.´´

    :) :)
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හදුනා ගත නොහැක..කල හැක්කේ තමනුත් ඒ තත්වයට පැමින තමා තුලින් රහත් බව දැකීම පමණි.තමාගේ රහත් බව දැකිය හැක්කේ තමට පමණි.රහත් වන්නෙ සිතයි.කය පිලිබඳ දැක රහත් බව හදුනාගත නොහැක.ගිහියන්ට නොමනා වචනයෙන් බැන වැදුනු රහතන් වහන්සේල බුදු සමයේ පවා සිටියා..එහෙව් එකේ පෘතජනයා කෙසේ රහතුන් හදුනා ගනිත්ද ???
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වටින පෝස්ට් එකක් යාලුව.

    සොම ඈන්ටි නේද ලංකාවෙ රහත්අය පරීක්ෂා කරන්නෙ.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හදුනා ගත නොහැක..කල හැක්කේ තමනුත් ඒ තත්වයට පැමින තමා තුලින් රහත් බව දැකීම පමණි.තමාගේ රහත් බව දැකිය හැක්කේ තමට පමණි.රහත් වන්නෙ සිතයි.කය පිලිබඳ දැක රහත් බව හදුනාගත නොහැක.ගිහියන්ට නොමනා වචනයෙන් බැන වැදුනු රහතන් වහන්සේල බුදු සමයේ පවා සිටියා..එහෙව් එකේ පෘතජනයා කෙසේ රහතුන් හදුනා ගනිත්ද ???

    හඳුනාගත නොහැකියි ම කියන්න බෑනෙ ඉතින් බුදු හාමුදුරුවොම කියලා තියෙනවා පුලුවන් හැබැයි ගොඩක් අමාරුයි කියලා. රහතන් වහන්සේලා විතරක් නෙමෙයි විනය පිටකෙ කතා වල බුදුන් වහන්සේ පවා තදින් පාරාජිකාවන්ට පත් වෙච්ච භික්ෂූන්ට බනිනවා. ඒ ඉතින් ද්වේශයකින් නෙමෙයිනෙ අපිට හිත කියවන්න බෑනෙ.