[FONT="]
[/FONT]
[FONT="].......... ඔය කියන දුක ආර්යන්වහන්සේ කෙනෙක්ට නැහැ. උන්වහන්සේලා අකුසල් වැඩීමක් නෑ වගේම කුසල් වැඩීමත් අහවර කරලා තමයි ආර්යයන්වහන්සේ නමක් බවට පත් වෙන්නේ. නාම - රූප එකතුවෙන් සකස්වෙලා තියෙන සිරුරේ සහ අනිකුත් දේහි බිඳී යාම, නොපැවැත්ම උන්වහන්සේලා අත්දැකීමෙන් සහ ප්රත්යක්ෂයෙන් දැනගෙන සිටින නිසා දුකේ දැනීමක් නැහැ. ඒ වගේම තමන්ට අනතුරක් කරන්න පැමිණෙන සත්ත්වයකුගේ නියම ස්වභාවය රහතන්වහන්සේට දකින්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න සර්පයෙක් දෂ්ට කරන්න එනවා කියලා. රහතන්වහන්සේ දකිනවා මේ සර්පයා කියන්නේ අපි දාගත්ත සම්මුති හැඳින්වීමේ නමයි, සර්පයා කියන්නෙත් නාම - රූප එකතුවක්, ඒ නාම - රූප එකතුවේ ස්වභාවය අනිත්‍යයි, අනාත්මයි කියලා. ඕක දැක්කම ප්රත්යක්ෂයෙන් මොන මනුස්සයාද සර්පයාට බය වෙන්නේ අනේ. ඉතින් ඔය තත්ත්වය රහතන්වහන්සේ නමක් සාමාන්‍ය මිනිසකුගෙන් වෙනස් කොරලා දක්වනවා. [/FONT]
[FONT="]යම් තැනකට ආර්යයකු ගමන් කරද්දී ඒ මග සිට දුවගෙන එන්නෙක් කිව්වොත් ඔය පැත්තට යන්න එපා අහවල් විෂකුරු සතා ඉන්නවා පණ බේරගන්නයි කියලා ඒක නොඅසා ඉන්නෙ නෑ. නමුත් තමන් යන කාර්යය අනුව තමන්ගේ ගමන යනවා. නොයනවානම් නොයන්නේ සර්පයාට බිය නිසා නොවේ, ඒ සර්පයා වෙහෙසට පත් කරන්න තියෙන අකමැත්ත නිසා. [/FONT]