රාගය පිලිබදව...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රාගය


    ස්ත්‍රීන් දැකීමය, ඔවුන් ගේ ක්‍රියා දැකීමය, ඔවුන්ගේ හඬ ඇසීමය, ඔවුන් ගේ ගන්ධය ආඝ්‍රාණය කිරීමය, ඔවුන්ගෙන් ලැබෙන රසය වැළඳීමය, ඔවුන්ගේ ශරීර ස්පර්ශය ලැබීමය, ඔවුන් හා සම්භාෂණයෙහි යෙදීමය, තවත් ක්‍ර‍මවලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳ ව පුරුෂ චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභය ද, පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් ස්ත්‍රී චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභය ද රාග නම් වේ. මෙය සමහරවිට නිෂ්ප්‍රීතික ද වන්නේ ය. සමහරවිට තවත් පුරුෂයකු සම්බන්ධයෙන් පුරුෂයකුට ද, ස්ත්‍රියක සම්බන්ධයෙන් ස්ත්‍රියකට ද රාගය ඇති වේ. මෙය මෛත්‍රී කරුණා ශ්‍ර‍ද්ධාදි අනේක වේශයන් ගෙන් පහළ වී වඤ්චා කරන ධර්මයකි.

    මෛත්‍රී රූපයෙන් වඤ්චක රාගය

    තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් කිසිවකුට රාගය ඇති වුවහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නො දෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමාහට නුසුදුසු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නො ලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තා ගේ අදහසට සුදුසු වන සැටියට පුද්ගල තත්ත්වයට සුදුසු වන සැටියට මෛත්‍රී වේශය ගන්නේ ය. මෛත්‍රී වේශයෙන් හෙවත් මිත්‍ර‍ත්වයේ ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගය පහළ වන්නේ ය. එසේ පහළ වූ කල්හි ඔහුට එය රාගය ම බව නො දැනෙන්නේ ය. එයට රැවටුණු වූ හෙතෙමේ “මෛත්‍රිය හෙවත් මිත්‍ර‍ත්වය සැම දෙනා සමග ම පැවැත්වීමට සුදුසු දෙයකැ” යි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේ ය. එයට වැඩෙන්නට අවකාශ දෙන්නේ ය. එසේ අවකාශ ලැබූ රාගය මෛත්‍රී වේශයෙන් ක්‍ර‍මයෙන් වැඩී පසුව රාගයේ සැටියට ම සිට ක්‍රියාකාරිත්වයට ද පැමිණෙන්නේ ය. මෙබඳු කරුණු වලින් පරෙස්සම් වීම ඉතා දුෂ්කර ය. නුවණැතියෝ ද මේවාට මුළා වී අන්තයේ දී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි ඇති වේ. එයට වසඟ වී අන්තිමේ දී ඔවුහු ශ්‍ර‍මණ ධර්මයෙන් ද පිරිහෙති.

    කරුණා වේශයෙන් වඤ්චක රාගය

    පොහොසතුන්ට දුප්පත් ස්ත්‍රීන් පිළිබඳ ව ඇති වන රාගය සමහරවිට කරුණා රූපයෙන් පහළ වේ. එයට රැවටුන තැනැත්තේ අනුන්ගේ අමාරුවට පිහිට වීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට සංග්‍ර‍හ කරන්නේ ය. ඔවුන් හා ආශ්‍ර‍යට ද යන්නේ ය. දුම්රිය බස්රිය ආදියේ ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. දුබල රෝගියකු මහල්ලකු මැහැල්ලක පැමිණි කල්හි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතු වුව ද එබඳු අවස්ථාවල දී ඒ පැත්තවත් නො බලන සමහරු, හොඳින් හැඳ පැළඳ ගත් තරුණ කාන්තාවක පැමිණෙනු දුටහොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහර විට දක්නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුළ කරුණා රූපයෙන් පහළ වූ රාගයෙනි. රෝගාතුර වූ ස්ත්‍රීන් දක්නා කල්හි ද සමහරුන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. එයට රැවටුණාහු තමන් මේ කරනුයේ කුමක් ද කියා නො දැන ම කරුණා කිරීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට උපකාර කරන්නාහු ය.

    ශ්‍ර‍ද්ධා වේශයෙන් වඤ්චක රාගය

    ශෝභන රූපය හා මිහිරි කට හඬ ද තරුණ බව ද ඇත්තා වූ භික්ෂූන් දක්නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍ර‍ද්ධා වේශයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වේ. භික්ෂුව සම්බන්ධයෙන් තමන් ගේ සිත්හි පහළ වී තිබෙන දෙය ශ්‍රද්ධාව නොව අනෙකක් බව ඒ කාන්තාවෝ නො දනිති. එයින් මෙහෙයවන ලද ඔවුහු ඉන් පෙර භික්ෂුවකට කිසි සැලකිල්ලක් නො කළාහු ද “බොහොම හොඳ හාමුදුරුවෝ යැ” යි පසසමින් ඒ භික්ෂුව කරා නිතර එළඹෙති. සැලකිලි ද කරති. සමහර විට ඒ භික්ෂුව පසසමින් අන්‍ය භික්ෂූන්ට නින්දා කරන්නට ද බසිති. ඔවුන් ගේ මේ ශ්‍ර‍ද්ධාව කුමක් ද යන බව ඔවුන් තබා ඔවුන් ගේ හිමියෝ ද නෑයෝ ද නො දනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැතියකු මෙය දැන ගෙන කිව හොත් ඔවුහු ඒ තැනැත්තාට ද විරුද්ධ වන්නාහ. ඊර්ෂ්‍යා කාරයෙකැ යි දෝෂාරෝපණය කරන්නාහ. ක්ලේශ වඤ්චනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසු වෙද්ද යන බව මෙබඳු කරුණු වලින් තේරුම් ගත හැකි ය.

    පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක රාගය

    පුණ්‍යකාමතා යනු පින් කරනු කැමති බවය. ශ්‍ර‍ද්ධා රූපයෙන් උපන් රාගය ම පසුව පුණ්‍යකාමතා රූපය ගන්නේ ය. එයින් මෙහෙයනු ලැබූ ස්ත්‍රීහු “පින් කරමි” යි තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්ෂූන්ට දන් දෙති. භික්ෂූන් වෙසෙන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින් වේ ද නො වේ ද යන බව නිශ්චය කිරීම ඉතා දුෂ්කර ය. දර්ශන රාගය ද පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යයි පිරිත් පින්කම් බණ පින්කම් යන්නේත් වන්දනා ගමන් යන්නේත් පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණි රාගයා ගේ මෙහෙයීමෙනි.

    කෘතඥතා වේශයෙන් වඤ්චක රාගය

    කෘතඥතා යනු කෙළෙහි ගුණ සැලකීම ය. ස්ත්‍රියක අතින් උපකාරයක් ලැබූ පුරුෂයා කෙරෙහි ද පුරුෂයකුගෙන් උපකාරයක් ලත් ස්ත්‍රිය කෙරෙහි ද සමහර විට කෘතඥතා වේශයෙන් රාගය පහළ වේ. කෘතඥතා ප්‍ර‍තිරූපක රාගයට රැවටුණ පුරුෂ තෙමේ තේ කෝප්පයකින් මුත් තමාට සංග්‍ර‍හ කළ ස්ත්‍රිය ගේ බොහෝ ගුණ දකී. “ගුණ අමතක කිරීම නො වටනේ ය.” යි ඇය ගැන සැලකිලි කරන්නට වෙයි. ස්ත්‍රීහු ද එසේම ය. සමහරවිට තමන්ට උපකාර කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන්ට ද කෘතඥතා ප්‍රතිරූපය ඇතිවේ.

    සමානාත්මතා වේශයෙන් වඤ්චක රාගය

    අන්‍යයන් ද තමා හා සම තත්ත්වයෙහි තබා සිතන ස්වභාවය සමානාත්මතා නමි. එය උතුම් ගුණයකි. බොහෝ සෙයින් පොහොසත්තු දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු දෙයකැයි සලකති. එහෙත් දුප්පත් කාන්තාවන් කෙරෙහි රාග වශයෙන් ඇල්ම පොහොසතුන්ට ද ඇති නො වන්නක් නොවේ. පොහොසත් තරුණයකුට දුප්පත් පවුල තරුණියක ගැන ඇල්ම ඇති වූ කල්හි, ඔහු තුළ පවත්නා වූ දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු ය යන හැඟීම ඇය හා සම්බන්ධකම් පැවැත්වීමට බාධාවක් වෙයි. එකල්හි ඒ රාගය සමානාත්මතා වේශය ගන්නේ ය. එයට රැවටුණු තැනැත්තේ සමානාත්මතා නමැති ගුණය ඉදිරිපත් කර ගෙන රාගයෙන් දුප්පතුන් ඇසුරු කරන්නට පටන් ගනී.

    ප්‍ර‍තිසංස්කාරකාමතා වේශයෙන් වඤ්චක රාගය

    තමා කරා පැමිණෙන්නවුන්ට ප්‍රිය වචනයෙන් කථා කොට අවස්ථාවට සුදුසු හැටියට සංග්‍ර‍හ කරන ස්වභාවය ප්‍ර‍තිසංස්කාරකාමතා නමි. මෛථුනාධ්‍යාශමය රාගය යැයි ඇතැමෙක් වරදවා සිතති. දැකීම, ප්‍රිය සම්භාෂණය ආදිය පිළිබඳ වූ ආශාවත් රාගය ම ය. දර්ශනයෙන් හා කථා කිරීමෙන් ද ආස්වාදය ඇතිවන කෙනකු තමන් වෙත පැමිණි කල්හි ඒ ආස්වාදය විඳිනු කැමති බව වූ රාගය පටිසන්ථාර කාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ තමා වෙත පැමිණි තමාගේ මන පිනවන ආගන්තුකයා සමීපයට කැඳවා ඔහු හා ප්‍රිය සම්භාෂණයෙහි යෙදෙන්නේ ය. ආදරයෙන් ඔහුට සංග්‍ර‍හ කරන්නේ ය. ඔහු තමා කෙරෙන් ඉවත් ව යන්නට උත්සාහ කළත් ඉක්මණින් එය සිදු කර ගන්නට ඉඩ නො දෙන්නේ ය. හැකි තාක් කාලයක් ආගන්තුකයා නවත්වා ගන්නට උත්සාහ කරන්නේ ය. ඔහු ආගන්තුකයා ගේ පැමිණි කාරණය ද ඉතා ඕනෑ කමින් ඉටුකර දෙන්නේ ය.

    පරාභිවෘද්ධිකාමතා වේශයෙන් වඤ්චක රාගය

    අනුන් ගේ දියුණුවට කැමති බව පරාභිවෘද්ධිකාමතා නමි. සමහර විට රාගය පරාභිවෘද්ධි කාමතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ ස්ත්‍රීන්හට ඉගෙනීමට උපකාර කිරීම, රක්ෂාවල් සොයා දීම යන ආදිය අනුන් දියුණු කිරීමේ කැමැත්තෙන් කරන දෙයක් සැටියට කරන්නේ ය. ස්ත්‍රීන්ට පමණක් නොව සමහර ළමයින්ට ද පරාභිවෘද්ධි කාමතා ප්‍ර‍තිරූපක රාගයෙන් සංග්‍ර‍හ කරති. රාගය බොහෝ වෙස් ගන්නා ධර්මයකි. ප්‍රිය වාදිතා, ධර්ම දේශනා කාමතා, ධර්ම ශ්‍ර‍වණ කාමතා, දාතු කාමතා, පරීක්ෂණතාදී රාගය ගන්නා වූ තවත් බොහෝ වේශයෝ ඇත්තාහ.

    -වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම -


    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

    (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද,

    අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගොඩක් අය වරද්ද ගන්න තැන් ටිකක්
    :):):)
    දුම්රිය බස්රිය ආදියේ ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. දුබල රෝගියකු මහල්ලකු මැහැල්ලක පැමිණි කල්හි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතු වුව ද එබඳු අවස්ථාවල දී ඒ පැත්තවත් නො බලන සමහරු, හොඳින් හැඳ පැළඳ ගත් තරුණ කාන්තාවක පැමිණෙනු දුටහොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහර විට දක්නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුළ කරුණා රූපයෙන් පහළ වූ රාගයෙනි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    45412843_1966470940086885_1376565090274246656_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    සම්පූර්ණ ඇත්ත මචන්..දැනට අවුරුදු 50කට කලින් කිසිම ලාබ සත්කාරයක් බලාපොරොත්තු නොවී සිංහල බෞද්ධයන්ට සරල ලෙස බුදු දහම පැහැදිලි කරල ...මේ පොත් පෙල ලියල උන්නාන්සෙ පිරිනිවන් පෑවා...
    ඒ දවස්වල තිබ්බ පාදිලි උවදුරටත් විරුද්ධවත් උන්නාන්සෙ පෑනෙන් සටන් කලා. අද ඉතින් පාදිලිල මහණ වෙලා සාසනෙ ඇතුලෙන්ම සාසනේ කන්න පටන් අරන්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මට විතරද හිතෙන්නේ සමහර වෙලාවට මේ අපි ලොකු නම් වලින් හදුන්වන ප්‍රමය ආදරය වැනි එවායේ යටි අරමුණු හුදු එක්විමක් පමණක් කියා?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන් මට විතරද හිතෙන්නේ සමහර වෙලාවට මේ අපි ලොකු නම් වලින් හදුන්වන ප්‍රමය ආදරය වැනි එවායේ යටි අරමුණු හුදු එක්විමක් පමණක් කියා?

    ඔය වැඩ හැම එකකම වගේ එකම/ මුලිකම අරමුණ ආශ්වාදය...

    ඇසට ප්‍රිය රූප
    කණට ප්‍රීය ශබ්ද
    නාසයට ප්‍රිය ගන්ධ
    දිවට ප්‍රිය රස සහ
    කයට ප්‍රිය ස්පර්ශ පතාගෙන තමයි හැම මගුලම කරන්නේ.. මොකෙක් හරි කිව්වොත් නැහැ නැහැ මම දෙමාපියන් පෝශනය කරන්න මේ දේවල් කරන්නේ කියලා.. ඌට කණට එකක් ගහලා අහපන් උඹේ දෙමාපියන් හොදින් ඉන්නවා දැක්කම සතුටු වෙන්නේ කවුද? උඹේ දෙමාපියන් හොදින් ඉන්නව ඇහුවම සතුටු වෙන්නෙ කවුද කියලා..