රථවිනීතසුත්තං (රථ විනීත සූත්‍රය)
> සීලවිශුද්ධිය (ශීලයේ පිරිසිදු බව), චිත්තවිශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය.
> චිත්ත විශුද්ධිය (හිතේ පිරිසිදු බව), දිට්ඨිවිශුද්ධිය ලැබීම ප්‍රයොජනකොට ඇත්තීය.
> දිට්ඨිවිශුද්ධිය (නාම රූප දෙක ඇති සැටි දැකීම), කංඛාවිතරණ විශුද්ධිය ලැබීම ප්‍රයොජනකොට ඇත්තීය.
> කංඛාවිතරණ විශුද්ධිය (නාම රූපයන් පිළිබඳ සැක දුරුකිරීම), මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය.
> මග්ගාමග්ග (මග නොමග දැනීම), ඤාණදස්සන විශුද්ධිය පටිපදා ඤාණස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය.
> පටිපදා ඤාණදස්සන (මුදුන් පැමිණි විදර්ශනා ඥානය හා සත්‍යානුලොමික ඥානය), විශුද්ධිය ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය.
> ඤාණදස්සන විශුද්ධිය (සෝවාන් ආදී සතර මාර්ග ඥානය), අනුපාදා පරිනිර්වාණයට පැමිණීම ප්‍රයෝජනකොට ඇත්තීය.