හරි හරි අපිට තියෙන්නේ රාගික ඇස් එහෙමත් නැත්නම් රාගික මනස්. කෙල්ලෝ කොහොම ඇන්දත් කමක් නෑ. එහෙම කමක් නෑ කියන්න තිබුණා අපි ඇමරිකාවෙ ඉපදුනානං. එහෙම නැත්නං රාගය කියන කාලකන්නි හැඟීම ප්‍රහීන කරලා නං. (ඒ කියන්නෙ ඇමරිකාවෙ එවුන් රාගය ප්‍රහින කරලා කියලා හෙම නෙවෙයි.)
රාගය කියන්නේ අපි උපතින්ම ගේන කාලකන්නි හැඟීමක්. අපේ සංස්කෘතිය කියන රත්තරන් පෙට්ටියෙන් ඒ හැඟීම වහලා යටපත් කරලයි තියෙන්නේ. සමහර වෙලාවට මේ රාගය පෙට්ටියේ පුංචි සිදුරකින් රිංගා ඇවිත් අපිව කුලප්පු කරනවා. රාගය ඇවිස්සුනාම අපිට අපිව පාලනය කර ගන්න අමාරුයි. මේ තක්කඩි කෙල්ලො උන්ගෙ තියෙන අමාරුවට බාගෙට ඇඳගෙන ඇවිත් අපේ රාගයට ඇවිස්සෙන්න ඉඩ හදලා දෙනවා. මේ ඇවිස්සුනු රාගයෙන් දුර්වල වූ සිත් ඇති එවුන් කොහේ හරි ඉන්න අහිංසක කෙල්ලෙක්ව අමාරුවෙ දානවා. දැන් මේකට වැරදි අර අහිංසක කෙල්ලද, ඒ කෙල්ලව අමාරුවෙ දාපු කොල්ලද, නැත්නම් උගෙ රාගය අවුස්සපු බාගෙට ඇඳපු කෙල්ලද, නැත්නම් අපේ රත්තරන් සංස්කෘතියද?
ඒ විතරක් නෙවෙයි අර තරම්ම දුර්වල නොවූ එහෙත් සාමාන්‍ය කොල්ලන් මේ රාගයෙන් උමතු වී නොයෙක් දුරාචාරයන්ට යොමු වෙනවා. ජීවිතයෙ පරම සැපත එයයි සිතලා නොයෙක් වැරදි ක්‍රම වලින් සංතෝෂ වෙන්න පුරුදු වෙනවා.මේවට වග කියන්න ඕනි අර කාලකන්නි බාගෙට හෙළුව වහ ගත්ත කෙල්ල නොවෙයිද?
ඇමරිකාවෙ වුනා නං කමක් නැහැ කිව්වෙ. උන්ට රැක ගන්න සංස්කෘතියක් කියලා දෙයක් ඇත්තෙම නැති නිසා. උන්ට රාගය වටිනා වස්තුවක් නිසා.
මගේ ආදරණිය නංගිලා මං මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. අපේ උතුම් සංස්කෘතියට ගරු කරලා ඔය හෙළුව හරියට වහගන්න.
කොහොම වුනත් කසුන් ලස්සනට පද ගලපලා කාලින වැදගත් කමක් තියෙන මාතෘකාවක් ගැන කතා කරන්න අපට ඉඩ හදා දුන්නට ඔබට පිං.
නොබලා ඉන්න පුළුවන් හිත දියුණු කරපු කෙනෙකුට. ඒත් අපිට බෑ. අපි අමාරුවෙන් හරි හිත හදා ගන්නවා. ගොඩාක් අයට ඒකත් බෑ. පුළුවන් වගේ හිටියට ඔවුන් රාග ගින්නෙන් දැවෙනවා. බුදු හාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සරත් බොහෝ සෙයින් සිත දියුණු කරපු උතුමෙක්. අපි පෘතග්ජනයෝ. අපි අපේ සංස්කෘතියට අනුව ජිවත් වුණා නම් ඉවරයිනේ..ඔයා කියන්නෙත් මන් කියපු දේම තමයි. බුදුන් බුදුවෙන්න ප්‍රථම දස මාර සේනාවක් පැරදුවා දන්නවා ඇතිනේ , ගැහැණුන්ගේ කෝලන් බුදුන් විසින් පැරැද්දුවනේ , ඒ හිත මූලික කරගෙන , අපිට කෙනෙක් දිහා බොහොම පිරිසිදුව බලන්න පුලුවන් , අපේ අක්කලා , නංගිලා ,දිහා බලනවා වගේ , ඔයා කියනවා කොටට ඇදපු කෙනෙක් ගැන ඇයි එයා දිහා දිගටම බලන්නේ නොබල ඉන්න පුලුවන්නේ , බලන්න බලන්න කියන්නේ හිත, එහෙම නේද? කොහෙන් ගියත් හිත මුල් වෙලා ඇති....
නොබලා ඉන්න පුළුවන් හිත දියුණු කරපු කෙනෙකුට. ඒත් අපිට බෑ. අපි අමාරුවෙන් හරි හිත හදා ගන්නවා. ගොඩාක් අයට ඒකත් බෑ. පුළුවන් වගේ හිටියට ඔවුන් රාග ගින්නෙන් දැවෙනවා. බුදු හාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සරත් බොහෝ සෙයින් සිත දියුණු කරපු උතුමෙක්. අපි පෘතග්ජනයෝ. අපි අපේ සංස්කෘතියට අනුව ජිවත් වුණා නම් ඉවරයිනේ..
ඔවු කොහෙන් ගියත් හිත මුල් වෙනවා. අර මෝඩ කෙල්ලන්ට බාගෙට අදින්න හිතෙන්නෙත් හිත මුල් වෙලා නේ.
මට පෞද්ගලිකව මේ විදිහට ඇඳපු ගෑණු ළමයි ව කරදරයක් වෙලා තියෙනවා. අපි ආසයි හැම කෙල්ලෙක් දිහා ම සහෝදරියක් වගේ බලන්න. ඒත් මේ වගේ එවුන් දිහා අපට ත් නොදැනීම ආපහු බැලෙනවා. එතකොට රාගයත් සහෝදර හැඟීමත් අතර ගැටුමක් ඇති වෙනවා. මේක ඔලුවට වදයක් නොවෙයිද?
මගෙ කලින් කමෙන්ට් එකේ තිබුණු කරුණු දෙකත් ඉතා වැදගත් කරුණු දෙකක්. එහෙම අමාරුවෙ වැටුණු කෙල්ලෝ කොල්ලෝ අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා.
මේ ඔක්කොමත් හරි කියමුකො. මුං ට මොකක්ද මේ බාගෙට හෙළුව පෙන්නන්න තියෙන අමාරුව?
![]()
ඇගේ රාගී රූ සපුව
දැක හැගුම් ජනිතවන
නැත නමුදු තවකෙකුට එය
ඇය නොව නුබෙ ඇස්ය රාගික
(විශේෂ ස්තූතිය අයියණ්ඩීට)





Hmm true "ඇය නොව නුබෙ ඇස්ය රාගික"![]()
ඕනම දෙයක් බල විදිය අනුව තමයි ඒක අපිට පේන්නේ නියමයි සහෝ
සහෝදරයට කොට ගවුම් එක්ක ලොකු ගැටීමක් තියෙනවා වගේ... ඔව් ගොඩක් දුරට ඒ අයත් වැරදී , සමහර විට ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඇති , නැත්නම් හොදට හිතල බලලම එහෙම ඇදගෙන එනවත් ඇති, රටක සංස්කෘතියක් තියේනම් ඒ අනුව හැඩ ගැසිය යුතුයි , ඒසේ නොහැකිනම් යම්තාක් දුරකට හෝ තහන්චි පැනවීමක් රජයකට කරන්න සිදුවේවි..


කොට ගවුම් විතරක් නෙවෙයි සහෝ... සමාජයේ බොහෝ තැන් එක්ක මගේ ගැටීමක් තියෙනවා.
අනිත් එක බාගෙට හෙළුව පෙන්වීම කියලා මං අදහස් කලේ කොට ගවුම් විතරක් නොවෙයි. ගොඩක් කෙල්ලො එයාලගෙ යට ඇඳුම පේන්නයි ඇඳුම් ඇඳලා තියෙන්නේ. හංගගෙන ඉන්න ඕනි අඟපසඟ වලින් කොටසක් විවර වෙන්න අඳින අයත් ඉන්නවා. මේකට මේ ළමයින්ගේ අම්මලා වග කියන්න ඕනි. මට කේන්ති මේ අයගේ මෝඩ වැඩ නිසා අමාරුවෙ වැටෙන්නේ ඒ අය විතරක් නොවීමයි. හරියට සිගරැට් බීම වගේ. මේකෙන් අනිත් අයයි වැඩිපුර අමාරුවේ වැටෙන්නේ. රොන් අයියගේ කමෙන්ට් එකටත් මං එකඟයි.
ඒත් අපි සිතිය යුත්තේ කොහොමද මේ සමාජයෙන් මේ විකාර සිතුවිලි අයින් කරන්නේ කියලා.
හිතන්න සංවරව ඇඳලා යන තරුණ ගෑණු ලමයෙක් ගැන. ඇය ගැන සොහොයුරියක් වගේ හිතන්න අපිට අමුතු ආයාසයක් ගන්න ඕනිද? නෑ නේද?
ඒත් අඩ නිරුවතින් යන ගෑණු ලමයෙක් දැක්කම අපට අර රාගික සිතුවිල්ලයි සහෝදර සිතුවිල්ලයි අතර ගැටුමක් අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. මේ ගැටුම අපේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න බධා කරනවා. ඒක එහෙම නෑ කියලා අවංකවම හිතට එකඟව කාට හරි කියන්න පුළුවන්ද?
ආණ්ඩුවෙන් මේවා පාලනය කරනවා කියන්නේ අපූරු විහිළුවක්. පාලනය කරන්න ඕනි දේවල් වත් පාලනය නොකරන ආණ්ඩුවක් මේවා පාලනය කරයිද? අනිත් එක එතකොට මේ කාන්තා සමිති උසාවි යයි ඒ ගොල්ලන්ගේ ඇඳුම් නොඇඳ සිටීමේ අයිතිය නැති කළා කියලා...![]()
ප්‍රේමය ප්‍රේමය කියල අපි පට්ට ගැහුවට බුදු බණේ නම් තියෙන්නෙ වෙනම කතාවක්නෙ ඉතින්....
තණ්හාව කියන සර්වත්‍ර කුලකය ඇතුලෙ තියෙන තවත් උප කුලකයක් තමයි ප්‍රේමය....
රාගය කියන එකනම් ඉතින් උඹේ කවියෙ තියෙනව වගේම අපේ හිත් ඇතුලෙම ඇතිවෙන දෙයක් තමයි..
කවිය එළමකිරි මචන්............!!!