රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    FB_IMG_1689007893285.jpg

    රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?

    මේ ස්ත්‍රියක් කාම රංගනයේ යෙදී සිටියදී ලබාගත් X-ray රූප කිහිපයකි.

    ඉතින් ඇයි ඔබට රාග සිතක් ඇති නොවුණේ? මොකද, ඔබ ඇටසැකිල්ලකට ප්‍රිය නොකරන නිසාත්, ශරීරය තුළ ඇති යතාර්ථය සැබැවින්ම දුටු නිසාත් ය.

    එහෙත් මේ ඡායාරූපම සම්, මස් වලින් පිරී තිබෙනවා ඔබ දුටුවා නම් කාමය නමැති සිත තුල ඇති මුලාව නිසා නිසැකයෙන්ම ඔබට රාග සිත් උපදිනවා.

    ඒ නිසා අවබෝධ කරගන්න, ස්ත්‍රී පුරුෂ රූප වල කාමය නෑ. කාමය නම් ඔබේ සිතේ ඇති මුලාව නිසා උපදින සිතිවිලි පමණි. සංකල්පයක් විතරයි. සිතේ ඇතිවෙන ඇල්මක්, සිහිනයක් වගේ.

    සෑම ශරිරයක්ම සතර මහා ධාතු ගොඩකි. කුණප අසුචි කොටස් 32 කි. ඇවිදින වැසිකිලියක් බඳු කුණප කොටස් ඇති මේ කයට ස්ත්‍රී පුරුෂ සංඥාවක් ඇති කරගෙන ඇලෙන්නේ අපේ හිතෙන් නේද? බාහිර ඇත්තටම තියෙන්නේ ඇවිදින වැසිකිලි නේද?

    මේ ඇත්ත නොදකින පිට ඔපයට රැවටෙන මෝඩයෝ මේ ශරීරයට නොයෙක් නම්/නිමිති/බෙදීම්/වටිනාකම් යොදාගෙන රාගයෙන් බැඳෙති. රාග ගින්නෙන් දැවෙති. බොහෝ දුකට පත්වෙති.

    ඒ නිසා මුලාව සත්‍යයක් ලෙස නොදැක, යථාර්ථය දකින්න මහන්සි ගන්න. කයෙහි යථා ස්වභාවය දකින්න. අනිත්‍ය හා අසුබ සංඥාව පුරුදු කරන්න. අට්ඨික සංඥාව වඩන්න. රාග ගින්නෙන් නොදැවෙන ජීවිතයකට ප්‍රඥාවෙන් ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුරුදු වෙන්න.

    #copied
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ මංදා එහෙම බැලුවොත් කුණුවෙච්ච කෑම ගොඩක් පෙන්නලා අහන්න පුළුවන් ඒක දැකලා බඩගිනි උනේ නෑ නේද එහෙනම් ඇයි ප්‍රනීත කෑම දැක්කම බඩගිනි වෙන්නේ කියලා.කොච්චර කෑවත් අන්තිමට ඒවා ශරීරයෙන් පිට වෙන්නේ අසුචී වෙලානේ ඒ නිසා නොකා ඉන්න උත්සාහ කරන්න කියනවා වගේ වැඩක්. කෑම වගේම මිනිස් පැවැත්මට ඕකත් අත්‍යවශ්‍යයි හැබැයි කෑමට වගේම තමයි පාලනයක් නැති උනොත් අන්තිමට කෙලවර වෙන්නේ ලෙඩකින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මංදා එහෙම බැලුවොත් කුණුවෙච්ච කෑම ගොඩක් පෙන්නලා අහන්න පුළුවන් ඒක දැකලා බඩගිනි උනේ නෑ නේද එහෙනම් ඇයි ප්‍රනීත කෑම දැක්කම බඩගිනි වෙන්නේ කියලා.කොච්චර කෑවත් අන්තිමට ඒවා ශරීරයෙන් පිට වෙන්නේ අසුචී වෙලානේ ඒ නිසා නොකා ඉන්න උත්සාහ කරන්න කියනවා වගේ වැඩක්. කෑම වගේම මිනිස් පැවැත්මට ඕකත් අත්‍යවශ්‍යයි හැබැයි කෑමට වගේම තමයි පාලනයක් නැති උනොත් අන්තිමට කෙලවර වෙන්නේ ලෙඩකින්

    රස කෑම කන්න හොයන එකත් ඇලීමක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    සෑම ශරිරයක්ම සතර මහා ධාතු ගොඩකි. කුණප අසුචි කොටස් 32 කි. ඇවිදින වැසිකිලියක් බඳු කුණප කොටස් ඇති මේ කයට ස්ත්‍රී පුරුෂ සංඥාවක් ඇති කරගෙන ඇලෙන්නේ අපේ හිතෙන් නේද? බාහිර ඇත්තටම තියෙන්නේ ඇවිදින වැසිකිලි නේද?
    අසුචි කියන්නේ මොකද්ද ?
    අයි අසුචි දැක්කම අසුබ සංඥාවක් ඇතිවෙන්නේ ඇයි ? ඔය අසුචි වලම xray එකක් අරගෙන බැලුවොත් එහෙම එකක් උපදින්නේ නෑ .
    ඒ කියන්නේ ඔය ශරීරය දිහා බලලා ඇතිකරගන්න කියන අසුබ සංඥාව තියෙන්නෙත් හිතේ විතරයි.
    නහයක් නැති එකෙක්ට අසුචි වල ගදක් දැනෙන්නේ නෑ . ඌ ට ඇසුත් නැත්නම් ඔය කියන අසුබ සංඥාව වඩන්න බෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    ශර්රය දිහා බලාලා ප්‍රිය විදයට හිතන එකේම අනිත් පැත්ත තමයි ශරීරය දිහා බලලා අසුබ , කුණු ගොඩක් කියලා හිතෙන එක .
    දෙකම හිතේ තියෙන්නේ. එහෙම නැතුව ප්‍රිය දෙයක් නෙවෙයි අසුචි ගොඩක් කියන එක ඇත්ත නෙවෙයි/ නිවැරදි නැ . . අසුචි කියන්නේ අප්‍රිය දෙයක් වෙන්නේ අසුචි වල ඇලෙන්න ගියාම . 🥴 නැත්නම් ඒවා නිකන්ම පදාර්ථය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    ශර්රය දිහා බලාලා ප්‍රිය විදයට හිතන එකේම අනිත් පැත්ත තමයි ශරීරය දිහා බලලා අසුබ , කුණු ගොඩක් කියලා හිතෙන එක .
    දෙකම හිතේ තියෙන්නේ. එහෙම නැතුව ප්‍රිය දෙයක් නෙවෙයි අසුචි ගොඩක් කියන එක ඇත්ත නෙවෙයි/ නිවැරදි නැ . . අසුචි කියන්නේ අප්‍රිය දෙයක් වෙන්නේ අසුචි වල ඇලෙන්න ගියාම . 🥴 නැත්නම් ඒවා නිකන්ම පදාර්ථය
    :shocked:ubata mokada une e para
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    උබට ඇටකටු වලට ප්‍රිය සංඥා උපදලා පුරුද්ද තියනව නේ ............. :lol:

    e7FwYvK.jpg
    මෙයා දැකලා රාග සිතක් නම් පහළ වුණේ නෑ. සමපෝෂ කම්පැණියට හදන්න හොද ඇඩ්වටීස්ට්මන්ට් එකකට මරු අයිඩියා එකක් නම් පහළ වුණා.