රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?
මේ ස්ත්‍රියක් කාම රංගනයේ යෙදී සිටියදී ලබාගත් X-ray රූප කිහිපයකි.
ඉතින් ඇයි ඔබට රාග සිතක් ඇති නොවුණේ? මොකද, ඔබ ඇටසැකිල්ලකට ප්‍රිය නොකරන නිසාත්, ශරීරය තුළ ඇති යතාර්ථය සැබැවින්ම දුටු නිසාත් ය.
එහෙත් මේ ඡායාරූපම සම්, මස් වලින් පිරී තිබෙනවා ඔබ දුටුවා නම් කාමය නමැති සිත තුල ඇති මුලාව නිසා නිසැකයෙන්ම ඔබට රාග සිත් උපදිනවා.
ඒ නිසා අවබෝධ කරගන්න, ස්ත්‍රී පුරුෂ රූප වල කාමය නෑ. කාමය නම් ඔබේ සිතේ ඇති මුලාව නිසා උපදින සිතිවිලි පමණි. සංකල්පයක් විතරයි. සිතේ ඇතිවෙන ඇල්මක්, සිහිනයක් වගේ.
සෑම ශරිරයක්ම සතර මහා ධාතු ගොඩකි. කුණප අසුචි කොටස් 32 කි. ඇවිදින වැසිකිලියක් බඳු කුණප කොටස් ඇති මේ කයට ස්ත්‍රී පුරුෂ සංඥාවක් ඇති කරගෙන ඇලෙන්නේ අපේ හිතෙන් නේද? බාහිර ඇත්තටම තියෙන්නේ ඇවිදින වැසිකිලි නේද?
මේ ඇත්ත නොදකින පිට ඔපයට රැවටෙන මෝඩයෝ මේ ශරීරයට නොයෙක් නම්/නිමිති/බෙදීම්/වටිනාකම් යොදාගෙන රාගයෙන් බැඳෙති. රාග ගින්නෙන් දැවෙති. බොහෝ දුකට පත්වෙති.
ඒ නිසා මුලාව සත්‍යයක් ලෙස නොදැක, යථාර්ථය දකින්න මහන්සි ගන්න. කයෙහි යථා ස්වභාවය දකින්න. අනිත්‍ය හා අසුබ සංඥාව පුරුදු කරන්න. අට්ඨික සංඥාව වඩන්න. රාග ගින්නෙන් නොදැවෙන ජීවිතයකට ප්‍රඥාවෙන් ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුරුදු වෙන්න.
#copied
ubata mokada une e para